IMG-LOGO

ආයෝජකයන්ට සියලුම අනුමැති එකම කවුළුවකින්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආයෝජකයන්ට අවශ්‍ය සියලු අනුමැතීන් ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන්  එකම ස්ථානයකින්  ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස  කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව ශ්‍රී ලංකා ආයෝඡන මණ්ඩලයට උපදෙස් දුන්නේය.

මෙරට ව්‍යවසායකත්වය සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සකස්කර  ඇති ඉදිරි සැලසුම් සම්බන්ධයෙන්  මෙම  ජාතික සභා අනු කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

මේ කරුණු  සාකච්ඡා කෙරුණේ කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය  (20) වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

ව්‍යවසායකත්වය හා ආයෝජන දිරිමත් කිරීම සඳහා ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලසුම් සහ  කම්කරු නීතිය සහ අනෙකුත් නීති පිළිබඳව එම මණ්ඩලයේ යෝජනා සහ අදහස් ලබාගැනීමද මෙහිදී සිදුවිය.

තවද ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සහ ඒ හා බැදුණු පාර්ශ්ව කරුවන්ගේ අදහස් ලබාගෙන මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා සකස් කෙරුණු  දිගුකාලීන ප්‍රතිපත්ති මාලාවක් ජාතික සභාවට ලබාදීමට කටයුතු කරන බව අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙම අනු කමිටුව රැස්වීමට  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන  ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ  සාගර කාරියවසම් යන මහත්වරුද   ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රධානීහද සහභාගී වූහ.



අදහස් (1)

ආයෝජකයන්ට සියලුම අනුමැති එකම කවුළුවකින්

sena Tuesday, 25 October 2022 02:51 PM

මම දැන් ආණ්ඩු තුන හතරකින් මේ ප්‍රවෘත්තිය කියෙව්වා. ආයෙත් ගොබිලෙක් ඇවිත් කියනවා ඒ කතාවම. පුදුම කාලකන්නි මිනිස්සු රැළක්.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 147 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site