IMG-LOGO

ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලා යළි ඇරඹීමට පියවර


( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශලා එහි නිෂ්පාදන කටයුතු යළි ක්‍රමානුකූලව ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. 

සෞඛ්‍ය අමාත්‍යාංශ මඟින් නිකුත් කර ඇති ආරක්ෂිත ක්‍රමවේද හා මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් මෙන්ම මඟපෙන්වීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් සිදුකෙරේ.

ඒ අනුව කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑමට අවශ්‍ය ඇඳිරී නීති බලපත්‍ර ලබාගැනීම සඳහා [email protected] විද්‍යුත් ලිපිනයෙන් ඉල්ලුම් කරන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල මහතා ඉල්ලා සිටි.

ක්‍රමානුකූලව ආර්ථිකය විවෘත කරමින් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුවීමත් සමඟ ඊට ශක්තියක් ලබාදෙමින් ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු පටන් ගැනීම මෙහි අරමුණ බව මොහොට්ටාල මහතා වැඩිදුටත් පැවසීය. 

 



අදහස් (15)

ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලා යළි ඇරඹීමට පියවර

Akila Friday, 17 April 2020 02:14 AM

මුලදී සුළු සේවක සංඛ්‍යාවක් පමණක් එක්ක ආරම්බ කලානම් හරි , සියලුදෙනාටම මුක ආවරණ පැලදීම අනිවාර්යය කරන්න. ඒවගේම සෑම සෙක්ෂන් එකකම අත්දෙක පිරිසිදු කිරීමට දෙයක් ඇතුලුවෙන පිට වෙන ස්ථාන වල තිබීමත් අනිවාර්ය කලයුතුයි.

:       2       35

de silva Friday, 17 April 2020 02:14 AM

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය මුකවාඩම්, ආරක්ෂක ඇදුම්, බෙහෙත්, ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ෆැක්ටරි හැර අනිත් ඒවා විවුර්ත කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒකට හේතුව මේ ෆැක්ටරි වල ලංකාවේ විවිධ පළාත්වල ජනතාව එකට වැඩ කරනවා. එක්කෙනෙකුට බෝ වුනොත් මුළු රටම නැවත ලෝක ඩවුන් කරන්න සිදු වෙන්න පුළුවන්... අනිත් කාරණය ඇඟලුම් වැනි නිෂ්පාදන මිලදී ගන්න යුරෝපය , ඇමරිකාවේ වෙළද පළවල් ඇහිරිලා....

:       504       1565

samanFriday, 17 April 2020 05:33 AM

පහුගිය දවස්වල එළවලු වවපු කෙනෙක්ද කොහෙද, දැන් වැඩට ගියොත් එකවලු පාත්ති බලාගන්න කෙනෙක් ගෙදර නැතුවා වගේ

:       873       242

SrilalFriday, 17 April 2020 07:33 AM

විදේශීය ආදායම ගෙන ඒමට හැකි සෑම කර්මාන්තශාලාවකටම හැකි අවම කාර්ය මණ්ඩලයක් හා දැඩි ආරක්ෂක අවශ්‍යතා යටතේ ක්‍රියාත්මක වීමට ඉඩ දිය යුතුය. රටේ පරිභෝජනය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්තශාලා සඳහා ද එය අදාළ විය යුතුය. කෘෂි කර්මාන්තය දිගටම කරගෙන යාමට ඉඩ දීම නිවැරදි දෙයයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය මුඛවාඩම්, ආරක්ෂක ඇදුම්, බෙහෙත්, ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට පමණක් ඉඩදීම ප්‍රමාණවත් නොවේ.

:       0       71

NishanFriday, 17 April 2020 11:18 PM

කියන්න ලේසියි එත් ක්‍රියාත්මක කිරිමෙදී ඇතිවෙන ප්‍රායෝගික ප්‍රශ්ණ නිසා කොරෝනා පැතිරුනොත් එහි විනාශය අති විශාලයි. කොරෝනා රෝගය සහ එහි භයානකත්වය ගැන තියෙන අඩු අවබෝධය නිසා ඒක ඒක දේවල් ලියන්න පුළුවන්.

