
(අංජුල මහික වීරරත්න)
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල් තුනක් හා පානීය ජලය ද අවශ්‍යතාව පරිදි නිසි වේලාවට සැපයීමට කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් මගින් ආපදා සහන සේවා නිලධාරී වෙත දැනුම් දී තිබේ.
සියලු කටයුතු විනිවිද භාවයෙන් සිදු කරන ලෙසත් වියදම් වලට අදාල මිලදී ගැනීම් හා එහි ප්‍රතිලාභී නාමලේඛන නිවැරදි බවට තහවරු කරගැනීමට අධීක්ෂණ ක්‍රම වේදයක් සකස්කර භාවිතා කරන ලෙසත් ජාතික සහන සේවා මධ්‍යස්ථානය වැඩි දුරටත් දැනුම් දී ඇත.
පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට ආපදා සහන සේවා නිලධාරීන් කරනු ලබන කාර්යය අගය කරන අතර එම කටයුතු, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් නිකුත් කර ඇති 01/2020 චක්‍රලේඛය හා එයට අදාලව නිකුත් කර ඇති සංශෝධන අනුව කටයුතු කරන ලෙස දන්වා සිටින්නේ යැයිද ආපදා කළමනා කරණ අංශ අතිරේක ලේකම් (පාලන) කේ.ජී. ධර්මතිලක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති අදාල දැනුම් දීමෙහි වැඩිදුරටත් සඳහන්ය.
2025 දෙසැම්බර් මස 16
29
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
826
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න