දින 90 ක කාලයක් සඳහා, එකිනෙකාට පැනවූ තීරු බදු අඩු කිරීමට ඇමෙරිකාවත් චීනයත් එකඟ විය.
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ආනයන සඳහා සියයට 145 ක තීරු බද්දක් ද, ඊට එරෙහිව යමින් චීනය ඇමෙරිකන් භාණ්ඩ සඳහා සියයට 125 ක බද්දක් ද පනවා තිබුණි.
ඇමෙරිකාව සහ චීනය මෙසේ එකිනෙකාට බදු පනවා ගැනීම වෙළෙඳ යුද්ධයක් ඇති කිරීමට හේතුවක් විය.
චීනය සමඟ මේ අයුරින් නව එකඟතාවක් ඇතිකර ගැනීමට හැකිවීම සතුටක් බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත.
ඇමෙරිකාව සහ චීනය අතරේ මෙසේ එකඟතාවක් ඇති කර ගැනීම සිදුවූයේ චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුවය. ඉකුත් සති අන්තයේ එම සාකච්ඡා පැවැත්වූයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදීය.
නව එකඟතාවයට අනුව, ඇමෙරිකාවටත් චීනයටත් ගනුදෙනු කිරීමට හැකිවනු ඇති බවත්, ඉදිරියේ දී දෙරටටම වාසිදායක තත්වයක් උදාවනු ඇති බවත් ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පැහැදිලි කර ඇත.
(ඒ.එෆ්.පී.)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
Yass Samarasinghe Tuesday, 13 May 2025 11:41 AM
පොඩි අය වගේ... චික් විතරක්...
සාලිය Wednesday, 14 May 2025 07:11 AM
අලි ස්වයං වින්දනයේ යෙදෙනවා...