(කාංචන කුමාර ආරියදාස)
හබරණ හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේ මිය ගොස් සිටි ඇතින්නියන්ගේ මරණයන් පිළිබඳව වගකීම රජය බාර ගන්නා බව සංචාරක වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති රංජිත් අලුවිහාරේ මහතා පැවසීය.
මාධ්‍ය මගින් දැනුවත් වනතුරුත් වනජීවී දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරයකු තමන්ව දැනුවත් කර නැතැයි අලුවිහාරේ මහතා කීය. හිරිවඩුන්න රක්ෂිත ප්‍රදේශයේ සංචාරයකට එක් වෙමින් ඇමැතිවරයා මෙසේ පැවසීය.
වන අලින් හා ජනතාව සමඟ නිරන්තරයෙන් ගැටුම් ඇතිවීම වැළැක්වීමට රජය ක්‍රියාත්මක නොවීමෙන් මෙම වන අලි මරණ සිදුවන බවත් එහි වගකීම රජය විසින් බාර ගැනීම සිදු කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙවැනි බරපතල ව්‍යසනයක් සිදුව ඇතත් මේ විටත් වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හෝ කිසිදු නිලධාරියකු රජය දැනුවත් නොකිරීම බරපතල වරදක් බව ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් සිගිරිය වනජීවී අඩවි ආරක්ෂක ආර්. එම්. චන්ද්‍රා බණ්ඩාරනායක මහතා මෙසේ කීය.
'මියගිය ඇතින්නියන් කිහිපදෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වෙනවා. යම්කිසි විසක් ශරීරගත වීමෙන් මියගිය බවට දැනට සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. එහෙත් නිශ්චිත වශයෙන් කුමන වසක් විසක් ශරීරගත වූණේද කෙසේ ශරීරගත වුණේ ද යන්න තවදුරටත් සිරුරේ කොටස් රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරනවා.'
එම වාර්තාව කඩිනමින් ලබාගෙන ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා වනජීවී අඩවි ආරක්ෂක නිලධාරීයාට උපදෙස් ලබා දුන්නේය.
මේ වනවිට අලි මිනිස් ගැටුම රටපුරා පවතින බවත් එම නිසා කඩිනමින් යුද හමුදාව යොදාගෙන රක්ෂිත විදුලි වැටවල් ඉදිකිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
යම් කිසි මිනිස් ක්‍රියාකාරකමක් තුළ මෙම වන අලින් මිය ගියේ නම් පරීක්ෂණ වාර්තා සොයා බලා වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දීමට කිසිදු තරාතිරමක් නොබලා පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මෙම ස්ථානයේ සිටි වනජීවී නිලධාරීන් සමඟද ඔවුන්ට ඇති අඩුපාඩුකම් පිළිබඳව ද අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකෙක් කියනවා, අනිකා අහගෙන ඉන්නවා. වැඩ නෑ. ඔන්න ප්‍රශ්න විසඳන ක්‍රමේ...
සත්තු ඉන්නේ කැලේ නෙමෙයි. වනජීවී දෙපාර්තමේන්තුවේ. මම නූතන පරපුර ආයුර්වේදය පිළිබඳව දැනුවත් කරන්න රුපියල් කෝටි 11ක් වියදම් කරලා මහියංගන දඹානේ ලංකාවේ එකම ආයුර්වේද කෞතුකාගාරය හැදුවා. උදේ 8 ඉඳලා හවස 6 වෙනකල් මහජනයාට නැරඹීමට අවස්ථාව තියෙද්දී රාත්‍රී 9ට විතර තුවක්කුත් අරගෙන වනජීවී එකේ 10 දෙනෙක් තුවක්කුත් අරගෙන ඇවිල්ලා මුරකාරයාගේ දුරකථනයත් උදුරලා අරගෙන ප්‍රදර්ශනයට තියලා තිබුණු පෞරාණික බෙහෙත් මංජුසාවල්, ගවඅස්ථි වලින් හදපු බෙහෙත් හැරමිටි, අලිහක්ක වගේ දේවල් ගලවාගෙන ගිහින් නඩු දාලා උසාවියෙන් රුපියල් 110,000/- දඩ ගැහුවා. අලි හක්ක මම මිලදී ගත්තේ කොළඹ ගබෝස් ලේන් එකෙන්. ගලවගෙන ගියපු අනෙක් සියලු මන්ජුසාවන් අවුරුදු දහස් ගණනක් පැරණි ඒවා. වනජීවීය කියන්නේ අනවසරයෙන් සත්ව කොටස් ළඟ තබා ගැනීමට විරුද්ධවලු අත්අඩංගුවට ගත්තේ. ප්‍රධාන දොරටුව අසලට දාල තුබුණු වීදුරුවත් බිඳලා. පොලීසියට කිව්වම කියනවා වනජීවී එකත් එක්ක නඩු කියන්නලු.
