IMG-LOGO

ඇත්ත ද බොරුද?

මාස 18ක් වයසැති තම පුතු සමග පසුගියදා සවස් යාමයක කැනඩාවේ මොන්ටි‍්‍රයල් නුවර උද්‍යානයකට පැමිණෙන මවත් පියාත් දරුවනට නිදහසේ සෙල්ලම් කිරීමට ඉඩ හරිති. තරමක් දුරස්ව තම පුතුගේ ක‍්‍රියාකාරකම් වීඩියෝ ගත කරන පියාගේ කැමරාවට අහසේ පියාඹන විශාල උකුස්සකු හසුවේ. ගතවූයේ නිමේෂයකි. වහා පහත්වන උකුස්සා දරුවා රැගෙන යෑමට උත්සාහ කරයි. අඩි කිහිපයක් ඉහළට රැගෙන යන දරුවා මවගේ කෑ ගැසීම හමුවේ අතහැරී බිමට වැටෙයි. මේ වීඩියෝව බොරුවකියි බොහෝ දෙනෙක් තියති.



අදහස් (0)

ඇත්ත ද බොරුද?

අජන්ත Friday, 21 December 2012 08:49 AM

මම හිතන්නේ මේ කතාව අත්තක් (දී)

:       0       0

මාලක Friday, 21 December 2012 09:18 AM

මේක හදපු වීඩියෝ එකක්.. ඒක හදපු දෙන්නත් පුදුම වෙලා මේ වීඩියෝව මෙච්චර ජනප්‍රිය වීම ගැන එක රැයින්ම.. මේ ලිපියේ සියළුම විස්තර තියෙනවා..!(නු) www.guardian.co.uk/world/video/2012/dec/20/eagle-snatches-baby-students-hoax-video?CMP=twt_fd

:       0       0

ප්‍රණිත් Friday, 21 December 2012 09:43 AM

වැඩිය හිතන්න දෙයක් නැහැ. මොන තාත්තද තමන්ගේ දරුවා උකුස්සෙක්ව අරන් යද්දී කැමරාවක් උස්සගෙන දගලන්නේ? (නි)

:       0       0

සුජීව Thursday, 20 December 2012 07:49 PM

ඇත්ත වෙන්නත් පුලුවන්. (නි)

:       0       0

සරසි Friday, 21 December 2012 10:08 AM

ළමයට වැඩිය උකුස්සට ආදරයෙන් වීඩියෝ එක කරලා තියෙන බවයි පෙනෙන්නේ. (නි)

:       0       0

මලක Friday, 21 December 2012 10:29 AM

චැනල් 4 එකේ තවත් වැඩක් (නු)

:       0       0

මාලක Friday, 21 December 2012 10:34 AM

ඔය කැමරා මායාවක් (දී)

:       0       0

අසන්ක Thursday, 20 December 2012 08:44 PM

මේක කැනඩාවේ ශීත ඍතුව. මේකෙදී තණකොළ වැවෙන්නෙ නැහැ. (නි)

:       0       0

ජයනෙත්ති Thursday, 20 December 2012 08:49 PM

බොරුවක් කියන්නමත් අමාරුයි. (නි)

:       0       0

සංජය Thursday, 20 December 2012 08:50 PM

සමහරවිට වෙන්නත් පුලුවන් නේද? (නි)

:       0       0

සිල්වා Thursday, 20 December 2012 08:49 PM

පොඩි දවස් වල නම් අපි මෙහෙම කතා අහලා තියෙනවා. (නි)

:       0       0

හේරත් Thursday, 20 December 2012 08:55 PM

ඇස් පනාපිට ඔප්පු වන රස කතා.. (නි)

:       0       0

අනුර Thursday, 20 December 2012 09:07 PM

මේක කැනේඩියානු ළමයි කරපු ව්‍යාපෘතියක්. (නි)

:       0       0

සමන් Thursday, 20 December 2012 09:09 PM

අතීතයේත් මෙවන් දේ සිදුවී තියෙනවා (දී)

:       0       0

හේරත් එස්. Friday, 21 December 2012 10:59 AM

ඔන්න බබෝ උකුස්සො එනවා.. සෙල්ම් කරන ළමයි අල්ලන් යනවා..(අම්මා) අමිමි බොරු ටෙක් කතා එපා බොරු කියා මා නලවන්න එපා..!(පුතා)(නු)

:       0       0

සදුන් Thursday, 20 December 2012 09:13 PM

මෙතරම් දුරක සිට උකුස්සාව වීඩියෝ කරනවද? (නි)

:       0       0

මහේෂ් Thursday, 20 December 2012 09:32 PM

ඇත්ත වෙන්න ඇති

:       0       0

සෑම් Thursday, 20 December 2012 09:34 PM

මේක බොරුවක් වෙන්න ඇති. (නි)

