ගත වූ පැය 24 දී කොරෝනා වයිරසය ආසාදිතයන් 61, 267 දෙනකු වාර්තා වීමත් සමඟ ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 66ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව අවසන් පැය 24 දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 884 දෙනකු වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 103,569ක් දක්වා ඉහළ ගියේය.
ඉන්දියාවෙන් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන ඉකුත් සෙනසුරාදා 100,000 ඉක්මවා ගියේය. ලොව කොරෝනා වයිරස ආසාදිත මරණ ලක්ෂයක් වාර්තා වන තෙවැනි රට වන්නේ ද ඉන්දියාවයි. එහි මුල්තැන ඇමෙරිකා එක්සත් ජනපදය පසුවන අතර බ්‍රසීලය දෙවැනි තැන පසුවෙයි.
මේ රටවල් තුනෙහි ම වයිරසය පාලනය වන තත්ත්වයක් පෙනෙන්නට නැති අතර දෛනික වාර්තා ගත ලෙස ආසාදිතයන් වාර්තා වෙමින් තිබේ.
මේ අතර පසුගිය සතියේදීද කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමට ඉන්දියාව පියවර ගත්තේ ය. ඒ අනුව පාසල් සහ සිනමාශාලා විවෘත කිරීමට ප්‍රාන්තවලට අවසර දීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුව පියවර ගත්තේ ය.
රොයිටර්
(055)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉන්දියාවේ ලක්ෂ 66කට කොරෝනා