අර කට්ටඩියන් එක්ක ඉන්න අපේක්ෂකයා ගැන පරීක්ෂණයක් කරන්න. මිනිහා තමයි ඕකත් කරන්න ඇත්තේ...
අර කට්ටඩියෝ එක්ක ඉන්න අපේක්ශකයා ගැන පරීක්ෂණයක් කරන්න. මිනිහා තමයි ඕකත් කරන්න ඇත්තේ...
දැන් ඔය අනාතවෙලා ඉන්න අලි පැටවාව අපේ ලෝක ප්‍රසිද්ධ පින්නවලට බාර දේවි.., සුද්දන්ට පෙන්නලා කීයක් හරි හොයාගන්න.
නිසි දඬුවම් ලබා දිය යුත්තේ ඇමැතිවරයාටයි. වන අලින් හා ජනතාව සමඟ නිරන්තරයෙන් ගැටුම් ඇතිවීම ඇමැතිවරයා දන්නේ නැද්ද? නැතිනම් මෙයත් දැනගත්තේ මාධ්‍ය මගින්ද? කිසිම නිලධාරියෙක් මෙයට වග කිවයුතු නැත. ඇමතිවරයෙක් වුනාම ඕනෑම දෙයක් කතා කරන්න පුලුවන්ද? වගකීම බාරගන්න බව නිලධාරියෙක් කිව්වා නම් පරීක්ෂණ පවත්වන්න පුළුවන් නම් ඇමතිවරයාට විරුද්ධවත් පරීක්ෂණයක් පැවැත් විය යුතුයි.
යකෝ, අලි මැරුණාම වගකීම බාරගන්නවා. අර මිනිස්සු මැරුණු වෙලාවේ ඒකේ වගකීම බාරගන්න කවුරුත් නෑ.
රටේ මිනිස්සු ගැනවත්, සත්තු ගැනවත් බලන්න කාටවත් වෙලාවක් නැහැනේ. දිනුවට කිය කිය තමන්ගේ බඩ වඩාගන්න ඡන්දෙට වැඩ කරන්න තියනවනේ. අපේ රටට ගිය කලක්..
පෘතුවියට කිලෝමීටර් ලක්ෂ ගණනක් ඈතින් සිදුවන දේවල් දැකීමටත් හැකි අවධියක ලංකාවේ කිලෝමීටර් දෙතුන් සීයකට ඈතින් සිදුවන දේවල්, දැනුවත් කරන තෙක් නොදැන සිටියායි කීම හරියට පාස්කු ප්‍රහාරය ගැන නිලධාරීන් කළ ප්‍රකාශ හා සමානය. මහජනතාවගේ මුදලින් නිකම් පඩිකන මෙම අකාර්යක්ෂම නිලධාරීන් පන්නා දමන්න ඕනේ. රජය වගකීම් භාරගත්තයි කියන දේ තේරුම කුමක්ද? මියගිය අලින්ගේ නෑදෑයන්ට වන්දි මුදල් දෙන්නද බලාපොරොත්තුව? වනාන්තරේ අලින් මරන්නේ, එම සත්වයන් මෙම ප්‍රදේශවලින් ඉවත් වුණාම විල්පත්තු සංහාරකයින් වැනි අයට මෙම ප්‍රදේශ අල්ලා ගත හැකි වන නිසයි. බලධාරීන් උඩ බලාගෙන සිටින්නේ එයට උල්පන්දම් දීමටයි.
ජනාධිපති අපෙක්ෂකයකුගේ බිලි පූජාවක් කියලයි තියෙන්නේ...
ජනාධිපති වෙන්න කලින් අලිසන්හාරය, ජනාධිපති වුණාම මිනිස් සංහාරය. හංසයා රජකරන්න අලිමැරීම...
