
විමුක්ති එස්. රුද්‍රිගු
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ නායයෑම්වලින් ශ්‍රී ලංකාවට සිදුව ඇති හානිය සහ පාඩුව නිවැරැදිව ඇස්තමේන්තු කිරීම රජයට තනිව කළ නොහැකි බැවින් ඒ සඳහා ලෝක බැංකුවේ සහාය ලබාගෙන තිබෙන බව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ලෝක බැංකු කළමනාකරු ගෙවෝර්ග් සාර්ගසියාන් මහතා ප්‍රකාශ කළේය.
දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ලෝක බැංකුව සිදු කරන ගෝලීය පශ්චාත් ආපදා හානි ඇස්තමේන්තු වාර්තාව සති දෙකක් තුළ අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එම ඇස්තමේන්තුව සකස් කිරීම සඳහා රජය පසුගිය 29 වැනිදා ලෝක බැංකුවේ සහාය ගෙන තිබිණි.
ශ්‍රී ලංකාවට දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය සහ පාඩුව තක්සේරු කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් පශ්චාත් ආපදා අවශ්‍යතා තක්සේරු කිරීමේ ක්‍රමවේදය භාවිත කරන බවත් ඒ සඳහා සැටලයිට් තාක්ෂණයෙන් ලබාගන්නා ඡායාරූප සහ ඩ්‍රෝන තාක්ෂණයෙන් ලබාගන්නා වීඩියෝ දර්ශන ද භාවිත කරනු ඇති බවත් ගෙවෝර්ග් සාර්ගසියාන් මහතා පසුගියදා පැවැති ආර්ථික සමුළුවක් අමතමින් ප්‍රකාශ කළේය.
දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදුව හානිය සහ පාඩුව ඇස්තමේන්තු කරන ජාත්‍යන්තරව පිළිගත් පශ්චාත් ආපදා අවශ්‍යතා තක්සේරු කිරීමේ ක්‍රමවේදය එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය සමග එක්ව සංවර්ධනය කර ඇති අතර ව්‍යසනයකින් පසුව නැවත යථා තත්වයට පත් කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතා තක්සේරු කිරීමේ සම්මත යාන්ත්‍රණය ද මෙය වේ.
මෙම ඇස්තමේන්තුව රජයේ ප්‍රධානත්වයෙන් සිදුවන අතර එයට අදාළ අමාත්‍යාංශ ලබාගෙන ඇති මූලික දත්ත සහ පර්යේෂණ වාර්තා ද භාවිත කරයි.
ඒ සඳහා ජාතික විශේෂඥයන් මෙන්ම ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ ද සහාය ලබා ගනී.
මතුපිටින් පෙනෙන්නට තිබෙන හානියට වඩා විශාල හානියක් දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදුව ඇති බැවින් සිදුවූ හානිය සහ පාඩුව නිවැරැදිව තීරණය කිරීම සඳහා මෙලෙස රජය ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ගේ සහාය ලබාගෙන තිබෙන බව ද පැවැසෙයි.
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම්වලින් ඊයේ (04) පෙරවරු 6 වනවිට නිවාස 44,556 කට හානි වී තිබූ අතර ඉන් නිවාස 1,289 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබිණි.
2025 දෙසැම්බර් මස 04
36
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
338
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආපදා හානිය ගණන් බලන්න ලෝක බැංකුවේ සහායත් ගනී