IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ඉන්දිය‍ාවේ දූවිලි මෙරටටත් ගලා ඇවිත්

(ඩයනා උදයංගනී)

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘මැන්ඩවුස්‘ සුළි කුණාටුවේ බලපෑමෙන් ඉන්දියාවේ සිට දූවිලි අංශු ගලාඒම නිසා මෙරට වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා ලංකාදීපයට පැවසීය.

මේ දිනවල රටපුරා ප්‍රදේශවල පවතින අඳුරු ස්වභාවය සහ මීදුම් ස්වභාවයට හේතුව මෙය බව ද ඔහු සඳහන් කළේය.

ගම්පහ සහ කොළඹ ආදී දිස්ත්‍රික්කවලට මෙහි වැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, වායු තත්ව මාපක දත්ත අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ වායුගෝලීය අංශු ප්‍රමාණය ඒකක 200ක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ අංශු ප්‍රමාණය ඒකක  167 ක් දක්වා ඉහළ ගොස් ඇත.

රට පුරා සෑම ප්‍රදේශයකටම පාහේ මෙහි බලපෑම පවතින බව ද සරත් ප්‍රේමසිරි මහතා කීවේය.

දැනට මෙරටට බලපා ඇති සුළි කුණාටුව හෙට (9) දිනය වනවිට ඉන්දියාවේ තමිල්නාඩු පුදුචෙරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිත අතර, ඒ සමඟ ක්‍රමයෙන් මෙම දූවිලි තත්වය ද පහව යනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මෙම දූවිලි අංශු ශරීරයට ඇතුළුවීමෙන් ශ්වසන රෝග ආදිය ඇතිවිය හැකි බැවින් මේ දිනවල එළිමහනේ ගැවසෙන විට මුහුණු ආවරණයක් පැළඳීම ඉතා වැදගත් බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම එළිමහනේ ගැවසීම අඩු කළ යුතු අතර, හැකිතාක් නිවෙස්වල දොර ජනෙල් වසා තැබීම ද වැදගත් බව ප්‍රේමසිරි මහතා කීවේය.

(ඡායාරූප- ළහිරු හර්ෂණ)



අදහස් (0)

ඉන්දිය‍ාවේ දූවිලි මෙරටටත් ගලා ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 452 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16913 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site