IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ඉන්දියාව කොරෝනා ආසාදිතයන් මිලියන දෙක පසුකරයි

නිල සංඛ්‍යාලේඛන වලට අනුව ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් මිලියන දෙක පසුකර තිබේ.

ලෝකයේ කොරෝනා ආසාදිතයින් මිලියන දෙකේ සීමාව පසුකළ තෙවන රට වන්නේ ඉන්දියාවයි.
 
විචාරකයින් පවසන්නේ ඇමරිකාවට හෝ බ්‍රසීලයට වඩා ඉක්මනින් ඉන්දියාව මෙම සීමාව පසුකළ බවයි. දෙවන මිලියනය දක්වා යෑමට ඉන්දියාවට ගතවී ඇත්තේ දින 20කි.
 
ඒ් අනුව මේ වනවිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 2,025,409ක් වාර්තා වී ඇති අතර පසුගිය පැය 24 තුළ පමණක් රෝගීන් 62,170ක් තහවුරු කරගෙන තිබේ.
 
ඉන්දියාව මේ වනවිට ලෝකයේ වැඩිම දෛනික රෝගීන් වාර්තා වන රට බවට ද පත්වී තිබේ.
 
ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 40,700කි.
 
මරණ සංඛ්‍යාවෙන් ඉන්දියාව ලෝකයේ පස්වන ස්ථානයට පැමිණ ඇත.
 
කෙසේවුවද විශේෂඥයින් පවසන්නේ බිලියන 1.3ක් වන ඉන්දියානු ජනගහනය හා සසඳන විට ඒය ඒතරම් ඉහල අගයක් නොවන බවයි.
 
ඉන්දියාව සැලකියයුතු ප්‍රමාණයකින් කොරෝනා වයිරස පරීක්ෂණ පුළුල් කර ඇති නමුත් සමහර ප්‍රාන්ත වල සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
 
කොරෝනා වයිරස මරණ ගනනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්දව ඉන්දියානු රජයට චෝදනා ඒල්ල වී ඇති අතර මරණ වාර්තා කිරීම් ප්‍රමාද වන බවටද කොරෝනා මරණයක් බවට තහවුරු කිරීමේ නීති රීති සම්බන්දව ද විවේචන ඒල්ලවී තිබේ.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

ඉන්දියාව කොරෝනා ආසාදිතයන් මිලියන දෙක පසුකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14153 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11122 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 196 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site