ඉන්දියාවේ මිලියන ගණනකට කොරෝනා වයිරසය ආසාදනය වීමේ අවදානමක් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය මෙන්ම ලොව දෙවැනි වැඩිම ජනගහනයකට හිමිකම් කියන රට වන ඉන්දියාවේ සමස්ත ජනගහනය බිලියන 1.3කි. ඉන් මිලියන 400කට වැඩි පිරිසක් ජීවත් වන්නේ ජනාකීර්ණ නගරවලය. ඔවුන් කිසිවකුටත් විධිමත් ලෙස පිරිසුදු ජලය හෝ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාවක් නැතැයි අල්ජසීරා පුවත් සේවය පෙන්වා දේ. එම තත්ත්වය සලකා බැලීමේදී එම පිරිස් අතර වයිරසය වේගයෙන් අවදානමක් ඇතැයි එම පුවත් සේවය වාර්තා කරයි.
කොරෝනා වයිරසය පැතිර යෑමේ අවදානම නිසා සති තුනක කාලයකට රට සම්පූර්ණයෙන් වසා දැමීමට ඉන්දීය රජය මාර්තු මස 24 වැනිදා පියවර ගත්තේය. ඒ හේතුවෙන් දෛනික රැකියාවල නිරත වූ මිලියන ගණනකට රැකියා අහිමි වී තිබෙන ඇතැම් පිරිසක් සහන කඳවුරුවලට යොමු කර ඇත. තවත් දහස් ගණනක් බස්රථවලින් නගරවල සිට තම ගම්බිම් බලා ගියහ. කිසිදු අවස්ථාවක් නොලැබුණු තවත් දහස් ගණනක් තමන්ගේ ගම්බිම් බලා සැතපුම් ගණනක් ඇවිද යමින් සිටිති.
‘‘ප්‍රජාව අතර මෙය වේගයෙන් පැතිර යන්න පුළුවන්. එය දැනගන්න පුළුවන් එකම දේ පරීක්ෂා කර බැලීම පුළුල් කිරීම. පුළුවන් තරම් පරීක්ෂා කිරීම’’ යැයි ඉන්දියාවේ බෝපාල්හි ගෝලීය සෞඛ්‍ය පර්යේෂකයකු වෛද්‍ය ආනන්ත් බාන් පැවැසීය.
වයිරසය ආසාදනය වූ පසු පෙන්නුම් කරන්නේ උණ හා කැස්ස වැනි සාමාන්‍ය සහ සුළු රෝග ලක්ෂණය. බොහෝ දෙනකුගේ තත්ත්වය එය එසේ වුවත් රෝගීය තත්ත්වය දරුණු වන්නේ වයස්ගත සහ දැනට විවිධ රෝගාබාධ ඇති පිරිස්වලටය.
ලොව අනෙක් රටවල් හා සැසඳීමේදී ඉන්දියාවේ වයස්ගත ජනගහනය අඩු නමුත් එරට සෞඛ්‍ය පහසුකම් ඉතා සීමිතය. වෙනත් රෝගවලින් පෙළෙන රෝගීන් විශාල පිරිසක් ඉන්දියාවේ සිටින ඔවුන්ට පහසුකම් සැපයීම ද මේ වනවිට ඉන්දියාවට ගැටලුවක් වී තිබේ.
‘‘මේ සියල්ල සැලකීමේදී අපේ විශාල ජනගහනය අපගේ ලොකුම අභියෝගය බවට පත්වෙලා’’ යැයි මහජන සෞඛ්‍ය පර්යේෂකයකු වන ඕමෙන් කුරියාන් ‘ඒ.පී.’ පුවත් සේවයට කීය.
ඉන්දියාව තවමත් ප්‍රමාණවත් පරිදි කොරෝනා ආසාදිත බව අනාවරණය කරගන්නා පරීක්ෂා කිරීම් පුළුල් කිරීමට පියවර ගෙන නැත. හදිසි බියක් ඇති කිරීම වැළැක්වීම සහ රෝහල්වලට දරාගත නොහැකි තරමට රෝගීන් පැමිණීම වැළැක්වීම එහි අරමුණ යැයි ද ඉන්දීය බලධාරීහු කීහ.
ඉන්දියාව කොරෝනා පරීක්ෂණ නොමිලේ පවත්වන අතර එක් පරීක්ෂණයක් සඳහා ඉන්දීය රුපියල් 5,000 (ඇමෙරිකානු ඩොලර් 67ක්) වැය වන බවත් පැවසේ.
ඉන්දියාවේ මහජන සෞඛ්‍ය පද්ධතියට ප්‍රමාණවත් පරිදි මුදල් නොලැබෙන අතර කොරෝනා වයිරසය මුදල් වෙන් කිරීමත් සමඟ ඉන්දියාවේ අනෙකුත් සෞඛ්‍ය ප්‍රශ්න සඳහා වෙන් කෙරෙන මුදල් ප්‍රමාණය අඩු වනු ඇතැයි පැවසේ. ඉන්දියාව ඔවුන්ගේ වාර්ෂික අයවැයෙන් සෞඛ්‍ය සඳහා වෙන් කරන්නේ සියයට 3.7ක් පමණි.
