IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ආබාධ අයට ඕන උපකරණ ලංකාවේ හදන්න යයි

(අංජුල මහික වීරරත්න)

ආබාධික පුද්ගලයන් සඳහා සහායක උපකරණ දේශීය නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2025 අයවැය යටතේ සමාජ ආරක්ෂණය සහ ආබාධිත පුද්ගලයින් සඳහා සහාය උපකරණ දේශීයව නිෂ්පානය කිරීමේ පහසුකම් පුළුල් කිරීමට යෝජනා කරනු ලැබ ඇත. 

ඒ අනුව, රාගම රක්ත වේද පුනරුත්ථාපන රෝහල සහ ශ්‍රී ලංකා ජාතික රෝහල ආශ්‍රිතව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කර තිබේ. 

රාගම රක්ත වේද හා පුනරුත්ථාපන රෝහලේ ආබාධිත පුද්ගලයින් සඳහා ආධාරක උපකරණ සපයන සේවාවන් වැඩි දියුණු කිරීම සහ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදියි අනතුරු හා විකලාංග සේවාව යටතේ ආබාධිත පුද්ගලයන් සඳහා සහායක උපකරණ දේශීයව නිපදවීමේ පහසුකම් වැඩි දියුණු කිරීම යන සංරචක මෙම ව්‍යාපෘතිය මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව, එකී ව්‍යාපෘතිය 2025-2027 මධ්‍ය කාලීන අයවැය රාමුව තුළ රුපියල් මිලියන 630.2 ක ප්‍රතිපාදන යොදා ගනිමින් ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ආබාධ අයට ඕන උපකරණ ලංකාවේ හදන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site