බ්‍රහස්පතින්දා (17) රාත්‍රියෙන් අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 4,500කට ආසන්න පිරිසක් මියගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ගෝලීය ආර්ථික අර්බුදයක් මෙන්ම සෞඛ්‍ය අර්බුදයක් ද නිර්මාණය කර ඇති ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම මරණ ගණන එයයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය බ්‍රහස්පතින්දා එනම් ඊයේ (16) රාත්‍රියේ නිකුත් කර තිබූ දත්තවලට ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොරෝනා මරණ ගණන 32,917ක් ලෙස දැක්විණි. එහෙත් පෙරේදා රාත්‍රියෙන් අවසන් වූ පැය 24 දී මරණ 4,491ක් වාර්තා වීමත් සමඟ එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 33,000 ඉක්මවා ගියේය.
කොරෝනා වසංගතය හේතුවෙන් වැඩිම මරණ ගණනක් සහ ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
අද (17) පස්වරු 6 වනවිට එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 671,425ක් වූ අතර එරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 33,286ක් ලෙස දැක්විණි.
හින්දුස්තාන් ටයිම්ස්
055
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉකුත් 24 පැයේ ඇමෙරිකාවේ කොරෝනා මරණ 4500 ක්
Ashoka Saturday, 18 April 2020 07:08 AM
"ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය බ්‍රහස්පතින්දා එනම් ඊයේ (16) රාත්‍රියේ නිකුත් කර තිබූ දත්තවලට ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොරෝනා මරණ ගණන 32,917ක් ලෙස දැක්විණි. එහෙත් පෙරේදා රාත්‍රියෙන් අවසන් වූ පැය 24 දී මරණ 4,491ක් වාර්තා වීමත් සමඟ එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 33,000 ඉක්මවා ගියේය."..?