IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇඳිරිනීතිය 10ට ඉවතට

තරිඳු ජයවර්ධන
 
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා අද සවස හතර වන තෙක් පනවා ඇති ඇඳිරිනීතිය උදෑසන 10ට ඉවත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
 
හදිසි නීති රෙගුලාසි අනුව පොලිස්පතිවරයා විසින් ඊයේ සවස 4ට ඇඳිරිනීතිය පනවනු ලැබුවේ පැය 24ක් සඳහා ක්‍රියාත්මක වන පරිදිය.
 
සාමය හා සංහිඳියාවට බාදා ඇති නොවන්නේ නම් හැකි ඉක්මණින් ඇඳිරිනීතිය ඉවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඊයේ පැවසීය. ඒ අනුව පවතින සාමකාමී තත්ත්වය සැලකිල්ලට ගෙන මහනුවරට ඇඳිරිනීතිය ඉවත් කිරීමට තීරණය කළ බවත්, අවශ්‍ය වුවහොත් යළිත් ඇඳිරිනීතිය පනවන බවත් පොලිස් මූලස්ථානය පවසයි. 



අදහස් (7)

ඇඳිරිනීතිය 10ට ඉවතට

Sanath Thursday, 08 March 2018 05:22 AM

මුලදීම මේ විදිහට තදින් නිතිය ක්‍රියාත්මක කලානම් අවාසනාවන්ත සිදුවීම් සියල්ල වලක්වාගත හැකිව තිබුණා. දැන් වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. මුළු ලෝකෙම අපේ රට දිහා පිළිකුලෙන් බලන තත්ත්වයක් ඇති උනා. සංචාරක කර්මාන්තය එක දවසෙන් කඩාගෙන වැටුණා. හරිම කණගාටුයි.

:       170       541

aruna Thursday, 08 March 2018 05:35 AM

ලෝක ආරම්භයේ සිට අද දක්වම එකෙක් පරය තවකෙක් නැගි සිටිම ජිවවිද්‍යාත්මක දෙයක්. පැවැත්ම වෙනුවෙන් සියලු ජිවින් නිරායාසයෙන් තමාගෙ රැල, කන්ඩායම වෙනුවෙන් අරගලයේ යෙදෙනවා. මෙතනදිත් වෙලා තියෙන්නෙ තමගෙ අගම ජාතිය ගැන ඇතිවු පොදු හැගිමක්. එක අනික් ජාතියට විරුද්දව ප්‍රචණ්ඩත්වයක් දක්වා වර්ධනය විමක්. "පාලනය මිස මර්ධනය කල නොහැක"

:       39       140

මාවිල්මඩ වජිර හිමි Thursday, 08 March 2018 06:38 AM

අරුණගේ කියමන අදාල වෙන්නේ මනසින් උසස් යයි කියන මිනිසුන්ට නොවේ. ජාතිය, ආගම, කුලය ගැන හිතන්න කලින් අපි සැවොම මිනිසුන් ලෙස සලකන්න බැරි නම් අප ලබා තිබෙන මේ මිනිසත් කමෙන් ඇති ඵලය කුමක්ද?

:       0       0

ajithThursday, 08 March 2018 08:43 AM

මේකට ප්‍රධාන හේතුව මේ දක්වා ලංකාව පාලනය කල දේශපල්කයෝන්ගේ නොහැකියාව. ජනතාව අන්තිමට පීඩනයට ලක් උනාම මේවගේ දේවල් වලට පෙලබෙනවා. 77,83,88/89 උනෙත් මේවගේ දේවල් තමයි...............

:       0       13

imesh Thursday, 08 March 2018 05:44 AM

මේ රටවල මිනිස්සු අහන ප්‍රශ්න වලට දෙන්න උත්තර නැහැ. කෙටියෙන් කිව්වා නීතිය වෙනස් කියල පුද්ගලයින්ට.

:       3       97

ලුම්බිණි Thursday, 08 March 2018 05:53 AM

මමත් හිතනවා ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්න ප්‍රමාද උනා වැඩියි කියල.

:       1       86

mhesika Thursday, 08 March 2018 10:52 AM

පොලිසිය මොනවා කරන්ඩද? දියවන්නාවේ නියෝග එන්න ඕනි. නැත්තං ජොබ් එක නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31519 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13855 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11069 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 154 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site