
( ටී.කේ.ජී.කපිල )
ඉන්දීය රජය විසින් පරිත්‍යාග කළ අංග සම්පූර්ණ ජංගම ආරෝග්‍යශාලා දෙකක් රැගෙන ඉන්දීය ආපදා ආධාර ගුවන් යානයක් අද (12) දින පස්වරු 05.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
මෙම ගුවන් යානය තුළ මෙම රෝහල් වලට අවශ්‍ය වෛද්‍යවරුන් , හෙදියන් , උපස්ථායකයින් ඇතුළු හමුදා රෝහල් කාර්යය මණ්ඩලය සදහා 73 දෙනෙකුගෙන් යුතු නිලධාරීන් පිරිසක් ද , ස්කෑන් යන්ත්‍ර , ඖෂධ , පානීය ජල බවුසර් , ගිලන් රථ , කසළ බදුන් ඇතුළු අංග සම්පූර්ණ රෝහලකට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය රැගෙන විත් තිබුණි.
මෙයින් එක් රෝහලක් වැලිමඩ ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇතත් , මේ වනවිට එම ස්ථානයට ලගා වීමට අපහසු තත්වයක් පවතින බව ඉන්දීය ප්‍රකාශකවරයෙකු පැවසීය .
මෙම වෛද්‍ය උපකරණ රැගත් ගුවන් යානය අද (12) ඉන්දියාවේ අග්‍රා නුවර සිට පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා වේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා සහ යුධ හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

2025 දෙසැම්බර් මස 04
210
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
382
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
385
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දීය ආධාර ගුවන් යානයක් කටුනායකට
fairoos Wednesday, 03 December 2025 12:52 PM
සැලියුට් සර්...