IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඇඳිරිය තිබුණත් එක බැංකුවක් විවෘතව තබන්න

(නිමන්ති රණසිංහ)

ඇඳිරි නිතීය බල පැවැත්වෙන ප‍්‍රදේශවල දිනකට සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම අවම වශයෙන් එක් බැංකු ශාඛාවක් නිශ්චිතව පැය ගණනකට විවෘතව තැබීමට අත්‍යවශ්‍ය සේවාවන් පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කර ඇත.

අත්‍යවශ්‍ය සේවාවන් පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (27) පැවැති රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ.

ගනුදෙනුකරුවන් බැංකු වෙත කැදවීමට වඩා බැංකුව ගනුදෙනුකරුවන් වෙතට යාමේ කි‍්‍රයාමාර්ග මෙන්ම ජංගම බැංකු සේවාවක් හදුන්වා දීමේ කි‍්‍රයාමාර්ග ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය පිළිබදව මෙම රැස්වීමේදී වැඩිදුරටත් අවධානය යොමු කර ඇත.

බැංකු හා මූල්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප‍්‍රධානීන් මෙම රැස්වීමට සහභාගී වී ඇති අතර, මෙවැනි අවදානම් කාලයක හැකි සෑම අවස්ථාවක දීම සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයන් පිළිගන්නා අතරම රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගෙන යාමට උනන්දු විය යුතු බවටද මෙම රැස්වීමේදී සාකච්ඡාවට බදුන් වී තිබේ.

ජාත්‍යන්තර  ගනුදෙනු කිරිම සදහා වාණීජ බැංකුවල රාජකාරිය අඛණ්ඩව පවත්වාගෙන යාම, චෙක්පත් නිශ්කාශන කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම, ඒ ටී එම් යන්ත‍්‍ර නිසි පරිදි පවත්වා ගැනීම, ඒ ටී එම් ජංගම සේවා පැවැත්වීමේ හැකියාව සහ අවම සේවක පිරිසකගේ සහභාගීත්වයෙන් බැංකු ශාඛාවල සේවය අඛණ්ඩව පවත්වා ගැනීම වැනි කරුණු කෙරෙහි ද අතවශ්‍ය සේවාවන් පිළිබද ජනාධිපති කාර්ය සාධක බළකායේ රැස්වීමේදී අවධානය යොමු වී ඇත.
 



අදහස් (1)

ඇඳිරිය තිබුණත් එක බැංකුවක් විවෘතව තබන්න

sadissa Saturday, 28 March 2020 01:40 AM

මටනම් මෙව්වා හතර බීරි කතා! අතුරු පාරකවත් ඉන්න එපාලු. බැංකු ඇරලා හොල්මන් ගනුදෙනු කරන්නද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31452 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13739 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11052 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 146 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1060 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 294 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site