නිරෝධායන මධ්‍යස්ථාන සහ හුදෙකලා කිරීමේ වාට්ටු අපවිත්‍ර යැයි චෝදනා කරමින් ජනතාව ඉන් පලා යෑම හේතුවෙන් ද ඉන්දියාවේ නිරෝධායන ක්‍රියාවලිය දැඩි අවුලකට ගොස් තිබෙන අතර සෞඛ්‍ය බලධාරීහු ද බරපතළ අර්බුදයකට මුහුණු පා සිටිති.
ඉන්දියාවේ සේවකයන් මිලියන 470න් සියයට 80ක් සිටින්නේ අවිධිමත් ආර්ථික ක්ෂේත්‍රයේ යැයි ද ඔවුන්ට කොන්ත්‍රාත් හෝ නිශ්චිත වැටුප් ගෙවීමේ ක්‍රමවේදයක් නැතැයි ද ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබිණි. එමෙන්ම ඔවුන් කිසිවකුත් කම්කරු නීතිවලින් ආරක්ෂා වී නැතැයි ද‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත් වාර්තාවේ දැක්විණි. ඔවුන් බොහෝ දෙනා කම්කරුවෝය. ඇතැම් පිරිස් කර්මාන්තශාලාවල සේවය කරති. ඇතැම් අය සේවයේ යෙදෙන්නේ වීදිවලය. තවත් දස දහස් ගණනක් සංක්‍රමණික සේවකයන් වන අතර ගම්බිම්වල පැමිණ නගරවල විවිධ රැකියාවල නිරත වෙති.
දෛනික වැටුප්වලට සේවය කළ මිලියන ගණනකට රැකියා අහිමි වී තිබෙන අතර ඔවුහු කොරෝනා වයිරසයෙන් නොව කුසගින්නෙන් මියයෑමේ අවදානමකට මුහුණ පා සිටිති.
කොරෝනා ආසාදනය වී ඇතැයි සැක පිරිස් පරීක්ෂා කරන්නැයි ද හැකි තරම් පරීක්ෂා කරන්නැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබුණ ද පරීක්ෂා කිරීම් පුළුල් නොකරන බව ඉන්දීය බලධාරීහු කියති. ප්‍රමාණවත් පරිදි පරීක්ෂා නොකිරීමෙන් කොරෝනා ආසාදිතයන් අනාවරණය නොවන බවත් ඒ තුළින් මිලියන ගණනකට කොරෝනා වයිරසය ආසාදනය වීමේ අවදානමක් ඇති බවත් බොහෝ පාර්ශව ඉන්දියාවට අනතුරු අඟවා ඇත.
එහෙත් ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පරීක්ෂාවට ලක් කරන්නේ සීමිත ප්‍රමාණයක් යැයි ද දරුණු ස්වසන රෝග ඇති පිරිස්වලට ප්‍රතිකාර කළ පිරිස් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව ද ‘අල් ජසීරා’ පුවත් සේවය වාර්තා කර තිබිණි.
දිනකට 8,000ක් පරීක්ෂා කිරීමට පහසුකම් තිබුණ ද ඉන්දියාව දිනකට කරන්නේ පරීක්ෂණ 90ක් බවත් ‘ඒ.පී.’ පුවත් සේවය මාර්තු මස තෙවැනි සතියේදී වාර්තා කර තිබිණි. ඉන්දියාව එම කාලය වනවිට 11,500ක් පරීක්ෂාවට ලක් කර තිබිණි. මාර්තු 19 වැනිදා වනවිට රජයට අයත් පරීක්ෂණාගාරවලදී ඉන්දියාව කොරෝනා පරීක්ෂණ 14,175 දෙනකු පරීක්ෂාවට ලක් කර තිබිණි.
විදෙස් මාධ්‍ය ඇසුරිනි
ඡායාරූප – රොයිටර්
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉන්දියාවේ මිලියන ගණනක් කොරෝනා අවදානමට
de silva Wednesday, 01 April 2020 11:40 AM
ක්‍රිකට් ගහන්න ඩොලර් කොටි ගණනක් වියදම් කරන සිනමා තරු , ක්‍රිකට් තරු , වැනි ප්‍රකෝටි පතියන්ට ඉදිරියට පැමිණ ධනය පර්ත්‍යගකර තම ජනතාව කුසගින්නෙන් බේරා වහාම කල යුතුය. සිනමා සහ ක්‍රිකට් තරග නැරඹීමටත් ජනතාවක් සිටිය යුතුය .
Samanwil Wednesday, 01 April 2020 12:07 PM
අපේ දේශපාලකයින්ට බලාගන්නත් එක්ක හොදයි.
Prabha Wednesday, 01 April 2020 12:31 PM
අපේ මුහුදු සීමාවෙ ආරක්ෂාව වැඩිකිරීම හොදයි වගේ...