නේපාලයේ සහන කටයුතු වල නිරත වූ සහන කණ්ඩායම් ඇගයීමේ සහ ඔවුන්ට උපහර පිදීමේ උත්සවයක් අද (18) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ජනපති එහිදී පැවසුවේ රට අභ්‍යන්තරයේ හෝ ලෝකයේ කිනම් ස්ථානයක හෝ වේවා කුමක් හෝ හදිසි අපාදාවක් ඇතිවුවහොත් ඊට තව තවත් ශක්තිමත් ලෙස මුහුණ දෙමින් විපතට පත් ජනයා බේරාගත හැකි වන අයුරින් ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කරන බවයි.
ත්‍රිවිධ හමුදාව නේපාලයේ ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුම ගැන මුළු ලෝකයම කථා කරන නිසා අපට ඒ ගැන ආඩම්බර විය හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
‘සිය රටට සහ ජනතාවට උදව් උපකාර කිරීම ගැන නේපාල රජය අපට ස්තූති කර තිබෙනවා. මෙම මානූෂීය මෙහෙයුම අප ක්‍රියාත්මක කළේ අපට හැකි පමණින් වන අතර අපට විශාල ගුවන් හමුදාවක් සහ ගුවන යානා නොතිබු නමුත් එක් පියවරකින් විශාල වෙනසක් කරමින් ඉදියර යන්න අපට හැකි වුණා.‘ යැයි ද අගමැති පැවසීය.
‘ඇත්ත වශයෙන්ම ගෙවුණු අවුරුදු කිහිපය ඇතුළතදී අපේ හමුදාවේ අනාගතය ගැන ප්‍රශ්න ගණනාවක් අප සියලූ දෙනාගේම සිත්වල තිබුණා. එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූණාට පසු ඒ ප්‍රශ්න සියල්ල විසදී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ගැන පමණක් නොව ජාත්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් ද අපට වගකීමක් තිබෙනවා. ‘
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ද, ත්‍රිවිධ හමුදාපතිවරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ආපදාවලට මුහුණ දෙන්න හමුදාව ශක්තිමක් කරනවා‘ - ජනපති
කිත්සිරි Monday, 18 May 2015 10:24 PM
මෙවැනි ඇගයීම් ඉතාම වටිනවා (නි)
දුමින්ද Tuesday, 19 May 2015 03:07 AM
2005 සිට ශක්තිමත් හමුදාවක් ගොඩනැඟූ නිසා ලද ධනාත්මක ප්‍රතිඵලයක් (නි)
මාලක Tuesday, 19 May 2015 04:05 AM
මා ඉතාම සතුටු වෙන කාරණා දෙකක් මෙතැන තියෙනවා. 1. අපගේ රණවිරුවන්ට නිසි ගෞරවය ලබාදීම 2. පක්ෂ දෙකේ නායකයන් ඉතා විනීතව රට පෙරට දමා මහජනතාවගේ සුබසෙත වෙනුවෙන් ක්‍රියා කිරීම මේ දේශයට අවශ්‍ය යහපත් පාලනයක් මෙය දේශයේ සුබ සිද්ධියට කැමති පොදු ජනතාවගේ අපේක්ෂාවයි (බ)
චන්ද්‍රානි Tuesday, 19 May 2015 04:06 AM
ඉතාම ලස්සන දර්ශන කීපයක්. ජය වේවා.(ම)
කොතලාවල Tuesday, 19 May 2015 05:47 AM
බොහොම හොඳයි මැතිඳුනි (නි)
ඇන්ටන් Monday, 18 May 2015 05:14 PM
වීරයන් වූ අපේ හමුදාවට නැවතත් වීරයන් වීමට අවස්ථාවක් උදාවුණා (නි)
ලක්ෂිත පැරිසිය Monday, 18 May 2015 05:36 PM
හොඳ වැඩක් (නි)
සුජීව (ජර්මනිය) Monday, 18 May 2015 06:26 PM
ලෝකය දිනාගන්න, බුද්ධිමත් නායකයන්ගේ අනාගත මනා සැළසුම්! (නි)
විල්කින් Tuesday, 19 May 2015 07:45 AM
ජනදිපතිතුමාට බොහොම ස්තුතියි බුද්දියට ගරු කිරීමට. (ර)