(නිමල කොඩිතුවක්කු )
ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය, මානව හිමිකම් හා පුද්ගලික නිදහස වෙනුවෙන් වූ අරගලයේදී නායකත්ව කාර්ය භාරයක් ඉටු කරනු උදෙසා වූ ප්‍රයත්නය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි අභිනවයෙන් තේරී පත්වූ ඇමරිකානු ජනාධිපතිවරයා වෙත සුභ පැතුම් පණිවිඩයක් යොමුකරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
එම සුබපැතුම් පණිවුඩයේ තවදුරටත් මෙසේ සඳහන් වේ.
"ඇමරිකා එක්සත් ජනපදයේ අභිනව ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමේදී ලබාගත් ඓතිහාසික ජයග්‍රහණය සම්බන්ධයෙන් මාගේ උණුසුම් සුභපැතුම් ඔබ වෙත පිරිනමමි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක වශයෙන්ද මාගේ පක්ෂය වන සමගි ජන බලවේගය වෙනුවෙන්ද මෙම ඉහළම ධුරයෙහි කාර්යයන් ඉටු කිරීම සඳහා සූදානම් වන මේ අවස්ථාවේදී ඔබගේ සාර්ථකත්වය වෙනුවෙන් මාගේ සුභ පැතුම් පිරිනමනුයේ ඉමහත් සතුටිනි.
ඇමරිකා එක්සත් ජනපද වැසියන් විසින් මනුෂ්‍යයන් වශයෙන් මෙන්ම පුරවැසියන් වශයෙන්ද සිය යහපත් හැඟීම්වල පිළිබිඹුවක් ඔබ තුළින් දැක ඇති අතර ඔබගේ ජාතියේ සදාචාරාත්මක ශක්තිය පිළිබඳ ඔබ තැබූ විශ්වාසයද එසේම පිළිගෙන ඇත.
ප්‍රජාතන්ත්‍රවාදයේ හා සාධාරණත්වයේ වටිනාකම් ප්‍රවර්ධනය කරනු පිණිස ඔබ ඇමරිකානු ජනතාව සමගින් නැගී සිටි අවස්ථාවේ ඔබගේ එම වේදිකාව තුළින් අපගේ පක්ෂය වන සමගි ජන බලවේගයද පිළිගන්නාවූ පරමාදර්ශයන් හා වටිනාකම් වන ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදය, බහුත්වවාදී දේශප්‍රේමිත්වය හා සමාජ සාධාරණත්වය පිළිබඳ උදාහරණයක් සමස්ත ලෝකය වෙතම ගෙනහැර දක්වන ලදී.
ඔබට මෙන්ම ඔබගේ උප-ජනාධිපති ධුරයට තේරී පත්වූ කමලා හැරිස් මැතිතුමියටද ඇමරිකාව වෙනස් කරමින් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය, මානව හිමිකම් හා පුද්ගලික නිදහස වෙනුවෙන් වූ අරගලයේදී නායකත්ව කාර්ය භාරයක් ඉටු කරනු උදෙසා වූ ප්‍රයත්නය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතමු" යැයි ද එහි දැක්වේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇමෙරිකානු නව ජනාධිපතිවරයාට සජිත්ගෙන් සුබපැතුම්
Gihan Sunday, 08 November 2020 05:18 PM
අනේ හරි ෂෝක්... කට්ටියම යාලුවෝ වෙන්න යන්නේ. හිලරි හරි හොඳයි. පිස්සුනේ..