IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඇලෝසියස්ගේ ඇපල් ගිණුමට ඇතුළුවීම තහනම් කෙරේ

(මනෝප්‍රිය ගුණසේකර)

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතාගේ ඇපල් ගිණුමේ දත්ත මකා දැමීම සඳහා එයට ඇතුළුවීම තහනම් කරමින් බැඳුම්කර කොමිසම අද(3) නියෝගයක් නිකුත් කළේය.

මෙම ඇපල් ගිණුමේ ඇති දත්ත මකා දැමීම සඳහා අර්ජුන් ඇලෝසියස් මහතාගේ බිරිඳගේ ඇපල් ගිණුම හරහා යමකු ඇලෝසියස්ගේ ගිණුමට ඇතුළුවීමට උත්සාහ දරා ඇති හෙයින් එය වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා කළ ඉල්ලීමක් පිළිගත් කොමිසම එලෙස නියම කළේය.

එම ඇපල් ගිණුමේ දත්ත මකා දැමීම සඳහා ඊට ඇතුළුවන යමෙක් වෙතොත් ඔහු දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකරන අයකු බවද කොමිසම දැනුම් දුන්නේය.



අදහස් (12)

ඇලෝසියස්ගේ ඇපල් ගිණුමට ඇතුළුවීම තහනම් කෙරේ

ASD Samaraseklara Thursday, 03 August 2017 08:38 AM

මේක නඩු භාණ්ඩ සොරා ගැනීමට තැත්කිරීමට සමාන වරදකි. අැයි එයට අැස් පියාගෙන ඉන්නේ. කොමිසමත් බොරුවක්ද කරන්නේ?

:       79       197

Nisanka Thursday, 03 August 2017 08:54 AM

එක්කෙනෙක් දඹුල්ලේ පිංකැටය කඩන්න ගියා. අනෙත් අය මහබැංකුවට දුන්නා. උතුර, දකුණ මාරුවෙන්න. රටේ පළාත් පාලන මැතිවරණ තියන්නේ නෑ පැරදෙයි කියලා. පොඩි කාලේ ඉඳන් විජය එක්ක දේශපාලානය කළා කියලා කියපු කනොගේ ලොක්කා එකක් කියනවා, එස්.බී. මහතා තව එකක් කියනවා. ආරක්ෂක ලේකම් ජනාධිපති ලේකම් ටෙන්ඩර් මගඩි නිසා ඉක්මණින් ඉල්ලා අස්වෙනවා.. අනෙක් පුද්ගලයා ලොතරැයි මණ්ඩලය මුදල් එදිනෙදා ගේම් එක ගහන්න ඉල්ලනවා..

:       253       904

nuwan Thursday, 03 August 2017 09:10 AM

කොහොමද එහෙම කරන්නේ? මොන බොරුවක්ද?

:       183       118

ධම්ම Thursday, 03 August 2017 09:46 AM

බලන්න මෙයාලා ඇපල් කන්නත් ගිණුම් හදාගෙන. සල්ලි.. සල්ලි.. තමයි.

:       37       77

ranavi Thursday, 03 August 2017 09:57 AM

සෙමෙන් හෝ ක්‍රමානුකුලව නීතිය ක්‍රියාත්මක වීම සතුටක්... සාක්ෂි සොයා දඬුවම් දීම තමයි හොඳ. පැවතුන රජයත් ඔය දේම මහබැංකුවට කළා. ප්‍රකෝටිපතියන් වුණා. එහෙත් හොරු නිදැල්ලේ...

:       625       1023

nimalThursday, 03 August 2017 10:45 AM

අනේ පච කියන්න එපා හලෝ... එ.ජා.ප.ය දන්නේ නෑ. එයාලාගේ මාස්ටර්ස්ලා පොඩියි කියලා.

:       41       134

ranaviThursday, 03 August 2017 04:13 PM

නිමල්, මාගේ පැහැදිළි කිරීම තේරුම් අරගෙන ප්‍රතිචාර දක්වන්න. නීතියට අනුව දඬුවම් කරන එක හොඳ බවකුයි මා කිවේ. එකට මහින්දද, රනිල්ද, මෛත්‍රිද කියන එක අදාල නෑ. හොරා හොරාමයි. ඔයාට රිදුනේ පහුගිය රජය හොරකම් කලයි කියපු එකටද? මං හිතන්නේ ඔයා ලංකාවේ කෙනෙක් නෙවෙයි?

:       0       112

sudes Thursday, 03 August 2017 10:50 AM

අර්ජුන් ඇලෝසියස් කියන්නේ පක්ෂ විපක්ෂ දෙගොල්ලන්ටම එක වගේ සල්ලි දෙන කෙනෙක්. පහුගිය කාලේ ගංවතුර ආපු වෙලේ ඔය පක්ෂ දෙකේම මැති ඇමතිවරු තමන්ගේ අතින් දෙනවා වගේ ගිහිල්ලා ආධාර බෙදුවේ ඇලෝසියස් මහතා දුන්න සල්ලි වලින් තමයි. නාමල් බේබිට ඇලෝසියස් සැලකුවේ කොහොමද කියලා දන්නෝ දනිති. කෙටියෙන්ම කිව්වොත් ඇලෝසියස් කියන්නේ පක්ෂ විපක්ෂ දෙගොල්ලන්නටම ජීවමානව ඉන්න මිල කල නොහැකි වස්තුවක්.

:       115       555

abaran Thursday, 03 August 2017 12:02 PM

මෙයාටත් ළඟදීම ඇපල් බාගන්ට කාවහරි ඕනෑ වෙයි....

:       0       1

ravin Thursday, 03 August 2017 12:44 PM

හත් පොලේම ගාගන්නවා වගෙයි.

:       0       23

Ranjith Silva Thursday, 03 August 2017 01:11 PM

ටයි කෝට් දැම්මට මේ අය හොරු වෙලා නේද? පහත් පෙලේ මිනිස්සු සහ ගැහැණුන්ගේ හැටි ඔහොමයි..

:       30       29

lanka Thursday, 03 August 2017 03:03 PM

ඔය කියන ගිණුමේ දේවල් දැනටමත් මකලා ඇති. මහත්හොරු හරිම ස්මාර්ට් කියනවනේ..

:       0       36

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31403 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13658 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11029 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1044 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 286 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site