
(අංජුල මහික වීරරත්න)
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්වරුන් සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෝ පළමු වරට ජනාධිපති කාර්යාලයේදී අද (22) රැස් වූහ.
සියලුම පුරවැසියන් සඳහා සුරක්ෂිත, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර ආහාර පද්ධතියක් සහතික කර ලීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ අරමුණ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී නිරවද්‍ය දත්ත හා තොරතුරු ඉතා වැදගත් බැවින් ඒවා නොමැතිව තීරණ ගැනීමේ අවදානම තවදුරටත් දැරීමට රජය සූදානම් නැති බවත් නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් සකස් කිරීමට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙන බවත් මෙහිදී අවධාරණය කෙරුණු බවද ජනාධිපති කාර්යාලය කියයි.
සෘජු පරිභෝජනයට මෙන්ම, කුකුළු හා බිත්තර කර්මාන්තයට අවශ්‍ය සත්ව ආහාර, බියර් නිෂ්පාදනය වැනි මානව පරිභෝජනයට අදාළ සියලු කර්මාන්ත සඳහාද යෙදවුම් වශයෙන් සහල් ලබා දීම රජයේ සංවර්ධිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේදී සලකා බැලිය යුතු බව කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා මෙහිදී කීය.
තවද රටේ ජනතාවගේ ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතු බවත් නිරෝගී ජනතාවක් බිහි කිරීමට මෙන්ම ආහාර අපතේ යාම වැලැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා කමිටු සාමාජිකයින්ට උපදෙස් දුන්නේය.
ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති රාමුවක් ඇති කිරීම, අත්‍යවශ්‍ය ආහාර තොරතුරු පද්ධතියක් පවත්වා ගෙන යාම, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිර්ණායක ඔස්සේ නව වැඩපිළිවෙළක් සකස් කිරීම, විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ දේශීය නිෂ්පාදන වැඩි කිරීම සහ බෙදා හැරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම ආදි කරුණු රැසක් මෙහිදී අවධානයට ලක් විය.
ආහාර සුරක්ෂිතතාව, ආහාර මිල සහ වෙළෙඳපොළ කළමනාකරණය පිළිබඳවද මෙහිදී සාකච්ජා කෙරිණි.අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී. සපුතන්ත්‍රී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
මහින්ද, මෛත්‍රී, ගෝඨාභය සහ රනිල්ගේ ආණ්ඩු සමයේ අහාර සුරක්ෂිතතාවයන් සහ දත්ත පද්ධති පිලිබඳව සාකච්ඡා කිරීමට පැමිණි නිලධාරීන් අනුර දිසානායක ජනාධිපති නියෝජනය කරමින් පැමිණි සහෝදරයන් දෙදෙනා / යටතේත් සාකච්ඡාවලට පැමිණ තිබෙන බවක් පෙනේ. එයින් පෙනී යන්නේ පසුගිය රජයන් සමයේ සිදුවූ සාකච්ඡාවලට පමණක් සිමා වී සාකච්ඡාවෙන් පසු කිසිවක් ක්‍රියාත්මක නොවූ බවකි.
ආහාර අපතේ යාම ගෝලීය වශයෙනුත් සාකච්චාවට භාජනය වී තිබෙනවා. හෝටල් වල හෝ කෑම සපයන තැන්වල හෝ ආහාර බෙදාදීමේ සහ බෙදා ගැනීමේදී කෑමට නොහැකි ප්‍රමාණයට කෑම බෙදා ගන්නවා. උත්සව වලදීත් එහෙමයි. ඒ වගේම කෑම බෙදා ලබා දෙනවිට විශාල ප්‍රමාණයක් බත් බෙදනවා. අවසානයේ කෑම විසි කරනවා. කෑම බෙදාගන්නා විට තමාට කෑමට පුළුවන් ප්‍රමාණයට බෙදාගන්න එක කාගේත් වග කීමක්. දෙවනුව, බෙදලා කෑම සැපයීමේදී (මේසයට හෝ පැකට් හැටියට), ප්‍රමාණය අඩු කෑම එකක් අඩු මිලකට දීමට පුළුවන්. පොඩි එකක් ගන්නවද ලොකු කෑම එකක් ගන්නවද පාරිභෝගිකයාට තෝරාගන්න පුළුවන්. ඒ ගැනත් අවධානය යොමු කිරීම වැදගත්.. මිට පෙර තිබුනා කෑම භාගයක් සහ full එකක් කියලා. ඒවා නැවත පුරුද්දක් හැටියට ගෙන ඒම සුදුසුයි. හොටල වලිනුත් විශාල ලෙස කෑම අපතේ යෑම් සිදුවනවා. ඒ ගැනත් සිතියයුතු කාලයක්