IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ඇමෙරිකාවේ ප්‍රාන්ත 14 කින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන දෙගුණ වෙලා

ඉකුත් ජූනි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 14 කින් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඇරිසෝනා ප්‍රාන්තයෙන් පසුගිය ජූනි මාසයේදී වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ඊට පෙර මාසය හා සැසඳීමේදී සියයට 294කින් වැඩි වී ඇත. සවුත් කැරෝලිනා ප්‍රාන්තය සියයට 200ක වැඩි වීමක් සහ අර්කන්සා ප්‍රාන්තය සියයට 179ක වැඩි වීමක් පෙන්නුම් කර ඇත.

පසුගිය සතියේදී ඇමෙරිකාවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගෙන් වැඩිම ගණනක් වාර්තා වී ඇත්තේ ඇරිසෝනා ප්‍රාන්තයෙනි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 24කි.

නව ආසාදිතයන්ගේ වාර්තා වීමේ වේගය සියයට 5ක් නම් එය සැලකිය යුතු තත්ත්වයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි. එසේ බලනවිට ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන එම ප්‍රතිශතය ද ඉක්මවා ගොස් ඇති අතර ලෝක සෞඛ්‍ය ප්‍රතිශතය මෙන්ම සිව් ගුණයකටත් වඩා වැඩිය.

රොයිටර්

055

 



අදහස් (0)

ඇමෙරිකාවේ ප්‍රාන්ත 14 කින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන දෙගුණ වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31716 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14176 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11130 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 205 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 317 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site