IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇමැති බංගලා කුලියට ගන්න පෞද්ගලික ආයතනත් පෝලිමේ

(සුජිත් හේවාජුලිගේ)

ඇමතිවරුන්ගේ බංගලා කුලියට ලබාගැනීමට පෞද්ගලික ආයතනත් දහයකට වැඩි සංඛ්‍යාවක් ඉල්ලීම්  ඉදිරිපත් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කළේය.

රාජ්‍ය ආයතන රැසක්ද  විනිසුරුවරුන් කිහිප  දෙනෙකුද මෙම නිවාස ඉල්ලා මීට පෙර ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණ.

මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඇමැති බංගලා සහ ජනපති බංගලා  සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුව ඒවායේ වටිනාකම්  පිළිබඳව මේ දිනවල තක්සේරුවක් කරගෙන යන බවයි.

එම තක්සේරුවෙන් අනතුරුව එම බංගලා සම්බන්ධයෙන් ගනු ලබන තීරණය ප්‍රකාශයට පත් කෙරෙන බවද  ඔහු සඳහන් කළේය.ඇමැති බංගලා කුලියට ගැනීමට විවිධ පාර්ශ්ව ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව පැවසු  අමාත්‍යවරයා එම ඉල්ලීම් කිසිවක් මෙතෙක්  සලකා බලා නැතැයිද සඳහන් කළේය.

රට පුරා ජනපතිවරයා වෙනුවෙන් වෙන් කෙරුණු බංගලා 9 ක් පවතී. කොළඹ මහනුවර නුවරඑළිය අනුරාධපුර කතරගම යාපනය ඇඹිලිපිටිය බෙන්තොට සහ  මහියංගනය යන ප්‍රදේශවල මෙම ජනපති  බංගලා පිහිටා ඇත.සමහර ඇමති බංගලා පාවිච්චියට ගත නොහැකි අන්දමට ජරාවාස වී ඇතැයි  අමාත්‍යාංශය පවසයි.මේවා පිළිසකර කිරීමට මූල්‍යමය ගැටලුවක් පවතින බව  අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (3)

ඇමැති බංගලා කුලියට ගන්න පෞද්ගලික ආයතනත් පෝලිමේ

ගමේ එකාලා Tuesday, 14 January 2025 10:08 PM

ජනතාවගේ රීරී මාන්ස හූරගෙන කකා බලලෝබි බඩගොස්තරවාදි කාලකන්නි දුශිත දේසපාලුවෝ කෙරුවේ බන්ගලාවලට වෙලා ව්වෙක සුවයෙන් හිටපු එක වෙන්ඩැ?

:       1       8

Pradeep Kumara Wednesday, 15 January 2025 07:51 AM

රට පුරා ඇති ජනාධිපති මන්දිර විදෙස් සංචාරකයින් ඉලක්ක කර ඔවුන්ගේ ලැගුම්හල් බවට පත් කරනවා කිව්වා නේද? මේ සංචාරක කර්මාන්තයේ හොඳම කාලයයි. ඉතිං මන්ද පමා.

:       0       25

Kamal Koyrala Wednesday, 15 January 2025 03:08 PM

"පළමුව මේවා ජරාවාස වන්න හැරිය වග කිව යුත්තන්ට දඩුවම් කල යුතු අතර මේවායේ තිබූ බදු බාහිරාදිය කොහේද කියා සොයා බැලිය යුතුය . ඒවගේම නව මාලිගා නොවන ඉතිහාසික වටිනාකම් ඇති බංගාලා රාජය යටතේ පැවතීම හොදයි."

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site