IMG-LOGO

ඉන්දියාවේ නාවික හමුදා කඳවුරක කොරෝනා පැතිරෙයි

ඉන්දියාවේ බටහිර , මුම්බායි නගරයේ නාවික හමුදා කඳවුරක කොරෝනා වයිරසය පැතිර යන බව ඉන්දීය ආරක්ෂක නිලධාරීන් වාර්තා කර තිබේ.

එම කඳවුරෙන් කෝවිඩ් - 19 ආසාදිතයන් 21 දෙනකු තහවුරු කරගෙන ඇතැයි නාවික හමුදාව පවසයි.

මොවුන් බොහෝ දෙනකු රෝග ලක්ෂණ නොපෙන්වූ බවද සඳහන් වේ.

ඔවුන් සියලු දෙනාම එකම නිවාසයක නේවාසිකව සිටි අය වන අතර මේ වනවිට එම කළාපය සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.

කොරෝනා ආසාදිත නාවික සෙබලුන් 21 දෙනාම රෝහල් ගතකළ බව ඉන්දීය සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ.

කෙසේ වුවද කිසිදු නෞකාවක හෝ සබ්මැරීනයක ආසාදිතයන් වාර්තා නොවන බවද ඔවුහු සඳහන් කරති.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ඉන්දීය නාවුක හමුදා ප්‍රධානී කරම්බීර් සිං අවධාරණය කර සිටියේ නෞකා සහ සබ්මැරීන වෛරසයෙන් තොර කළාප ලෙස පවත්වාගෙන යෑම ඉතා වැදගත් බවයි.

"මෙවැනි වසංගතයක් අප මීට පෙර දැක නැහැ, මෙය ඉතාම භයානක වයිරසයක්, එය ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් වලට අසාමාන්‍ය බලපෑම් ඇතිකර තිබෙනවා. කොවිඩ් - 19 සමග සටන් වදින භටයන් වසංගතයෙන් ආරක්ෂා වීම ඉතාම වැදගත්" යැයි ඔහු පැවසීය. 

ඉන්දියාවේ පැතිරෙමින් පවතින වසංගතය මැඩපැවැත්වීමට නාවුක හමුදාව ප්‍රබල ලෙස දායක වෙයි.

නිරෝධායන කඳවුරු පවත්වාගෙන යන අතර නාවුක හමුදා රෝහල් කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථාන බවට පත්කර තිබේ.

ඉන්දියාවේ මේ වනවිට කොවිඩ් - 19 ආසාදිතයන් 11 906ක් සිටින අතර මරණ 480ක් වාර්තා වී තිබේ.

රටේ සියලුම ප්‍රධාන නගර කොවිඩ් - 19 රතු කළාප ලෙස නම් කර ඇත.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

ඉන්දියාවේ නාවික හමුදා කඳවුරක කොරෝනා පැතිරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site