(ජුඩ් සමන්ත)
ආණමඩුව නගරයේ පිහිටි ආපන ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
ඊයේ (11) අලුයම 2.00 ට පමණ එල්ල කර ඇති පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් ආපන ශාලාව ගිනි ගෙන විනාශයට පත් වී තිබුණි.
ගිනි තබා විනාශ කරන ලද ආපන ශාලාවට ආසන්නයෙන් ඇති වෙළඳසලක සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක දර්ශන උපයෝගී කරගෙන විමර්ශන සිදු කිරීමෙන් පසු සැකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි විය.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වයස අවුරුදු 19 - 25 වයස් හි පසුවන්නන් වන අතර ඔවුනට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ පනත අනුව අධිකරණමය ක්‍රියා මාර්ග ගන්නා බව පොලීසිය පවසයි.
සැකකරුවන් ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක
හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස
රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ
ශ්රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු පනත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ආපනශාලාවට පෙට්‍රල් බෝම්බ ගැසු හතක් සැකපිට
Kasun Monday, 12 March 2018 05:10 AM
මේකට සමබන්ධවුවන්ගෙන් අලාභය අයකල යුතුය. ගෙවීමට නොහැකි නම් බන්ධනාගාර ගත කර මොවුන් ලවා වන්දි ලෙස ගෙවන මිනිසුන්ගේ සල්ලි නැවත මොවුන් මගින්ම ආර්තිකයට එකතු කල හැකි ක්‍රියාකාරකම් වල නියුක්ත කල යුතුය.
Muhan Monday, 12 March 2018 05:42 AM
මේ කණගාටුදායක තත්වය නැති කරන්න ෆිලෙඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට නිතිය හා සාමය ඇමතිකම දීම හැර වෙන විකල්පයක් නැහැ .
Senaka Monday, 12 March 2018 08:18 AM
මුහුන්, සරත් ෆොන්සේකා හිටිය හමුදාපති කියලා එයාවම පත්කරගන්න ඕනෑ කියලා දෙයක් නැහැ. මීට වඩා දක්ෂ බුද්ධිමත් මිනිස්සු තව අපේ රටේ ඉන්නවා. ජනතා නියොජතයින් වශයෙන් රටේ පාලකයෝ දැනගත යුතුයි ඒ තැනට සුදුස්සා කව්ද කියලා තීරණය කරන්න. ඔයිට වඩා ජනතාව වෙනුවෙන් සාමයට කැපවෙලා වැඩකරපු මැති ඇමතිවරු කලිනුත් හිටියා. දැනුත් ඉන්නවා.
MuhanMonday, 12 March 2018 10:56 AM
ඔබතුමාගේ අදහස්වලට මම ගරු කරනවා. මමත් පිළිගන්නවා රටේ නීතිය බාරව පරිණත මැති, ඇමැතිවරු හිටියා. නමුත් පසුගිය කාලයේ ඇමතිවරු හතරදෙනෙක් පත්වුණා. ඔවුන් සියල්ලම අසාර්ථකයි. ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා කාරයොත් මේක අපේ නෙමේ කියලා ඇඟ බේරාගන්නවා. රටේ නායකයා ගැන කතා කරලා වැඩක් නැහැ. එමනිසා ආරක්ෂාව පිළිබඳව දැනුමක් හා හැකියාවක් ඇති සරත් ෆොන්සේකා මහතාට අවස්ථාවක් දීම සුදුසුයි.
MuhanMonday, 12 March 2018 11:33 AM
ඔබතුමාගේ අදහස් වලට මම ගරු කරනවා. මමත් පිළිගන්නවා රටේ නීතිය බාරව පරිණත මැති ඇමතිවරු හිටියා. නමුත් පසුගිය කාලයේ ඇමතිවරු හතරදෙනෙක් පත්වුණා ඔවුන් සියල්ලම අසාර්ථකයි. ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා කාරයෝත් මේක අපේ නෙමේ කියලා ඇඟ බේරාගන්නවා. රටේ නායකයා ගැන කතා කරලා වැඩක් නැහැ. එමනිසා ආරක්ෂාව පිළිබඳව දැනුමක් හා හැකියාවක් ඇති සරත් ෆොන්සේකා මහතාට අවස්ථාවක් දීම සුදුසුයි.
BamunuarachchiMonday, 12 March 2018 08:44 AM
වඳුරාට දැලිපිහිය දුන්න වගේ කියන්නේ ඇයි කියා සිතා හෝ සොයා බලන්න.. සුදු කොඩි කාරයින්ට වෙඩි තිබ්බ අපේ හමුදාව යුද්ධ අපරාධ කළා කියනවා නම් දැලිපිහිය අතට ගත්තාම කුමකින් කපයිද දන්නේ නැත. ඔබට එය නොතේරුණාට දේශපාලකයින්ට සහ අපිට හොඳට තේරෙනවා. මෙයා දේශපාලනයට සුදුසු පුද්ගලයෙක් නොවෙයි. හමුදාවට නම් හොඳට සුදුසුයි.
Senaka Monday, 12 March 2018 01:47 PM
මුහන්, අපේ රටේ කෝටි 2යි ගාණක් වෙන ජනගහනයට, සාමය හා ආරක්ෂාව පිළිබඳව ඇමතිකමක් දෙන්න සුදුසු පුද්ගලයෙක් නැහැ. ෆොන්සේකා දේශපාලනය පැත්තෙන් නම් තාම ළදරු අවධියක ඉන්නේ. මෙතුමා ජනතා නියෝජතයෙක් වශයෙන් ජනතාව ඉදිරිපිට කතාකරන විලාසය බලන්න. වැඩ කරන එක කෙසේ වෙතත් මුලින්ම ජනතාවට ගරුකරලා කතා කරන්න කියලා දෙන්න අවශ්‍යයි. හමුදාපති වසයෙන් යුද්ධය තිබෙන කාලයේ රාජකාරිය අකුරටම ඉටු කළාට දේසපාලනය පැත්තෙන් එතරම් බලාපොරොත්තුවෙන්න එපා. එතුමා දේශපාලනය පැත්තෙන් කරන්නේ, වෛරී දේශපාලනය...
සතයපාල Monday, 12 March 2018 08:44 AM
මේ රටේ මිනිසුන්ට යහාපාලනය හරියන්නෙත් නැහැ. මේ රටේ පාලකයෝ යහපාලනය මොකක්ද කියලා දන්නෙත් නැහැ වගේ. ඕනෑම අපරාධයක් කරන කම් බලා ඉඳලා පස්සේ ඒක ගැන හොයන්න කොමිෂන් සභා පත් කළවිටදී සියල්ල හරි කියලා හිතාගෙන ඉන්නේ. මෙහෙම පාලකයෝ රටකට මොකටද? රටේ ප්‍රශ්න කලින් හඳුනාගෙන ඒවට නිවැරදි පිළියම් කරන්න තරම් දක්ෂ හා බුද්ධිමත් අය පාලකයන් විය යුතුය.
BANDULA Monday, 12 March 2018 08:46 AM
ෆොන්සේකාට ඇත්ත රාජපක්ෂලාගෙන් පළිගැනීම විතරයි.
wasantha Monday, 12 March 2018 11:27 AM
අල්ලගත්තත් හෙට ඇප තියලා නිදහස් වෙනවා.. අනිවාර්යයෙන් මුස්ලිම් කෙනෙක් නම්..