IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්නැයි ජනපතිගෙන් කැබිනට් පත්‍රිකාවක්


 
අජන්ත කුමාර අගලකඩ
 
අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරිම සඳහා ජනාධිපතිවරයා විසින් තවත් කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවති කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබු බව වාර්තා වේ.

ආපදා කළමනාකරණ කමිටුව අහෝසි කර එම කටයුතු කැබිනට් මණ්ඩලයට පැවරීමට ජනාධිපතිවරයා එම කැබිනට්  පත්‍රිකාවෙන් යෝජනා කර ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කැබිනට් මණ්ඩලය තුළ දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු කාරණා සම්බන්ධයෙන් ඇමැති අනුකමිටුව පත් කර එම  කටයුතු සිදු කළ හැකි යැයි ද ජනාධිපතිවරයා සමගින් පෙන්වා දී ඇති බව වාර්තා වේ.

ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කළ යුතු බවට ජනාධිපතිවරයා මීට සති දෙකකට  පමණ ඉහත දී ද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි.



අදහස් (6)

ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්නැයි ජනපතිගෙන් කැබිනට් පත්‍රිකාවක්

saliya Tuesday, 20 March 2018 05:35 PM

ශ්‍රී ල නි ප යෙන් කැබිනට් එකේ ඉන්න වැඩි දෙනෙක් , තවමත් මහින්ද චින්තනය කර ගහ ගෙන ඉන්න, ආණ්ඩුව වට්ටන එක එකම අරමුණ කර ගත් අය . මුලින්ම ඔවුන් ට අයින් වෙන්න කියන එක අවශ්‍යයි නේද ? එසේ නොකර මේ කැබිනට් මණ්ඩලය ආර්ථිකය ගැන පොදු අරමුණක් ඉලක්ක කර ඉදිරියට යා හැකිද? යහපත් දැක්මක් ඇති අලුත් උපදේශක මණ්ඩලයක් අවශ්‍යයි . දැන් ඉන්නේ ලනු දෙන අය .

:       0       0

Chandima Tuesday, 20 March 2018 05:48 PM

එක එක ඒවා එක එක කාලෙට පටන්ගන්නවා මොනවා කරනවද කියල කවුරු දන්නවද මන්ද, අන්තිමට අහෝසි කරනවා, තව මොකක් හරි ආයෙත් පටන්ගන්නවා, කාලයක් ගිහින් ඒකටත් වෙච්ච දෙයක් නැහැ, ඔන්න ඕක තමයි දිගටම වෙන්නේ. මොනවාද ඔයාලා මේ රටට කරන්නේ?

:       0       0

sirimal Tuesday, 20 March 2018 06:51 PM

ජනාධිපති වරයාට අතීතය ඉක්මනින් අමතකවී ඇත. අගමැති වරයා යටතේ ඇති ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට ඔහුට අවශ්‍යව ඇත්තේ දෙදෙනා අතර අනුන් විසින් ගොඩනංවා ඇති විරසකයක් හේතුවෙන් විය යුතුය. මේ විරසකය වැඩි දියුණු කිරීමට කටයුතු කරන්නේ ආණ්ඩුවේම කන්දෙකේ ඉඳගෙන ඇස් ගෙඩි වලට කොටන පෙර මහින්ද රාජපක්ෂ දිනවීමට ක්‍රියා කල පිරිස විසිනි. ආණ්ඩුවට ඇත්තේ තව අවුරුදු එක හමාරකි. ආණ්ඩුව කරන සමහර වැඩ කටයුතු සහ මාධ්‍ය මඟින් ගෙන යන අසාමාන්‍ය බොරු ප්‍රචාර නිසා මේ යන පිළිවෙලට මහින්ද තමන්ගේ ජනප්‍රිය තාවය තව තවත් වැඩි කර ගන්නවා නොඅනුමානය.

:       0       0

Surath Tuesday, 20 March 2018 09:00 PM

බොරු සෝබන, මහ ජනතාව රවට්ටන්න.

:       0       0

සමන්ත Wednesday, 21 March 2018 02:46 AM

"2015 ජනවාරි චන්දය දුන් ලක්ෂ හැට දෙකක ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට අසමත් වූ ජනාධිපති වරයෙක්, තව දුරටත් ආණ්ඩුවේ කකුලෙන් අදින්නේ නම් ඒ.ජා.පෙ. රජය දැන්වත් වහාම තමන්ගේ සහ ජනතාවගේ ආරක්ෂාව උදෙසා ක්‍රියාත්මක් වීමට තරම් බුද්ධිමත් විය යුතුය. ඉන්දියාව ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රජාව විසින් නැවත පරණ හොරු බලයට ගෙනඒමට තැත් කරනු දකින්නට නොකැමැති බව ජනාධිපති වරයා විසින් කාරුණිකව වටහා ගත යුතුය. ජනතාව බලා සිටියි.

:       0       0

දිලුම් Wednesday, 21 March 2018 03:19 AM

මේ කමිටුව නවත්වන එකමයි හොද. ඔක්කොම හොර වැඩ ඕකට දාල අනුමත කරගෙන කරගන්නවා. ස්තූතියි ජනපතිතුමනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31519 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13855 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11069 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 154 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site