(විනීතා එම් ගමගේ)
ඇඟළුම් කර්මාන්ත ශාලාවල අප්‍රේල් වැටුප් හා අත්තිකාරම් නොගවීමට තීරණය කර ඇති සිද්ධීන් පිළිබදව පැමිණිලි ලැබෙමින් පවතින බව කම්කරු අමාත්‍යංශය කියයි.
පළාත් මට්ටමින් එම පැමිණිලි එකතු කර අමාත්‍යංශ්‍ය වෙත එවන මෙන් පළාත් කම්කරු කොමසාරිස්වරුන්ට දන්වා ඇති බවත් ඒවා පිළිබදව කම්කරු අමාත්‍යංශයේ දී එකින් එක අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍යංශයේ ලේකම් සරත් අබේගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.
බොහොමයක් කම්හල්වලට ඇඟළුම් ඇණවුම් නොලැබෙන තත්ත්වයක් උදාවී ඇතැයි ද ලෝකයම ආපදාවට ලක්වීම නිසා වඩාත් බරපතල තත්ත්වයට පත්ව ඇති බව ද ඔහු කියා සිටියේය.
පවතින තත්ත්වය සේවක පිරිස්වලට මෙන්ම කම්හල් හිමියන්ට ද බරපතල ආපදාකාරි තත්ත්වයක් බවත් එබැවින් සිද්ධීන් එකින් එක ගෙන විග‍්‍රහ කර බැලිය යුතුව ඇති බවත් ලේකම්වරයා කියා සිටියේය.
හාම්පුතුන් හා සේවකයින් යන දෙපාර්ශවයටම සාධාරණයක් ඉටුවන අන්දමින් කටයුතු කළ යුතුව ඇති බවත් රජය පැත්තෙන් කළ යුතු සියලූ මැදිහත් වීම් සිදුකරන බවත් ඔහු කියාසිටියේය.
තීරණයක් ගැනීමට මේ මස 10 වැනිදා දක්වා කල් ගත යුතුව ඇතැයි පැවසූ ලේකම්වරයා කෙසේ වුවද මේ වනවිටත් සමහර කම්හල් සමග සාකච්ඡා කරමින් සිටින බව ද කියා සිටියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇඟළුම් ක්ෂේත්‍රයේ වැටුප් ගෙවීම අසීරු අභියෝගයක්