
(මනෝප්‍රිය ගුණසේකර)
2015 වසරේ කොලොන්නාව මිතොටමුල්ලේ වගුරුබිමක් ගොඩ කර එහි රැඳි සිටි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම අදාල නඩුවේ තීන්දුව ප්‍රශාක කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග වසර දෙකක බරපත වැඩ සහිත සිර දඬුවම් වසර පහකට අත්හිටුවන්න ලෙස නියෝග කළේය.
සිර දඬුවමට අමතර රුපියල් මිලියන 25ක දඩයක් ද මිලියනයක වන්දියක් ද ගෙවන්නැයි අධිකරණය නියෝග කළේය.
දඩය නොගෙවන්නේ නම් වසර නවයක සිර දඬුවමක් ද, වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් වසර තුනක සිරදඬුවමක් ද නියම කරෙිණි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට ඇප පිට නිදහස් . මේ ලංකාවේ නීතියයි.
සියළුම දුෂිත ඉඩම් හොරු දේශපාලන සම්බදතා ඇති අය , නුවර එළියේ තමයි වැඩිම රජයේ ඉඩම් වංචා වෙන්නේ ප්‍රාදේශීය දේශපාලන සම්බන්ධතා මත ප්‍රාදේශිය ලේකම් අල්ලාගෙන.
ඉතාම හොඳ අධිකරණ තීන්දුවක්. හැබැයි රටට විහිළු නොකර තීන්දුව නිසි ලෙස ක්‍රියාත්මක කරන්න. මේ තඩියට ඉහෙන් බහින ලෙඩක් නැහැ. නිකරුනේ ලෙඩ කරලා රෝහල් ගත කරන්න නම් එපා. යම් කිසි වෛද්‍ය වරයෙක් මොහු රෝගියෙකු ලෙස නිර්දේශ කරනවා නම් ඒ තක්කඩි තක්කඩියෙක්. අපි සැම දෙනාම එකට එක්වී මේ පාදඩ දේශපාලන සංස්කෘතිය තුරන් කල යුතුයි.
මුන් කම්බ හොරුනෙ. මුන්ද රට පාලනය කරන්නෙ.
හෙට ඇපපිට නිදහස්... මේ ලංකාව..!
උසාවියෙන් වරදකරු කරනු ලැබු මොහුගේ පර්ලිමෙන්තු මන්ත්‍රි ධුරය ඇහොසි කල යුතුයි!
රටක් පලනය කරන කැබිනට් සාමාජිකයන්ගෙ ස්වරුපය පේනවනෙ. මෙ ව් අය රට පලනය කරනකොට රටක් බන්කොලොත් නොවේද. මෙවගෙ අයට ඇමති කම් දරාගෙන ඉන්න පුලුවද? රජයෙ සෙවකයෙක් උනත් උසවියෙන් වැරදි කරු උනාම කටයුතු කරන විදියක් තියෙනව.
ජයවේවා
මේ දූෂිත පවුල් පාලනයට සහාය දක්වන දේශපාලනඥයන් හට නීතිය ක්‍රියාත්මක වීම ගැන ගරු අධිකරණයට ස්තූති වේවා ... !!!
එකම රටක එක නීතියක්ලු .බලමුකෝ මෙම තීන්දුව හරියටම ක්‍රියාත්මක වෙයිද කියලා.
දැනට එා පිටින් නිදහස් වොලා ඊලග ආන්ඩු ආවට පස්සෙ නිදොස්කොට නිදහස ලැබේ.
අපේ රට පාලනය කරන්නේ මේ වගේ අයද? අපිටම ලැජ්ජා හිතෙනවා. නීතියට ගරුකරලා ඉවත්ව ගියානම් නේද ශිෂ්ඨසම්පන්න...? මේ වගේ අය ආණ්ඩුවේ ඉන්නවා කියන්නේ රටේ නායකයාටත් හොඳ ඇති නේද? බලමු වෙන දේ...!
ලංකාවේ දූෂිත දේශපාලුවන්ට එක නීතියක්... සාමාන්‍ය ජනතාවට වෙනමම නීතියක්... හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා නම් දූෂිත දේශපාලුවන් වැඩිහරියක් ඉන්න ඕනේ හිරේ... ශිෂ්ඨ සම්පන්න රටවල එහෙම වුණාට ලංකාවේ එහෙම නෑ...!