වගකීම බාරගන්නවලු. හොඳයි ඊගාවට මොකද කරන්නේ? මේ ආණ්ඩු කාලයේම මහ බැංකුව බිංදා. දැන දැනම බෝම්බ වලින් මහජන ජීවිත හානියට පත්වීමට සැලැස්සුවා. කිසිම වගකිවයුතු දේශපාලකයෙකු මොකද කලේ? අඩුම තරමින් කවුරුවත් වගකීම බාරගත්තද? කල් මරමර ප්‍රශ්ණ අමතර කෙරෙව්වා විතරයි. මේක කලින් ආණ්ඩුකරපු අයටත් පොදුයි.
මැරුණු ඔක්කොම ඇතින්නියෝ. ඡන්දෙට බිලි පුජාවක් වත් කළාද? ඔය සාපයෙන්ම පරාදවෙයන්...
වගකීම රජය බාරගන්නවා කියන්නේ මොකක්ද? මිනිමරුවෙක් මිනීමැරුමක වගකීම බාරගත්තම ඔහුට දඬුවමක් ලැබෙනවා. නමුත් මෙතන වගකීම බාරගන්නවා කියන්නේ පුස් වචන කිහිපයක් විතරයි. වනජීවීන්ගේ ආරක්ෂාව භාරව ඉන්න ඇමති දැනගන්න ඕනෑ තමන් යටතේ ඉන්න සේවකයන් මෙහෙයවා තමන්ට රජයෙන් පවරා තිබෙන වගකීම ඉටුකරන්න. බැරි නම් ගෙදරට වෙලා පුළුවන් කෙනෙක්ට කරන්න දෙන්න. වනජීවී ඇමතිට වනසතුන් කියන්නේ තමන්ගේම දරුවන් වගේ හැඟීමක් තිබිය යුතුයි. මේ මරුණු ඇතින්නියන් 7 දෙනා තවත් ඉලක්කමක් විතරයි වගේ...
මේවට හිනායන්නේ වෙනවෙන තැන්වලින්. දැන් කවුද වගකීම බාර අරන් හිරේ යන්නේ? එතකොට තමුන්ගේ පුද්ගලික ධනයෙන් දඩ ගෙවන්නේ කව්ද? අපි මේ වගේ ගොන් කතා ඕනතරම් අහලා තියනවා. අර පොඩි ඇතා තමුන්ගේ අම්මා වටේ කැරකෙන කොට දුක වාවන්න හැකිද මිනිසුන් වුණු අපිට..? බුදුන් තුන් වරක් වැඩියා කියන දේශය නේද මේ...?
රටේ ජනාධිපතිත් එකයි, ඇමැතිවරුත් එකයි.. එයාලා රටේ වෙන සියලු දේවල් දැනගන්නේ පත්තරවලින්. රටේ වෙන දේවල් ගැන හොයන්න තව මෙයාලට වාහන පර්මිට්, තෙල්වලට දීමනා දෙනවද? මෙයාලා ගන්න වැටුපටත් සාපයක් වෙනවා.
වගකීම බාරගත්තා කිව්වනේ. දැන් ඉවරයි හරිය. ආයි කටක් හොල්ලනවා නෙවෙයි හොඳද? එනවා මෙතන...
දුකයි තමයි... එ්ත් වෙලාවකට අර සිංදුවක් මතක් වෙනවා "නැට්ට පිටින් අලි මැරෙනවා මහා වනන්තරේ"
ගෙදර පල. වරද පිළිගත්තා කියන්නේ තමන්ගේ රාජකාරිය පැහැර හැරියා කියන එක.
මේසා විශාල අපරාදයක් රහස් පොලිසියට බාර නොදෙන්නේ ඇයි
යුරෝපයේ රටක නම් වගකීම භාරගන්නවා කියල කිව නම් බොහෝවිට ඇමති ඉල්ලා අස්වෙන්න ඕනේ,එහෙම නැත්නම් පරිපාලනය කරන ඉහල නිලධාරීන්ට විරුද්ධව පියවරක් ගන්න ඕනේ, මෙතන වෙන්නේ වගකීම භාරගත්ත කියල කටින් කියල නිකන්නම මුකුත් නොකර ඉන්න එක. මේක දැන් ලංකාවේ මෝස්තරයක් වෙලා .
සජිතේගෙන් අැහුවනම් විස මොකද්ද කියලා කියයි.