නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා කෙළඹ හුණුපිටියේ ගංගාරාමයට අද (1) බොහෝ පිරිස් ආහ. ගංගාරාමාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ඥානිස්සර නාහිමියෝ හැමටම පිරිත් නූලක් හා තුටු පඬුරු බෙදා දුන්හ. විවිධ වයස් හි පිරිස් සුදු ඇඳුමින් සැරැසී මහා දිග පෝලිම්වල සිටියහ. බෝහෝ දෙනා ඇත තෙල් මල් පහන් ද විය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ආසිරි පතා ගංගාරාමෙට මහා පිරිස්
සිල්වා Tuesday, 01 January 2013 01:12 PM
ලැබුවා වූ නව වසරට සුභාසිරි පතමි. (නි)
කිත්සිරි Wednesday, 02 January 2013 08:58 AM
ලොකු පොඩි සියල්ලන්ටම එකසේ සළකන පොඩි හාමුදුරුවන් සියලු යතිවරුන්ට ආදර්ශයකි. (නි)
යොවුන්සලවි Tuesday, 01 January 2013 10:23 AM
මෙම ආගමේ සිරිතට කිසිවක් නොකියමි.සැවොම පිළිපදින්නේ සුද්දන්ගේ අවුරුද්දයි.මෙය කීමට හිටියේ එකම එක පුද්ගලයා "සෝම හාමදුරුවන් පමණයි" .....(ස)
ජනක Tuesday, 01 January 2013 10:31 AM
මෙවැනි දවසක ආගමට දහමට නැඹුරුවීම අගය කරනවා (ස)
සමන්ත -කොරියා සිට Tuesday, 01 January 2013 10:33 AM
සැමටම සුබ නව වසරක් වේවා! දැක්කම පුදුම සතුටකි ඇතිවන්නේ ... සැමට තෙරුවන් සරණයි ! (ස)
යවනාඩ් Tuesday, 01 January 2013 10:54 AM
මොකක් කළත් සමහරු දකින්නේ වැරදි පැත්තමයි. (නි)
අනුර Tuesday, 01 January 2013 11:19 AM
සියලු දෙනාටම සුභම සුභ නව වසරක් වේවා! (නි)
අජිත් Tuesday, 01 January 2013 11:26 AM
ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා! (නි)
මංජුල Tuesday, 01 January 2013 12:01 PM
යෝනුසලවි, ඔබ හරි. එතකොට සිංහල කට්ටියට කෝ අවුරුදු? (නි)
සුනිල් Tuesday, 01 January 2013 11:58 AM
හෘද සාක්ෂිය අනුව තමන් ධාර්මිශ්ඨ නම් වෙනත් කිසිදු ආශිර්වාදයක් අනවශ්‍ය බවයි මගේ හැගීම වෙන්නේ. (නි)
පෙරේරා Tuesday, 01 January 2013 12:06 PM
අද හෙට කියලා වෙනසක් නැහැ. අපි හැමදාම බුදුදහම වෙනුවෙන් වැඩකරනවා. (නි)
වසන්ත Tuesday, 01 January 2013 12:46 PM
අපිත් අපේ මවු රටේ හිටියා නම් කියලා හිතෙනවා. (නි)