:       0       0

අසේල Thursday, 20 December 2012 09:44 PM

මට නම් හිතෙන්නේ ඇත්ත වගෙයි. (නි)

:       0       0

ධනුක Thursday, 20 December 2012 09:43 PM

බොරු නෙමෙයි. කුඩා දරුවා, කුඩා සතෙක් වගේ උකුස්සාට පෙනුනා වෙන්න පුලුවන්. (නි)

:       0       0

තරු Sunday, 23 December 2012 05:33 PM

කෝ මේකේ ළමයා සෙල්ලම් කරනවා දාල නැහැ නේ (දී)

:       0       0

අමිල කටුනායක Thursday, 20 December 2012 10:15 PM

දරුවාට නිය පහරක් හෝ වැදී තිබේද? (නි)

:       0       0

කුරුවිට Friday, 21 December 2012 11:57 AM

පියාඹන බොරුවක්. (නි)

:       0       0

ආනන්ද Thursday, 20 December 2012 10:33 PM

මේක ‍බොරුවක් නෙමෙයි. හොදින් බලන්න. (නි)

:       0       0

හේරත් Friday, 21 December 2012 12:24 PM

අනේ උකුස්සෝ, පැටියව තියලා නෝනව උස්සගෙන යන්නකෝ. (නි)

:       0       0

පී.එස්.කැටවල Friday, 21 December 2012 12:30 PM

අර හදට ගියා වගේ එකක්ද කොහෙද?(නු)

:       0       0

රජිත Thursday, 20 December 2012 10:56 PM

මේක ඇත්ත වගෙයි නේද? (නි)

:       0       0

උපාලි Thursday, 20 December 2012 11:15 PM

අපිත් ඉන්නේ කැනඩා වල. හැබැයි මෙහෙම දෙයක් අපි‍ට නම් ආරංචි වෙලා නැහැ. (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 21 December 2012 12:38 AM

ඒ උකුස්සාව වීඩියෝ කරලා තියෙන්නෙත් තාත්තාමද? (නි)

:       0       0

ඉර්ෆාන් ධර්මා Friday, 21 December 2012 12:51 AM

මෙය බොරුවක් බව ටිකක් විතර හිතන්න පුළුවන්, අම්මගෙයි, තාත්තාගෙයි ඒ වෙලාවේ දක්වන ප්‍රතිචාර බැලුවම, උකුස්සෙක් ළමයෙක්ව අරන් යන්න හදනවා කියන්නේ ඇග කිළිපොලායන දෙයක්. ඒත් මෙයා ඒක එකදිගට රුපගත කරනවා. (උකුස්සා එක පාරට හැරිලා ආපු ගමන් ගොදුරු කර ගන්නේ නැහැ) උකුස්සෝ ගොදුර දිහා උඩ ඉදල බලාගෙන ඉදලයි පහත් වෙන්නේ, නමුත් මේකේ වෙන දිහාවකට යනගමන් එක පාරටම හැරිලා ඇවිත් ලමයව උස්සනවා, ඒක දකින අම්ම ප්‍රතිචාර දක්වන්නේත් ගොඩක් හිමින්, රගපෑම දුර්වලයි, ඒත් සංස්කරණය හොදයි. (නි)

:       0       0

දයාල් Friday, 21 December 2012 01:05 AM

උකුස්සන් ලොකු කුකුලන්ව අල්ලගෙන යනවා මම දැකලා තියෙනවා. මට හිතෙන්නෙ මේක ඇත්ත. (නි)

:       0       0

නිත්‍යා Friday, 04 January 2013 03:05 PM

ඇත්ත වුණත් බොරු වුණත් මේ වගේ සිදුවීම් දකින්න කාටවත් සිද්ධ වෙන්න එපා.හද කම්පා කරවනවා (ස)

:       0       0

හිල්මි Friday, 21 December 2012 02:13 AM

මේක මමත් බැලුවා. මේක පරිඝනක ජිල්මාට් එකක් කියලයි මම නම් කියන්නේ. (නි)

:       0       0

ඔසී Friday, 21 December 2012 02:55 AM

මේක ඇත්ත. මේක මේ පැති වල සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. (නි)

:       0       0

සෑම් Friday, 21 December 2012 01:41 PM

මේක කැනඩාවේ ඇනිමේශන් පාඨමාලාවක් හදාරන හතර දෙනෙක් නිර්මාණය කරපු වීඩියෝ එකක්. අන්තිම රාමුවල පෙන්වන දරුවා සහ පියා හැර අනිත් දේවල් නිර්මාණය කරපු දේවල්. අන්තර්ජාලයේ හොයලා බැලුවොත් ඇත්ත හොයා ගන්න පුලුවන්.(නු)

