IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ආසන ගණන ඉක්මවා මගීන් රැගෙන ගිය බස් රථ 51ක් අල්ලයි

 

(ප්‍රදීප් කුමාර කුලරත්න)

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබාදී ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරමින් ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ 51 ක දෛනික ගමන්වාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු චානක ලංකානන්ද මහතා අද (17) පැවසීය.

ඒ සමගම බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයාගේ සේවයද අත්හිටු වීමට පියවර ගත්  බව චානක ලංකානන්ද මහතා වැඩිදුරටත් කීය.

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ආසන ගණනට මගින් ප්‍රවාහනය කරන ලෙසට සෞඛ්‍ය අංශ මගින් ලබා දී තිබූ උපදෙස් උල්ලංඝනය කරමින් වැඩිපුර මගීන් ප්‍රවාහනය කරන බවට පසුගිය කාලය පුරා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන ප්‍රාදේශීය කාර්යාල හතකට පැමිණිලි රැසක් ලැබී තිබුණි.

ඒ අනුව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතාගේ උපදෙස් මත මාර්ග පරීක්ෂක නිලධාරීන් යොදවා කොළඹ අංක 4 කාර්යාලය යටතේ පාලනය වන පෞද්ගලික බස් රථ 1078 පරීක්ෂාවට ලක් කර තිබූ අතර එම පරීක්ෂාවේදී ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස්රථ පනස් එකක්  හමු වූ බව කියා සිටී.

පසුව එම බස් රථයේ දෛනික ධාවන ගමන් වාර දින තුනකට අත්හිටුවීමටත් එහි සේවය කළ රියදුරු හා කොන්දොස්තරවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවත්  කියයි.

ඒ 2021.01.01 දා සිට 2021.02.17 දා දක්වා සිදුකළ වැටලීම් වලින් බව ද පැවසේ.

මෙම බස්රථ පිටකොටුව සිට කොට්ටාව, හෝමාගම, මහරගම,  මත්තේගොඩ, අවිස්සාවේල්ල, කොට්ටාව-පිලියන්දල, මහරගම-පිළියන්දල, මහරගම-කටුවාවල, මොරගහහේන-කොට්ටාව, කොට්ටාව-තලගල, හෝමාගම සහ හංවැල්ල යන මාර්ගවල ධාවනය වන පෞද්ගලික බස් රථ බවද පැවසේ.

මෙම වැටලීම් ඉදිරියටත් සිදුකරනා අතර අදාළ බස් රථ වල තවදුරටත් වැඩිපුර මගීන් ප්‍රවාහනය කලහොත් ඔවුන්ගේ මාර්ග බලපත්‍රය අත්හිටුවීමට පියවර ගන්නා බව ද ප්‍රාදේශීය කළමනාකරු චානක ලංකානන්ද මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම වැටලීමට ප්‍රාදේශීය කළමනාකරු චානක ලංකානන්ද මහතාගේ උපදෙස් මත, කොළඹ අංක 4 ප්‍රාදේශීය කාර්යාලයේ මාර්ග පරීක්ෂක කණ්ඩායම් නායක, කේ.එම් . ප්‍රසන්ත, ඩී.එම්. පියසේන, ඩී.ටී.කේ.සී. සේරම්, එස්. රණවීර, සම්පත් පෙරේරා සහ ජයවික්‍රම මිහිරාජ් ඇතුළු  නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.



අදහස් (3)

ආසන ගණන ඉක්මවා මගීන් රැගෙන ගිය බස් රථ 51ක් අල්ලයි

Raveendra Wednesday, 17 February 2021 04:52 PM

උදේට, හවසට කාර්යාලය වෙලාවට යන එන ලංගම බස් එහෙම මේ උන්දැලාට පෙනිලා නෑ මම හිතන්නේ... ප්‍රයිවට් බස් වල විතරක් කොරෝනා බෝ වෙනවා කියලා හොයාගත්ත උත්තමයාට දෙන්න ඕනේ ධම්මික පැණි බෝතලයක්ම...

:       0       0

Dewa Thursday, 18 February 2021 08:26 AM

මේවා ඔක්කොම බොරු බයිලා...

:       0       0

Chinthaka Thursday, 18 February 2021 10:44 AM

ඔය කියපු මාර්ගවල විතරක් නොවේ. හැම තැනම ඔහොම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31516 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13849 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11068 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site