IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඉන්දුනීසියා තානාපති කථානායක හමු වෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියා තානාපතිනී ඩිවි ගුස්ටිනා ටොබිං (Dewi Gustina Tobing) මහත්මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර දීර්ඝකාලීනව පවතින කෘෂිකාර්මික, වෙළෙඳ , සංචාරක මෙන්ම පුරවැසි සබඳතා යන ක්ෂේත්‍ර වල  ද්විපාර්ශ්වික සබඳතා අගය කළ කථානායකවරයා ඒවා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

මෙහිදී ප්‍රවාහන අංශය සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණු අතර ඉන්දුනීසියාවේ ජකර්තා නගරය ආශ්‍රිතව ක්‍රියාත්ම වන පැනොරමික් දුම්රිය (Panoramic Train) සම්බන්ධයෙන්ද ඒවා මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් යොදාගතහැකි ආකාරය සම්බන්ධයෙන්ද සාකච්ඡා විය. 

එසේම මෙරට කුඩා සහ මධ්‍ය පරිමාණ මට්ටමෙන් ක්‍රියාත්මක වන බතික් කර්මාන්තය සම්බන්ධ දැනුම හුවමාරු කරගැනීම සම්බන්ධයෙන්ද කථානායකවරයා ‍මෙහිදී අදහස් පළ කළේය. 

තවද ඉන්දුනීසියානු සාම්ප්‍රදායික සංගීත භාණ්ඩයක් වන “Angklung” සංගීත භාණ්ඩය සමාජ සමගිය සහ සමාජ සහජීවනය පිළිබඳ සංකල්පය නිරූපණය කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන්ද මෙහිදී කථානායකවරයා සුහදව අදහස් පළ කළේය. 



අදහස් (0)

ඉන්දුනීසියා තානාපති කථානායක හමු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 177 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 55 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site