IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉතාලි හොර පාර ඩුබායි හිදී අහුවේ

වෙනත් පුද්ගලයෙකුගේ  ගුවන් ගමන් බලපතක් හා වීසා භාවිතා කරමින් ඩුබායි හරහා ඉතාලියට  යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක් ඩුබායි ගුවන්තොටුපල බලධාරීන් විසින්  පිටුවහල් කරනු ලැබ ආපසු මෙරටට එවා සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද   අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු නාරම්මල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයෙකි.

ඉතාලියේ පදිංචි ඔහුගේ  ඥාතියෙකු මාර්ගයෙන් කෑගල්ල ප්‍රදේශයේ පදිංචි  තරුණයෙකුගේ  නීත්‍යානු කූල  ගුවන් බලපතක් සහ ඉතාලි වීසා පතක්   සැකකරු විසින් ලබා ගෙන ඇති බව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

කෑගල්ලේ තරුණයාද  ඉතාලියේ වෙසෙන ඔහුගේ සොහොයුරා මාර්ගගයෙන් ඉතාලියේ රැකියාවක් කිරීම සදහා වීසාවක් ලබා ගෙන ඇති මුත් ඔහුට හදිසියේ ඇතිවු අසනීපයක් හේතුවෙන් ඉතාලි ගමන වැලකී ගොස් තිබේ. පසුව ඔහුගේ ගුවන්ගමන් බලපත සහ  වීසා ඇතුළු සියලූ ලියකියවිලි සැකකරු විසින් ලබා ගෙන ඇත.

ඉතාලියට ගිය පසු රුපියල් ලක්ෂ හය හමාරක් දෙන බවට පොරොන්දු වී මෙම ලියිකියවිලි සැකකරු විසින් ලබා ගෙන ඇති බව පොලීසිය කියයි.

පසුගිය 24 වෙනිදා ඔහු මෙරටින් පිටත්ව ගොස් තිබේ. පසුව ඩුබායි ගුවන්තොටුපළේදී ඔහුගේ ලියකියිවිලි පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු  මෙලෙස ආපසු මෙරටට එවා ඇත.

මේ පිළිබදව  කරන ලද මුලික පරීක්ෂණවලින් අනතුරුව සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 

 



අදහස් (0)

ඉතාලි හොර පාර ඩුබායි හිදී අහුවේ

හේෂාන් Tuesday, 28 April 2015 04:00 AM

චන්ද්‍රසිරි මහත්මය ඔබ හරි, නැති බැරි කෙනා ගෙවල් , කනකර බඩු උකස් කර යන මේ ගමනට බාධා කෙතරම්ද. මේ හිනා වෙන්නෙත් ඒ නැතිබැරි ලෙස ගිහින් දැන් හොඳින් එහෙ ඉන්න අයම නොවේද.(බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 27 April 2015 04:10 PM

ධම්ම, ඩුබායි ආගමන විගමන නිලාධාරින් අල්ලස් නොගන්නා නිසා මෙයාව අසුවුණා (නි)

:       0       0

තුෂාර Tuesday, 28 April 2015 06:29 AM

සමහරු මේ හොර වැඩේ සාධාරනිකර්ණය කරනවා. හරි දැන් අනෙක් තරුණයාව තමන්ගේ ගුවන් ගමන්පත් විසා දැන දැනම වෙනත් කෙනෙකුට නීති විරෝධී භාවිතයට ඉඩ දුන්න කියලා පොලිසියෙන් කුදලාගෙන යනවා. ඒකටත් අනේ කමක් නැහැ කියනවද ? නැති බැරිකම කවදාවත් නීති විරෝධී දෙයකට බලපත්‍රයක් කරගන්න නරකයි. දැන් ලියකියවිලි දුන්න අනෙක් පුද්ගලයාත් අමාරුවේ වැටිලා ඉවරයි. එක පවුලකට කන්න අඳින්න දෙන්න ගිහින් පවුල් දෙකක් ඉවරයි . සන්තෝසද ? (අ)

:       0       0

සමන් වසන්ත Tuesday, 28 April 2015 06:30 AM

හේෂාන් සහ චන්ද්‍රසිරි මහත්මයා, කෙනෙක් තමුන්ගේ පවුල සහ පවුලේ උදවිය වෙනුවෙන් යමක් කරන්න දගලන එක හොඳයි. නමුත් එහෙම කරන්න අපේ රටේ සහ ජාත්‍යන්තර නීති කඩන එක වැරදියි. එහෙම බැලුවොත් තමුන්ගේ දරුවපවුල වෙනුවෙන් ඕනෑම වැරදි දෙයක් කරන කෙනෙක් සාධාරණිකරණය කරණය කරන්න පුළුවන්. (අ)

:       0       0

ධම්ම Monday, 27 April 2015 10:10 AM

කොහොමද මෙයා කටුනායකින් පැනගත්තේ?(නදී)

:       0       0

වෙදගේ Monday, 27 April 2015 10:14 AM

ශිහ් මාර මිනිස්සු ඩුබායි ගුවන් තොටුපලේ ඉන්නේ (නදී)

:       0       0

ආරච්චි Tuesday, 28 April 2015 07:36 AM

කටුනායකෙන් සිංහලයන්ට පනින්න ලෙහෙසියි. (අ)

:       0       0

ධම්ම Tuesday, 28 April 2015 07:53 AM

මොකක්ද මේ හිනාවෙන කතාව? ඒක හරි අපබ්‍රන්සයක්! (අ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 27 April 2015 09:18 PM

මෙම අයට හිනාවෙන අයට හිතෙන්නේ නැද්ද දහසකුත් එක් පැතුම් සම්භාරයක් හිතේ දරාගෙන මෙහෙම කරන්නේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් ගොඩ දමන්නට කරන ප්‍රයත්නයක් කියලා! තමාගේම රටේ මිනිසුන්ට කරදරයක් වුණාම හාස්‍යයට ලක්කරන්නේ අපේ අයමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site