:       0       0

ජෙරී Friday, 21 December 2012 02:10 PM

පුදුමයි. ඒ උකුස්සෙක්ද? (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 21 December 2012 04:19 AM

මට පෙනෙන විදිහට නම් මේක සත්‍ය සිදුවීමක්. (නි)

:       0       0

කීර්ති Friday, 21 December 2012 02:06 PM

උකුස්සා නිසා අත්හැරලා ගියා කියලා හිතාගන්න. (නි)

:       0       0

ලුම්බිණි Friday, 21 December 2012 04:56 AM

මේක හදපු වීඩියෝ එකක්ලු. හැදුවේ මොන්ටි‍්‍රයල් වල ඉස්කෝලෙක ළමයි වගයක්ලු. ඇත්තක් නොවෙයිලු. (නි)

:       0       0

ජනක Friday, 21 December 2012 05:03 AM

මේ වීඩියෝව බොරුවක් කියලා මම කියනවා. මේ වීඩියෝ එක ළං (සූම්) කරලා බලපුවහම පේනවා උකුස්සාගේ පිහාටු නැති වෙනවා සහ උකුස්සාගේ හෙවනැල්ල හිටපු ගමන් පොළව මත වැටෙනවා. මේ වීඩියෝව හුගක් ප්‍රසිද්ධ වුණා. නමුත් අගනා නිර්මාණයක්. (නි)

:       0       0

තිසල් Friday, 21 December 2012 05:41 AM

තාත්තා වීඩියෝ කරලා තියෙන්නේ ළමයාව නෙමෙයි වගේ, මට නම් හිතෙන්නේ උකුස්සාවයි අරගෙන තියෙන්නේ වීඩියෝ එකට. (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 21 December 2012 02:36 PM

මම ඉන්නේ ප්‍රංශයේ.. ඒ අය කතා කරන්නේ ප්‍රංශ භාෂාව.. කැනඩාවෙ අය ගොඩක් ප්‍රංශ භාෂාව කතා කරනවා.. ළමයාගේ තාත්තා නෙමයි ඕක කැමරා කරලා තියෙන්නේ? එතැන හිටපු වෙන‍ කෙනෙක්.. එයා ඇවිත් ළමයාගෙ තාත්තගෙන් අහන්නේ ළමයාට කරදරයක් නැහැ‍ නේද කියලා..!(නු)

:       0       0

අජිත් Friday, 21 December 2012 06:47 AM

ඇයි අහලා නැද්ද, බුද්ධ කාලයේ සිදු වූ සිදුවීමක්? පටාචාරා කතා වස්තුව... එහිදී ඇයගේ එක දරුවෙකු උකුස්සෙකු ඩැහැගෙන ගිය බව සදහන් වේ. මෙවැනි දෑ බොරු යැයි ප්‍රතික්ෂේප කළ නොහැකියි. (නි)

:       0       0

දිසා Friday, 21 December 2012 06:58 AM

මූ උකුස්සෙක් වුණ නිසා බේරුණා. බැරිවෙලාවත් ඕක ලංකාවේ සුදු වෑන් එකක් වුණා නම්.... (නි)

:       0       0

මාතර Friday, 21 December 2012 02:57 PM

බලන්න මේක..!(නු) http://www.bbc.co.uk/news/world-us-canada-20794346

:       0       0

හේරත් Friday, 21 December 2012 07:10 AM

ඔන්න පුතේ උකුස්සෙක්... හා හා බලාගෙන.... (නි)

:       0       0

විරාජ් Friday, 21 December 2012 07:35 AM

මේක බොරුවක්. (නි)

:       0       0

සෑම් Friday, 21 December 2012 07:56 AM

ගෝල්ඩන් ඊගල් කියන රාජාලියා තමයි ඔය වීඩියෝ එකේ ඉන්නේ. උන් ලංකාවේ නැහැ. වැඩිපුර මොන්ගෝලියාවේ දැකගන්න පුලුවන්. ගෝල්ඩන් ඊගල්ට පුළුවන් එළුවන්, බැටළුවන්, නරියන්, වෘකයන් පවා දඩයම් කරන්න. අන්තර් ජාලයේ පොඩ්ඩක් විමර්ෂණය කරලා බලන්න. (නි)

:       0       0

ශිෆාන් Friday, 21 December 2012 08:23 AM

උකුස්සෙක් බිමට පහත්වෙන වේගය තටු ගහන්නෙත් නැතුවම එකපාරටම වෙනස් වෙන්නෙ කොහොමද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 139 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 427 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site