ආණ්ඩුවෙ ඉහළම කට්ටලේ ඉතින් දෙතුන් දෙනෙක් රටේ ලොකු මහත්තයත් එක්ක කැබිනට් සංශෝධනයක් ගැන කතා කළා කියලා ආරංචියි. මෙතනදි කතාවෙලා තියෙන්නෙ ආණ්ඩුවෙ ප්‍රධානම විෂයන් දෙකක් වෙනස් කිරීම ගැනලු.
හුඟක් අර්බුදවලට හේතු වෙච්ච මේ විෂයන් දෙකෙන් එකක් සල්ලිවලට ආර්ථිකයට සම්බන්ධයි.. අනෙක එක්තරා ප්‍රවාහන මාධ්‍යයකට සම්බන්දයි. මේ අමාත්‍යංශෙ පිහිටලා තියෙන්නෙත් මුහුද අයිනෙමයි.. මේ දෙකේම දැන් වගකිවයුත්තො හැටියට ඉන්නෙ අලිපාටියෙ දෙන්නෙක්...
ඉතින් මේ දෙන්නගෙ වැඩ ගැන සතුටක් නැති බව රටේ ලොකුමහත්තයගෙ කටින්මත් කියැවුණාලු. ඒ නිසා රටේ හදගැස්මට කෙළින්ම බලපාන ආර්ථිකයට සල්ලිවලට සම්බන්ධ විෂය ආණ්ඩුවෙ දෙවැනි මහත්තයට භාරගන්න කියලා ආරාධනා කළාලූ. අනෙත් විෂයට සුදුස්සෙක් පස්සෙ තෝරා ගනිමු කීවලු.
මේ ගැන තීන්දුවක් ගන්න වහාම වැඩේ ක්‍රියාත්මක කරන්න කැබිනට් සංශෝධනේ කරන්න ඕනෑ කියලත් තීන්දුවක් ගත්තලු..

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.