ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ඊයේ (30) දිනයේදී වාර්තා විය.
එම ගණන 47,000 ඉක්මවූ අතර නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන එය යැයි ද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.
කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් අඟහරුවාදා දිනයේදී ඇමෙරිකාවෙන් වයිරස ආසාදිත මරණ 1,199ක් වාර්තා විය. ජූනි 10 වැනිදායින් පසුව දිනක් තුළ වාර්තා වූ වයිරස ආසාදිත මරණ ගණන 1,000 ඉක්මව වූ පළමු අවස්ථාව ද එය විය.
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පළමු නව කොරෝනා වයිරස ආසාදිතයා වාර්තා වූයේ ජනවාරි 20 වැනිදා ය. මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 2,653,783කි. එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 127,314කි. වයිරසය ආසාදනය වී සුව වූ පිරිසගේ ගණන 784,602කි.
තවමත් ලොව වැඩිම නව කොරෝන වයිරස ආසාදිතයන් ගණනක් සහ වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
රොයිටර්
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇමෙරිකාවෙන් දිනක් ඇතුළත කොරෝනා ආසාදිතයන් 47,000ක්