IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඉංජිනේරු සභා පනත ඉක්මනින්

ඉංජිනේරු සභා පනත ඉක්මනින් සම්මත කර දේශිය ඉංජිනේරුවන් ශක්තිමත් කිරීමට කැප වන බව 2015 ජාතික ඉංජිනේරු සමුළුවේ සමාරම්භක උත්සවය පැවැති  කොළඹ ගලධාරී හෝටලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා   අද (02) පැවසීය.

අතීතයේ මෙරට ඉංජිනේරු තාක්ෂණය ලෝකයේ කිසිම රටකට දෙවැනි නොවු බවත් වත්මන් ඉංජිනේරු තාක්ෂණය ඒ අයුරින්ම සංවර්ධනය කළ යුතු බව ද ජනාධිපතිවරයා  කීවේය.

ජාතික ඉංජිනේරු සංස්ථාව විසින් ජනාධිපතිවරයාට සමරු තිළිණයක්ද පිළිගැන්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  පී දයාරත්න ,ගිතාංජන ගුණවර්ධන යන මහත්වරු ද ජාතික ඉංජිනේරු සංස්ථාවේ සභාපති ඉංජිනේරු එස් බී විජේකෝන් මහතා ඇතුළු විශාල පිරිසක් ද අවස්ථාවට  එක්ව සිටියහ.

_DSC0110 _DSC0077

 

_DSC0016 _DSC0027 _DSC0031  

 

 



අදහස් (0)

ඉංජිනේරු සභා පනත ඉක්මනින්

නිමල් Friday, 03 April 2015 05:53 AM

අපි පිළිගන්නවා ගිය ආණ්ඩුව හදපු ගුවන් තොටුපොළේ ආදායම අඩුයි කියලා. ආදායම කොහොම වුණත් අඩුම තරමේ එහෙම එකක් හදපු එක වුණත් ලොකු දෙයක් නෙමෙයිද? (නි)

:       0       0

සුමුදු හේවා Friday, 03 April 2015 05:59 PM

අලුතෙන් ගුවන් තොටුපොළක් හෝ වරායක් හෝ හැදුවහම ඒවා ව්‍යාපාරික වශයෙන් ස්ථාපිත වී ආදායම් උපදවන්න යම් කාලයක් යනවා. එය අමතක කරන්නේ කරුණු නොදන්නාකම හෝ කුහකකම නිසාවෙනි. රටේ දරිද්‍රතාවයෙන් ඉහළම දෙපළාතෙන් එකක සිදුකෙරුණු මේ දැවැන්ත සංවර්ධන ව්‍යපෘති වලින් එම පළාත්වාසීන්ගේ ජීවන තත්ත්වය නංවාලීම අපේක්ෂිතයි. (නි)

:       0       0

තිමති Thursday, 02 April 2015 05:46 PM

රනිල් මැතිදුනි වසර ගණනාවක් ජරා ජීර්ණ කල ශ්‍රී ලංකා ආර්ථිකය දැන් ක්‍රමයෙන් නිසි මාවතට පිවිසෙන අයුරු අපි සතුටු කදුලින් බලා සිටිමු. අපගේ ගමේ ජීවත්වන අහිංසක දුප්පත් ජනතාව ලක්ෂ ණය පතියන් කෙරූ පසුගිය කාලසීමාවෙන් රට ගොඩ ගෙන යහපත් මාවතකට රට ගොඩගන්නා ආකාරය ඉතා ප්‍රශංසනීයය. ඔබ ඔබගේ පසුගිය පාලන සමය ශ්‍රී ලංකා ආර්ථිකය උඩු යටිකුරු කෙරූ විශ්ශිට පාලන සමයක් බවට සියලු මහා බැංකු වාර්තා සාක්ෂි දරයි. ඔබට වසර 10 ක් වත් ඔබගේ සේවාව ලක් මාතාවට අඛණ්ඩව ලක් මාතාවට ලබා දීමට හැකි වේවා !!!. අපේ ගමේ නැති බැරි ජනතාව ස්ථිර ලෙස ගොඩගැනීමට ඔබට හැකියාව ශක්තිය ලැබේවා !!!!! (ස)

