(විමුක්ති එස් රුද්‍රිගු)

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පසුගියදා ප්‍රකාශ කළේය.
දකුණු කොරියාව පසුගියදා හමුදා පෙළපාලියක් පැවැත්වූ අතර එහිදී භූගත කඳවුරු විනාශ කර දැමිය හැකි "මාන්ස්ටර්" මිසයිලය කොරියානු හමුදාව ලොවට ප්‍රදර්ශනය කළේය. හමුදා පෙළපාලිය අතරතුරදී දකුණු කොරියානු ජනපති යුන් සුක් යෝල් උතුරු කොරියානු නායකයාට අනතුරු ඇඟවීමක්ද කර ඇත. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දකුණු කොරියාවට පහරදීමට න්‍යෂ්ටික අවි භාවිත කළහොත් එය කිම් ජොන් උන් පාලනයේ අවසානය වනු ඇතැයි එහිදී ප්‍රකාශ කළේය
සතුරු බලවේගයක් උතුරු කොරියාවට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි ඇතුළුව උතුරු කොරියාව සතු සම්පූර්ණ යුද ශක්තිය භාවිත කරමින් එම සතුරු බලවේගය පරාජය කිරීමට පසුබට නොවන බව එම අනතුරු ඇඟවීමට පිළිතුරු දෙමින් උතුරු කොරියානු නායකයා පැවැසුවේය.
COMMENTS
අනේ පලයන් යන්න ඒකාධිපති , රටේ මිනිස්සු හාමතේ ඉන්න කොට උඹ ඇමරිකාවට ගහන්න යන්න කතාවෙනවා , වැඩි කල් යන්න ඉස්සරවෙලා උඹේ රටේ මිනිස්සු එකතුවෙලා උඹට ගහල එලවල දමන බව සිතට ගනින්
20 වෙනි සියවසේ ජීවිතේට බඩගිනිවෙලා වගේ ....
පලයං යන්න…
රූපය දැක්කාම හරියට චීන ඌරෙක් වගෙයි මට පේන්නේ...!