
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව සඳහා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (11) පස්වරුවේ පැවසීය.
අරලියගහ මන්දිරය අසළ ඇතිවූ සිදුවීමත් සමඟ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහි රැඳීසිටීම සුදුසු නොවන බවත් ඔහුගේ ආරක්ෂාවට ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.
හිටපු අගමැතිවරයා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට තාවකාලිකව රැගෙන ගිය බවත් පවතින තත්ත්වය යහපත් වූ පසුව ඔහු කැමති ස්ථානයකට පිටත් කර හරින බවත් අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
අපි හිතුවේ කට වගේම වැඩත් ඇතියි කියලා... බලපුවාම බයගුල්ලෙක්නේ...
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ව ඇයි ඒ විදිහට තියාගෙන, මුළු පරම්පරාවටම කන්න, බොන්න දිදී තියාගෙන ඉන්නේ..?
මහින්ද රාජපක්ෂ පරිණත දේශපාලඥයෙක් වශයෙන් අඩුම තරමේ විනාඩි 10ක් ජාතිය අමතලා, රටේ තියෙන තත්වය මිනිසුන්ට කියලා, තමන් අගමැති ධුරයෙන් අයින් වෙනවා කියලා ගෞරවයෙන් යන්න. අනික රටේ මිනිස්සු විඳින දුක ඔවුන් දැක්කේ නැද්ද? පැය 5, පැය 6 පොලිම් ගානේ... අන්තිමට අපේ රටේ වැදගත් යයි අපට යම්යම් අවස්ථාවල සිටින නායකයින්, අන්තිමට සමාජයෙන් විවිධ ගැරහුම්, නින්දා ලබමින් යන තත්වයට පත්වීම සැබවින්ම කණගාටු දායකයි, අවසානයේ ඔහු බලය වෙනුවෙන් තෝරාගත් විකල්පයත්, ඇසුරුකළ දේශපාලනික අනුගාමිකයෝත් මේ අරගලයට වගකිව යුතුයි... මීට මූලික හේතුව අප රටේ මිනිස්සු හැමදාම පාලකයින්... ඔවුන්ගේ වීරයෝ කරගැනීම තමයි මූලික ගැටලුව... මහින්ද ඔබට සුඛගමන්... යුද්ධය වෙනුවෙන් කළ දායකත්වයට" ඔබට මේ රට වෙනුවෙන් මීට වඩා යමක් කරන්න තිබුණා. ඒත් දැන් ඒ අවස්ථාව හමාරවී ඇත. අප රටේ මිනිසුන් තව බොහෝ කාලයක් මේ ආර්ථික පීඩනය හමුවේ ඔබට දොස් පරොස් නගනු ඇත.
විජේවීර කියන ත්‍රස්තවාදියාගේ පවුලම අවුරුදු ගාණක් නාවුක හමුදාවේ ආරක්ෂාව යටතේ හිටිය බව මතක නැද්ද?
ගෙදරට දහස් ගණන් මිනිසුන් කැඳවා නිර්පාක්ෂික උද්ඝෝෂකයින්ට අමානුෂික ලෙස පහර දෙන්න උදව් කළ පුද්ගලයාට මහජන මුදල් වලින්ම ආරක්ෂාව සපයනවා කියන්නේ මිනිස්සු නම් වෙන්න බෑ. මේ අය ගැනත් පරීක්ෂණ කරන්න වෙනවා.
ඇයි නිරායුධ ජනතාවට පහරදුන් ත්‍රස්ත කණ්ඩායමේ නායකයා අත්අඩංගුවට නොගෙන මහජන මුදල් වැයකරමින් ආරක්ෂා කරන්නේ..?
ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යා යුතුයි නේද? සිදුවුණු දේ ඔහුගේ නිර්මාණයක් නේද? රටම කැතකළා...
මහින්ද රාජපක්ෂ කෙරෙහි රටේ මිනිසුන්ගේ යම් ගෞරවයක් තිබුණා නම්, එය ඔහු විසින්ම සම්පූර්ණයෙන්ම කෙළසා ගත්තා.
රටම අනාරක්ෂිත කරපු කෙනාව හමුදා කඳවුරුවල තබා ආරක්ෂා කරනවා. මේ රටේ මෙතෙක් ඇතිවූ සියලුම ගිනි තැබීම් හා සියලු කඩාකප්පල් ක්‍රියා වලට ඔහු වගකිව යුතුයි. හොඳට තිබූ රටක් දූෂිත පවුල් පාලනයක් නිසා විනාශ වී ගිය හැටි...