:       0       0

ලක්සිරි Friday, 03 April 2015 07:42 AM

නැත්තම් ලංකාවේ දක්ෂයෝ සියල්ල පිටරටට යනවා හොද රැකියාවක් හොයාගෙන.(හේ)

:       0       0

ලාල් Friday, 03 April 2015 07:50 AM

ජන හදවත් වලට දැනෙන යහාපත් අනාගතයක ලකුණු.(හේ)

:       0       0

ධනූෂි Thursday, 02 April 2015 08:19 PM

ඉක්මණින් සැබෑ වෙනසක් සිදුවෙනවා නම් ඉතින් අපිත් කැමතියි (නි)

:       0       0

නිහාල් Friday, 03 April 2015 08:10 AM

දේශපාලන උවමනාවන්ට රට සංවර්ධනය කිරීමේ අවදානමේ උපරිමයට දැන් අපි ගොස් ඇත්තෙමු . (නි)

:       0       0

සුජිත් Friday, 03 April 2015 08:34 AM

මොකක්ද මේ ඉන්ජිනේරු පනත. දන්නා කෙනෙක් ඉන්නවානම් පොඩි විස්තරයක් කරනවාද? (ස)

:       0       0

හෙට්ටිආරච්චි Thursday, 02 April 2015 11:59 PM

අධිවේගී මාර්ග අක්‍රමිකතා වලට ඉඩනොදෙන්න. උපදෙස් වලට පමණක් කිලෝමීටරයකට ඩොලර් මිලියනයට වඩා ගෙවන්නේ කෙසේද? මෙයෙට සම්බන්ධ සියලු දෙනාට වහා දඬුවම් දෙන්න. (නි)

:       0       0

යසිරු Friday, 03 April 2015 12:10 AM

ඇත්තටම ඉතාම හොඳ තීරණයක් (නි)

:       0       0

ලක්මාල් Friday, 03 April 2015 12:35 AM

හොඳ වෙනසක් වේවි කියලා සිතෙනවා දැන්නම් (නි)

:       0       0

මහීන් Friday, 03 April 2015 01:11 AM

හොඳ ආරංචියක් (නි)

:       0       0

කිරින්ද Saturday, 04 April 2015 08:44 AM

ලාල්, ඔහේගේ හදවතට නම් ළඟදීම දැනෙයි හාට් ඇටැක් එකක ලකුණු මේ යන විදිහට ගියොත්, ඔහෙලා ඉතින් කොත්තමල්ලි බිබී ඉන්න අනාගතේ හොඳ වෙනකන්, දන්නෙම නෑ වලට වැටෙනකන්! (ස)

:       0       0

ප්‍රකාශ් Friday, 03 April 2015 02:48 AM

හැමෝටම ඕන වෙනස තමයි නිදහස් කල රට පාවා දෙන්න.මේ ගොල්ලෝ එක උඩුයටිකුරු වෙන්නම කරයි. (ස)

:       0       0

රනිල් වික්‍රම Saturday, 04 April 2015 10:08 AM

අනේ ග්‍රාමසේවක මහත්තයෝ ඔහෙයි මමයි දන්නා ඉන්ජිනේරුකන්, නිකන් ඉමුද පැත්තකට වෙලා, ඕක තමයි මේ රටට වුනෙත්, නොදන්නා දේ කරන්න යාම! (නදී)

:       0       0

තාරා Friday, 03 April 2015 04:28 AM

චීන රජය විසින් ඉදි කිරීමට ඇස්තමේන්තුක ර තිබූ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ වියදමෙන් රුපියල් බිලියන 30ක් අඩු කිරීමට එකඟතාව පළ කල බව ලක් රජය කළ ප‍්‍රකාශය අසත්‍ය යයි ශ‍්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site