(ඩී.ජී. සුගතපාල)
අතේ සිදුවු කැපුම් තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඊයේ කරාපිටිය රෝහලට ඇතුලත් කරන ලද ඉන්දීය ජාතික නැවියෙකුට කොරෝනා ආසාදනයවී ඇති බවට තහවුරුවිමෙන් පසු අද (07) සවස ඔහු කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගත් බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මෙම නැවියා ඊයේ ගොඩ බිමට පැමිණිමේදි අතේ තුවාලය සිදුව ඇති අතර එයට ප්‍රතිකාර ගැනිම සඳහා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත. එහිදී සිදු කරන ලද පී.සි.ආර්. පරික්ෂණයේදි ඔහුට කොරෝනා ආසාදනයවී ඇති බවට තහවුරුවී තිබේ.
නැවේ සේවය කරන ලද තවත් පස් දෙනෙක් සෞඛ්‍ය නිර්දේශ මත නිරෝධායනය කිරිමට පියවර ගන්නා බව අදාල නැව් සමාගම දන්වා ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉන්දියාවෙන් ආ නැවියෙකුටත් කොරෝනා
Nuwan Wednesday, 07 October 2020 01:58 PM
ඉන්දියාවේ ඕක නැති කෙනෙක් හොයන එක කලු නික හොයනවා වගේ. අර ඇඟලුම් කම්හලටත් ඔහෙන් වගේ ආවේ.