IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ඉදිරි දින කීපයේදී ඉරානය ගැන තීරණයක් ගන්නවා - ට්‍රම්ප් කියයි

ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමට සියල්ල සූදානම් නමුත්, ප්‍රහාරයක් එල්ල කරනවාද නැද්ද සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ තීරණය කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

ට්‍රම්ප් මේ වනවිට ඉරානයට යටත් වන්නැයි අණ දී ඇති අතර, ඉරානය එය තරයේ ප්‍රතික්ෂේප කර ඇත. ඊට අමතරව, ඊශ්‍රායලය ඉරානයට එරෙහිව දිගින් දිගටම එල්ල කරන ප්‍රහාරවලට තමන් උපරිම අයුරින් සහාය දෙන බව ද ට්‍රම්ප් පවසා ඇත.

මේ අතර, ඉරානය සහ ඊශ්‍රායලය අතර සතියකට වැඩි කාලයක් පවතින යුද ආරවුල මධ්‍යයේ, දෙපාර්ශ්වයෙන්ම දිගින් දිගටම ප්‍රහාර හුවමාරු කරගනිමින් සිටී. විදෙස් වාර්තා පැවැසුවේ, ඊශ්‍රායලය ඉරානයේ ජල න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයට පහර දී විනාශ කළ බවය.

ඊශ්‍රායලය මෙසේ ඉරානයේ ජල න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයට පහර දී විනාශ කළේ, ඉරානයෙන් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ බීර්ෂෙවා නගරයේ සොරෝකා වෛද්‍ය මධ්‍යස්ථානයට හානි සිදුවීමත් සමඟය.

ඉරාන ජල න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය පිහිටි ස්ථානයේ, ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය සක්‍රීය කර ඇති බවත් එය ද ඉලක්ක කරගනිමින් තමන් පහර දුන් බවත් ඊශ්‍රායලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

 (ඒ.එෆ්.පී.)



අදහස් (1)

ඉදිරි දින කීපයේදී ඉරානය ගැන තීරණයක් ගන්නවා - ට්‍රම්ප් කියයි

Kadun Friday, 20 June 2025 09:20 AM

3 වන ලෝක යුද්ධය

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1216 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1195 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 438 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site