IMG-LOGO

ඇඹිලිපිටි ඒඑස්පීට ඇප

ඇඹිලිපිටිය නගරයේ සාදයකදී මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණයට සැකපිට සිව් මාසයකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්නට ඇඹිලිපිටිය මහාධිකරණය අද (2) ඇප නියම කළේය.

රුපියල් 20,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප මත සැකකරු මුදාහරින ලෙස නියම කළ මහාධිකරණ විනිසුරු කුමාරි එම්.අබේරත්න මහත්මිය ඔහුගේ විදෙස් ගමන් තහනම් කළාය. 

පොලිස් අධිකාරිවරයා සිකුරාදා (3) අධිකරණයට ඉදිරිපත් කරන්නැයි විනිසුරුවරිය නියෝග කළාය.

මේ අතර පොලිස් අධිකාරීවරයාට ඇප ලැබීමේ තීන්දුවෙන් පැයකට පමණ පසු ඇඹිලිපිටිය පොලිසිය ආසන්නයේ රතිඤ්ඤා දල්වන හඬ ඇසුණු බව කියති.

මහාධිකරණයෙන් ඇප නියම වූ පසු එම නියෝගය ක‍්‍රියාත්මක කිරිමට ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න සිකුරාදා (03) ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුවිට බන්‍ධනාගාර අධිකාරීවරයාට ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්‍දු මහතා අද නියෝග කළේ ය.

embilipiti_201662 embilipiti_2016623 embilipiti_2016624

 



අදහස් (0)

ඇඹිලිපිටි ඒඑස්පීට ඇප

බෙනට් Thursday, 02 June 2016 06:33 AM

වැඩ තහනම් කලාද නැද් ? හෙට ඉඳල රාජකාරිත් කරයිද ? (ර)

:       0       0

උපාලි Thursday, 02 June 2016 03:45 PM

හිමාල් ඔබ හරි. වරදකරු බව ඔප්පු කරන තුරු,කෙනෙක් නිවැරදිකරු බවට උපකල්පනය කළයුතු බවට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම නියමයක් තියෙනවා. ඒ වගේම ඇප ලබා දීමේදී අධිකරණයට අභිමතය පාවිච්චි කරන්නත් ඉඩ දීල තියෙනවා. මහත්වරුනි, අපි කැමති වුනත් අකමැති වුනත්, යුක්තිය ඉටුවීම කියන්නේ අපේ හිතේ තියෙන (කෙනෙකු වරදකරු කිරීමේ) ආශාවම ඉටු වීම නොව නීතියට අනුව කෙරෙන දෙයයි. (බ)

:       0       0

ඇන්තනි Thursday, 02 June 2016 03:47 PM

එයා නම් පාස්පෝට් එක ලැබුනත් දැන් රට එකක් නැහැ . එහෙම යන්න හේතුවකුත් නැහැනේ . සමහරවිට රාජකාරිත් කරයි . දැන් ඉතින් පාස්පෝට් එහෙම හදාගෙන මැරුණු කෙනාගේ පවුලේ කට්ටියයි අනිත් යාළුවො ටිකයි රට ගියොත් නම් ගොඩක් හොඳයි (බ)

:       0       0

තිලක් Thursday, 02 June 2016 09:29 AM

නිතිය කොහොම වෙතත් මොහු තරුණයාව තල්ලු කරලා මැරුවා කියන එක අවු. දෙකක පොඩි ළමය පවා දන්නවා. එහෙම කෙනෙකුට ඇප ලැබුණා කියල රතිඤ්ඤා දාන පොලිසියක් නම් ඉන්නේ මේ වගේ පොලිසියක් මහජන මුදලින් නඩත්තු කරන එක ලොකු ගැටළුවක්. (ම)

:       0       0

හිමාල් Thursday, 02 June 2016 10:39 AM

අධිකරණයකින් වරදකරු නොවේ නම් කොහොමද පොඩි ළමයාත් දන්නේ හරිද වැරදිද කියලා. (ම)

:       0       0

පවන් Thursday, 02 June 2016 10:52 AM

මේ මහතා හොඳ මහත්තයෙක්. (ර)

:       0       0

ගයාන් ඩී සිල්වා Thursday, 02 June 2016 10:55 AM

හොඳ නිලදාරියෙක් , කුමක් උනාද කියන්න බැහැ. (ර)

:       0       0

තිලක් Thursday, 02 June 2016 12:25 PM

හිමාල් අපි පොඩ්ඩක් හදවතට අවංක වෙලා බලමු මෙය තල්ලු කලා කියල පිළිගන්නවද නැද්ද කියල. (ර)

:       0       0

නිම්මි Thursday, 02 June 2016 02:39 PM

අයියෝ මෙයාලට තේරෙන් නැහැ ඒ මනුස්සය තනියම ගහගෙන උඩ තට්ටුවෙන් ජොලියට පැනල. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site