IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇල්ගී දිලීර සම්බන්ධයක් රතු වැස්සට හේතුවයි

ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට ඇදහැළුණු රතු වැස්ස ඇතිවූයේ මෙරට බහුලව දැකිය හැකි ලයිකනයකින් නිකුත් වූ බීජානු හේතුවෙන් බව කැලණිය විශ්වවිදයාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා ඒකකය කරන ලද පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ. ලයිනකයක් ලෙස හඳුන්වන්නේ ඇල්ගී විශේෂයක සහ දිලීරයක එකතුවකි.

පර්යේෂණය සිදුකළ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඩී.එල්.ජයරත්න මහතා පවසන්නේ ගස් සහ ගල් මත කුඩා පැලෑටි විශේෂයක් මෙන් වර්ධනය වන මෙම ලයිකනයේ ඇති ඇල්ගී විශේෂය මගින් නිපදවන රතු පැහැති බීජානු රතු වර්ණකයක ගිලී පවතින බවයි. එම වර්ණකය කැරටනොයිඩ් වර්ණකය බව හඳුනාගෙන තිබේ. කැරට් අලයේ වර්ණයට හේතුවන්නේ ද කැරටනොයිඩ වර්ණකයයි.

ආචර්ය ජයරත්න මහතා පෙන්වාදෙන්නේ පසුගිය මාස කිහිපයේ ශ්‍රී ලංකාවේ පැවැති වියළි කාලගුණ තත්ත්වය ඇල්ගී විශේෂයේ බීජානු නිපදවීමට සුදුසු පරිසර තත්ත්වයක් නිර්මාණය කැර තිබූ බවයි. එම කාලයේ නිපදවූ බීජානු කෝටි ගණනක් වායුගෝලයට එකතුවී පසුව ඇතිවූ වර්ෂාව සමග තැන තැනට පතිත වන බවත් බීජානු හේතුවෙන් වර්ෂාව වර්ණවත් වී ඇති බවත් පර්යේෂකයෝ පවසති. රතු සහ කහ වැස්සට හේතුව බීජානුවේ අඩංගු රතු පැහැති වර්ණකයයි. ආචාර්ය ජයරත්න මහතා පවසන්නේ කොල පැහැති වැස්සට හේතුවන්නේ ලයිකනය විසින් නිපදවන කොළ පැහැති ප්‍රජනක ව්‍යුහයක් වායුගෝලයට එකතුවී යළි වැස්ස සමග පතිත වීම බවයි.

ඇල්ගී සහ දිලීර බීජානු ව්‍යාප්ත වීම සිදුවන්නේ සුළඟ සහ වර්ෂාව හේතුවෙන් බැවින් මෙය පුදුම සහගත තත්ත්වයක් නොවන බවත් පිටසක්වල ජීවීන් හා වර්ණවත් වැස්ස සමග කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත් කැලණියේ පර්යේෂකයෝ පවසති. මෙම වර්ණකය විෂ සහිත නොවන බවත් එයින් අසාත්මිකතා ඇති නොවන බවත් ඔවුහු පෙන්වාදෙති.

අන්වීක්ෂයෙන් 1000 වාරයක් විශාලනය කළ බීජානුව

ලයිකනය ගසක කඳක් මත වැඩී ඇති ආකාරය



අදහස් (0)

ඇල්ගී දිලීර සම්බන්ධයක් රතු වැස්සට හේතුවයි

නිලුකා Saturday, 05 January 2013 09:04 AM

මොනවාද මේ වෙන්නේ (දී)

:       0       0

ශාන් Saturday, 05 January 2013 11:38 AM

මේවා අපේ මිනිස්සු පිළිගනීවිද ? (ස)

:       0       0

සදුන් Friday, 04 January 2013 06:40 PM

මම කියන්නේ මිට පිට සක්වල සම්භන්දයක් තියෙනවා (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 04 January 2013 06:49 PM

දැක පුරුදු නැති සියලුම දේ පිටසක්වලට බැර කරන්න යන කාටත් මේවා හොද පාඩම්. කැලණියේ විදුදරුවන්ට මගේ ආචාරය! (නි)

:       0       0

අමිල Friday, 04 January 2013 07:11 PM

දැංවත් කට්ටිය බෝතල්වලට වැහි වතුර එකතු කරන එක නවත්තනවා හොදයි,!(නු)

:       0       0

චින්තක Friday, 04 January 2013 08:09 PM

මොකද්ද මේ රතු වැස්ස (දී)

:       0       0

මුණසිංහ Friday, 04 January 2013 09:10 PM

මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ උත්සාහ කළා තම විශ්වාස කරන මතය මෙතුලිනල් හෝ සනාථ කිරීමට එය සත්‍ය වසන්කිරීමට ගත් උත්සාහයක්..!(නු)

:       0       0

සෙනරත් Friday, 04 January 2013 09:18 PM

එතකොට ඔය වැස්සේ රිදී සහ ආසනික් තියෙනවා කිව්වෙ කවුද? දැං ඒවා නැතිලු.. අනේ මන්දා එයාලා කියනවා... අපි අහනවා.!(නු)

:       0       0

අමිල Saturday, 05 January 2013 02:34 PM

පැහැදිලි කිරීමනම් හොඳයි.ඒත් මුලින් කිව්වා නේද හදුනා නොගත් ජීවී විශේෂයක්, ආසනික් තියෙනවා කියලා (ස)

:       0       0

කුමාර Friday, 04 January 2013 09:54 PM

ඔබගේ පැහැදිළි කිරීමට ස්තුතියි.!(නු)

:       0       0

අමිල Sunday, 06 January 2013 12:53 AM

ඒත් මහාචාර්යතුමා කියන්නේ මීට වෙනස් කතාවක් නේද? (නි)

:       0       0

නිත්‍යා Saturday, 05 January 2013 03:08 PM

විද්‍යාත්මකව නිසි දැනුවත් වීම් කල එක හොඳයි. නැතහොත් මිත්‍යාමත විශ්වාස කරමින් ජනතාව මූලාවට පත්විය හැකියි (ස)

:       0       0

සම්පත් Friday, 04 January 2013 11:05 PM

පොඩ්ඩක් පැහැදිළි කරන්න කොහොමද මේ වර්ණයන් වෙන වෙනම වැසස්ත් එක්ක පොලොවට වැටුණෙ කියලා..!(නු)

:       0       0

චමින්ද Saturday, 05 January 2013 02:35 AM

ප්‍රහ්නෙ තියෙන්නේ මේ වැසි ආවෙ හොදට වැස්සට පස්සේ.. මුල්ම වැස්සට මෙහෙම දෙයක් උනානම් පුදුම වෙන්න දෙයක් නැහැ... ඒත් මේ වැස්ස ආවෙ කලික් හොදට වැහැලා තිබුණට පස්සේ.. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ...?(නු)

:       0       0

තිස්ස උඩුවන Saturday, 05 January 2013 05:27 AM

ලංකාවෙ කළ හැකි දෙච්වල් තියෙද්දි නෙ පිටරට ඇරලා තියෙන්නේ.. ඔබ සැමට ස්තුතියි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 738 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site