(ටී.කේ.ජී.කපිල )
ඉන්දියාවේ සිට ගුවන් මගීන් 230 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(22) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ගුවන් යානය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් මෙන්ම , කොළඹ වරාය තුළ නැංගුරම් ලා ඇති විදේශීය නැව් වල සේවය කිරීමට පැමිණෙන ඉන්දීය ජාතික නාවිකයන් පිරිසක් ද සිටින බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
මෙම ගුවන් මගීන් පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.- 281 දරන විශේෂ ගුවන් යානයෙන් 6/22 දින උදෑසන 6.28 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම සියලුම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කෙරුණි .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉන්දියාවේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් කටුනායකට
සමිත සේනක අලුත්ගමගේ. Monday, 22 June 2020 04:31 AM
දැඩි ආරක්ෂාකාරී වැඩපිළිවෙළක් සහිතව, ඉතාමත් පරිස්සමින් වැඩකටයුතු කිරීම වැදගත්.. නැතහොත්, පළමුව නිලධාරීන්ට බෝවී පසුව රටට හැදේවි...
විපරමා Monday, 22 June 2020 04:31 PM
ඉන්දියාව අපේ අසල්වැසි රට... කොරෝනා කාරයින්ට වෙඩි. පරිස්සම් වෙන එක ඇඟට ගුණයි...