හොඳ කැබිනට් ඇමැති කමකට සුදුසුකමක් ලබාගෙන වගේ නේද? මේ වගේ තක්කඩියන් තාම රට පාලනය කරන්නේ. තරුණයෝ පාරට බැහැලා තියෙන්නේ හොරුන් ගෙදර යවන්න ඕනෙ නිසා නේද?
විනයගරුක පුරවැසියෙක් විදිහට මහාධිකරණ තීන්දුවට හිස නමා දේශපාලනයෙන් සමුගන්න. දේශපාලනයට පිරිසිදු මිනිස්සු අත්‍යාවශ්‍ය කාලයක් දැන් උදාවෙලා තියෙන්නේ. 225ම එපා කියලා තරුණයින් කියන එකත් හරි නේද?
රටේ ජනාධිපති, අගමැති එහෙම නම් මේ අය ගැන කවර කතාද?
අත් හිටවපු සිරදඬුවම කියන්නේ හිරේ යන්නේ නැහැ.. ආයේ වරදක් කළොත් විතරයි හිරේ යන්නේ.. අවුරුදු 2 ක් ඇතුළත ආයිමත් වරදක් කළොත් ඇතුලේ තමයි. මේවගේ අයට මේවා මොනවද..?
මෙයා නිවාස ඇමති කළා විතරයි, නාගරික සංවර්ධනයෙන් කරපු පන්නිපිටියේ වීර මාවතේ නිවාස සංකීර්ණයෙන් නිවාස 100ක් පුච්චපු ගෙවල් ඇමැතීන්ට කියා වෙන්කළා ගිය සතියේ. ලැජ්ජාවක් නැති කෙනෙක්...!
හිතට සතුටක් කොච්චර මදි පාඩු තිබුණත්.., බලාගන්න මේ අය තමයි අපේ රට පාලනය කරන්නේ... ඒ අපේම වැරැදි නිසා, දැන්වත් අපි හරි තීරණ ගනිමු..!
හිටපු මහජන ආරක්ෂක ඇමැති... දැන්වත් ඔබට තේරෙනවද ලංකාවේ ඇමැති තනතුරු දීම කෙතරම් විද්‍යාත්මකයිද කියලා...
වහාම මොහුගේ කැබිනට් ඇමති ධුරය අහෝසි කරන්න ජනාධිපතිවරයා කටයුතු කළ යුතුයි. මොහුගේ මෙම දඬුවම අත් හිටවූ වුණාට මිලියන 25ක් හා තවත් මිලියනයක් දඩ ගෙවීමට තීන්දුව දීලා. දැන් මොහු කෙසේද ඔයතරම් විශාල මුදලක් ගෙවන්නේ? අපි කවුරුත් අහලා තියෙනවනේ ඔය සිද්ධියේ දුරකථන කෝල් එක. මෙයා කෙලින්ම මුදල් ඉල්ලනවා ඒකේ තියෙනවා. හොරු!!! හිරේ නොගියේ ඇයි කියලා තමයි හැමෝම අහන්නේ...!!!
නිල බලයෙන් වංචා, දූෂණ අනිසි වැඩ කරන මහජන නියෝජිතයින්ට මෙයා ආදර්ශයට ගන්න. මේ රට බංකොළොත් වුණේ හිතුවක්කාරී තීන්දු, තීරණ සහ දූෂ්‍ය වංචා නිසා නේද? අද දෙකෝටියකට අධික ජනතාවක් පීඩාවට පත්වෙලා තියෙනවා නේද? ලෝකයේ වෙන රටවල් මේ ඉරණමට පත්වුණේ නැහැ නේද? අනාගත දරු පරපුර වෙනුවෙන් මෙහෙවරක් කරනවා.
එක රටක් එක නීතියක් කියලා නේද කිව්වේ? ඔය සල්ලි හොයාගත්තු ආකාරය ගැනත් අහලා බැලුවොත් නරකද?
බරපතළ අපරාධයකට වැරදිකරු විධියට උසාවියෙන් තීන්දුවක් දුන්නා ම, සදාචාර සම්පන්නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, මහ ඇමතිවරයෙක්, රටේ දැන් ගත්තොත් කැබිනට් අමාත්‍යවරයෙක් ඇත්තට ම ඉල්ලා අස් වෙන්න ඕනේ.
එල .හොඳ වැඩේ
මෙයා මිනිස්සුන්ට ටෙලිෆෝන් කරල තර්නය කරල බලෙන් ලිය කියවිලිවලට අත්සන් ගන්නෙ. ( ඔප්පු වලට, චෙක් වලට, පොරොන්දු ් වලට )