IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉතාලියේදී  මියගිය ලක් තරුණයා එරට පිරිසක් ජිවත් කරවයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ඉතාලියේ සිසිලියා දූපතේ කතානියා නගරයේ පිහිටි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මොළේ මියගිය  ශ්‍රී ලාංකිකයකුගේ වකුගඩු දෙක, හෘදය වස්තුව අක්මාව,පෙනහැල්ල සහ ඇස් දෙක ඇතුළු ශරීර අවයව ඒ රටේ සිටින රෝගීන්ට බද්ධ කිරීම සඳහා ඔහුගේ බිරිය මව හා සහෝදරයන් දෙදෙනාගේ කැමැත්ත මත දන් දී ඇත.

මෙසේ සිරුරු කොටස් ලබා ලබාගෙන ඇත්තේ ශමිල ප්‍රනාන්දු නැමැති 35 හැවිරිදි අයෙකි. 

ශමිල ප්‍රනාන්දු මහතාගේ බිරිය මීට මාස 6 කට පමණ ඉහත දී එරටට ගොස් ඇති අතර සහෝදරයන් දෙදෙනෙකු වසර ගණනාවක සිට ඉතාලියේ රැකියාවල නිරතව සිටින ඒ රටේ සිටින එමිල් රොහාන් මහතා ලංකාදීපයට (27) පැවැසීය.

ප්‍රනාන්දු මහතාගේ මහතා ද සිරුරු කොටස් ඒරටේ වෛද්‍ය විශේෂඥවරුන් විසින් ලබාගෙන ඇත්තේ ඔහුගේ පවුලේ අයගේ පූර්ණ කැමැත්ත ඇතිව බව රොහාන් මහතා වැඩිදුරටත් කීය.

සිරුරු කොටස් දන් දුන් ශමිල ප්‍රනාන්දු මහතා වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

ඔහුගේ බිරිඳ කලක් ගුවන් හමුදාවේ රාජකාරි කර ඇති සෙබළියකි.

ප්‍රනාන්දු මහතා මීට වසර විසි තුනකට පමණ ඉහත දී ඉතාලියේ රැකියාවක් සඳහා ගොස් සිටි තමාගේ ද මිතුරකු වන බවත් රොහාන් මහතා පවසයි.

ඔහු ඉතාලියේ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන්සුවිශේෂී සමාජ මෙහෙවරක ද නිරතව සිටි බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

සිරුරු කොටස් දන් දුන් ඒ මහතාගේ අවසන් කටයුතු  ඉතාලියේ කතානියා හිදී සිදු හිදී සිදු කිරීමට නියමිතව තිබිණි.

 



අදහස් (2)

ඉතාලියේදී  මියගිය ලක් තරුණයා එරට පිරිසක් ජිවත් කරවයි

Suny Thursday, 30 November 2023 03:00 PM

ඉතාමත් යහපත් ක්‍රියාවකි ,,, ඒ මහතාට නිවන් සුව පතමු!!!

:       0       6

Amal ishantha Thursday, 30 November 2023 05:19 PM

විශිෂ්ඨ වැඩක්... සාමයේ සැතපේවා..!!! 

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 232 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site