(ඉන්දිකා රාමනායක)
පාරිභෝගික සේවා අධිකාරියේ සේවකයින්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මෙම මස 19 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට නියම කළේය.
කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අසේල සම්පත් අද දහවල් කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
2019 වර්ෂයේ සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුව අසේල සම්පත් ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන තිබිණි.
COMMENTS
රටේ මිනිස්සුන්ට සිදුවන අසාධාරණකම් ගැන කතාකිරීම සහ මෝඩ, අමන, ඇමැතිගේ සහන මල්ල නම් කුණු මල්ල විවේචනය කිරීමේ "හේතුවෙන්ම" මේ අසේලට නිවසේ අයත් සමග අවුරුදු කන්නවත් බැරිවුණා. අද අපේ රටේ සිටින සක්කිලි මෝඩ දේශපාලුවන් ඔවුන්ගේ අඹු දරුවන් සමග පමණක් නොව "හොර අඹු-දරු" වන සමගත්, රටේ ජනතාවගෙන් සොරා කෑ මුදල්වලින් සිත්සේ අවුරුදු සමරයි. එකක් මතක තියාගන්න... සමහර විට 2022 අවුරුදු මීට වෙනස් වෙලා මහජනතාව සතුටින් නිදහසේ අවුරුදු සමරද්දී... අහිකුණ්ඨික දේශපාලුවන් හිරේ විලංගුවේ වැටිලා... දණ ගහගෙන, බඩ ගාගෙන වැටිලා හිටියොත් පුදුම වෙන්න එපා. ඒක තමයි ඉරණම හෙවත් සොබාදහමේ සාධාරණ නීතිය කියන්නේ. ඒ නීතියම අපේ රටේ සිටින කොන්ද කඩපු හොර නඩු කාරයින්ටත් නොවෙනස්වම බලපානවා. අපි බලාගෙන ඉඳිමු. අසේල, ඔබට රිමාන්ඩ් එක තුළ හෝ වාසනාවන්ත අලුත් අවුරුද්දක්ම වේවා...!!!
මේකේ හැටියට අධිකරණය 2019දී දීපු නියෝගයක් දැන් නම් ක්‍රියාත්මක කරන්නේ... සහරාන් බෝම්බ ගහලත් මෙහෙම රටක් තියෙන එක තමයි පුදුමේ... ඔහොම තමයි පොලිසියේ වැඩ.