IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඇලෝසියස් රට ගියායැයි තහවුරු නොකළ ආරංචියක්

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතා විදේශ ගතවී ඇති බවට තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් තමන්ට දැනගැනීමට ලැබුණු බව වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (12) කොමිසමට  දැනුම් දුන්නේය.

තහවුරු නොකළ මෙම ආරංචිය සනාථ කරගැනීම සඳහා කොමිසමේ විමර්ශන නිලධාරීන් අද පස්වරුවේ ඔහුගේ නිවසට ගිය බව ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා දැනුම් දුන් විට නැඟී සිටි අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා තම සේවාදායකයා විදේශගත වී නොමැති බවත් ඔහු මේ වන විටත් ශ්‍රී ලංකාවේ රැදී සිටින බවත් පැවසීය.

අර්ජුන් ඇලෝසියස් මහතා හෙට දින (13) මෙම කොමිසම හමුවට පැමිණීමේ අපේක්‍ෂාවෙන් පසුවන්නේ යැයි දැනුම් දුන් ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා කොමිසමේ විමර්ශන නිලධාරීන් තම සේවාදායකයාට  කරදර කරන්නේ යැයිද වැඩිදුරටත්  දැනුම් දුන්නේය.
 



අදහස් (8)

ඇලෝසියස් රට ගියායැයි තහවුරු නොකළ ආරංචියක්

ONE SRILANKAN Tuesday, 12 September 2017 01:02 PM

ගුවන් තොටේ අගුලු දාන්න. බයිලා තමයි ඔක්කොම කියන්නේ

:       59       100

lalith Tuesday, 12 September 2017 06:22 PM

බෝට්ටුවෙන්වත් පනීද කියන්න බැහැ එහෙනම්?

:       0       100

නන්ද Tuesday, 12 September 2017 01:58 PM

මොහු රට හැර යාමට ඇති ඉඩ කඩ ඉතා විශාළයි, ඒ නිසා සුදුසු පියවර කල් ඇතිව ගත්තොත් හොදයි

:       109       210

අප්පුහාමි Tuesday, 12 September 2017 03:44 PM

අහිංසකයට කරදර කරන්න එපා ලිවේරා මහත්තයෝ...?

:       55       60

Sarojini Tuesday, 12 September 2017 10:11 PM

මේ විදියට කටයුතු කලානම් මෙලහකට ගිය ආණ්ඩුවේ ඔක්කොම හිරේ. බලන් ඉන්න අපිටත් තේරෙනවා ලිවේරා මහත්තයල කරන රාජකාරිය ටිකක් වැඩි කියල. විනිශ්චය කර තුමෙකුත් කියල හිබුනා නේද මේක ප්‍රබන්ධයක් වගේ කියල.

:       0       16

Rohana Wednesday, 13 September 2017 01:20 AM

අර්ජුන් ඇලෝසියස් මහතා විදේශ ගතවී ඇති බවට තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් තමන්ට දැනගැනීමට ලැබුණු බව වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (12) කොමිසමට දැනුම් දුන්නේය. ගියද නැද්ද ගුවන්තොටු පලේ ආගමන විගමන පාලකගෙන් අහන්න.

:       0       0

ලුම්බිණි Wednesday, 13 September 2017 02:03 AM

ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා ඉස්සර නම් මෙහෙම නැහැ.

:       0       0

rama Wednesday, 13 September 2017 03:41 AM

වෙන අයගේ වගේ මෙයාගේ පස්ස්පෝර්ට් එක ගන්නේ නැත්තේ අයද පොඩි ළමය වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 48 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1558 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site