:       0       1

NishanFriday, 17 April 2020 11:05 PM

ආණ්ඩුවට ඕනා ඡන්දය තියන්න වාතාවරණය හදා ගන්න. ටික ටික මෙහෙම විවෘත කරගෙන ගියාම මැතිවරණ කොමිසමට පෙන්වන්න ඉඩක් ලැබෙනවා දැන් රටේ තත්වය සාමාන්‍ය අතට හැරිලා කියලා. ඒ අතරේ හමුවෙන කොරෝනා රෝගීන් සඟවන්නත් ඉඩ තියෙනවා. පුවත් පලවීම වාරණය කරන්නත් ඉඩ තියෙනවා.

:       0       1

Ramendra Friday, 17 April 2020 04:19 AM

රජය හදන්නේ චන්දය තියන්න මැතිවරණ කොමසාරිස් ගේ පිටින් දාලා. නමුත් රජය නියෝජනය කරන ස්වාමින්වහන්සේලා රටට පෙන්නනවා විපක්ෂයට තමා චන්දය අවශ්‍ය බව. රටේ ජනතාව මේ අවස්ථාවේ ඉතා බුද්ධිමත්ව සිතා කටයුතු කළ යුතුය. මැතිවරණ කොමසාරිස්තුමා ජනාධිපතිවරණයෙන් පසුව කළ ප්‍රකාශයේදී රටේ විද්‍යුත් මාධ්‍ය ගැන කළ ප්‍රකාශය ඉතා වැදගත්.

:       65       424

SamanFriday, 17 April 2020 10:10 AM

චන්දෙ තිබ්බත් නැතත්, රටෙ නායක ජනාධිපතිතුමායි..

:       74       106

NishanFriday, 17 April 2020 11:12 PM

එතුමා නම් දැන් ඒක ගැන දුක් වෙන පාටයි.

:       0       1

samanFriday, 17 April 2020 10:25 AM

මෙතන චන්දය පිළිබදව කතාවක් නෑ රමින්ද්‍ර. මේ මොහොතේ ලෝකයේ බොහෝ රටවල කර්මාන්ත සාල අඩපන වෙලා තියෙන්නේ. අපේ රටේ රජය, සුවසේවා ආරක්ෂක අංශ, ජනතාව කැපවීමෙන් ක්‍රියාකළ නිසා අපිට මේ වන විට යම් තරමකට කොරෝනා තත්වය පාලනය කිරීමට හැකියාව ලැබී තියනවා. රටම ආර්ථික වශයෙන් පසුබෑමකට ලක්වී ඇති මේ මොහොතේ අපි උපක්‍රමශිලිව රටේ නිෂ්පාදන ක්ෂේත්‍ර පනගන්වා අන්තර්ජාතික වෙළද පොළට අවතින වී එම වාසිය ලබාගැනීමට ක්‍රියා කල යුතුය. මේ වන විට දිනක කොරෝනා මරණ දෙදහස ඉක්මවා තිබෙන ආමරිකාව පවා නගර නැවත විවුර්ත කිරීමේ මං සොයා බලමින් සිටින බවයි වාර්තා වන්නේ...

:       246       307

NishanFriday, 17 April 2020 11:10 PM

ඇමරිකාවේ මහත් විනාශයක් සිදුවෙමින් තිබියදී නගර විවෘත කරන්න හදන එක බුද්ධිමත් තීරණයක් කියලා ඔබට පේන්නේ එහෙම විනාශයන් සිද්ද උනත් ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතාවට කඩේ යන්න ඔබ සැදී පැහැදී සිටින නිසා.

:       0       1

gaminiFriday, 17 April 2020 10:46 AM

ඔය මොන සෙල්ලම් දැම්මත් ආයෙ වසන්තයක් එන්නේ නැහැ.

:       8       340

athuraFriday, 17 April 2020 03:12 PM

සමන් කියන්නේ කොහොමත් මේ ආණ්ඩුව ගේන්න කඩේ ගිය කෙනෙක්... ඒ නිසා මොන දේ කරත් හරි...

:       210       212

Rajitha Friday, 17 April 2020 07:08 AM

ලස්සනට පාලනය කරන් ඇවිල්ල චන්දෙ නිසා කෙලවගන්න යන්නේ....

:       21       21

janahitha Friday, 17 April 2020 07:15 AM

රෝගය පැතිරීම පාලනය කරන තෙක් සේවකයන් එක්රොක් කිරීම අනතුරුදායක විය හැක. යුරෝපය, ඇමෙරිකාව කරගන්නවද? වලක්වාගන්නවද? බඩවියත රැකගන්න අප ජිවත් විය යුතුය...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 438 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site