IMG-LOGO

ආදිවාසී නායක උසාවි කැඳවයි

වනජිවී නිලධාරින්ට පහරදී ඔවුන් භාරයේ සිටි සැකකාර ආදිවාසියකු සහ එම සැකකරු සන්තකයේ තිබු ගිනි අවියක් පැහැරගෙන යාම සම්බන්‍ධව සැකකරන ආදිවාසිනායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ට,  ඔහුගේ පුත් ඌරුවරිගේ මුතුබණ්ඩා සහ ඌරුවරිගේ ගුණතිලක යන තිදෙනාට මේ මස 21 දින මහියංගන මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස මහියංගන වැඩබලන මහේස්ත‍්‍රාත් එස්. ගෝවින්ද මහතා අද නියෝග කළේය. මාදුරුඔය ජාතික වනෝද්‍යානය තුල සතුන් දඩයමේ යෙදි සිටි දඹාන හිදංගලයාය පාසල ඉදිරිපිට පදිංචි ඌරුවරිගේ පුංචිබණ්ඩා හෙවත් අතබැරි කිරියා යන ආදිවාසියා මාදුරුඔය ජාතික වනෝද්‍යානය තුලදී ගල්කඩ උද්‍යාන පිවිසුම් කාර්යාලයේ නිලධාරින් විසින්  15දා රාත‍්‍රී අත්අඩංගුවට ගනු ලැබීය. වනජිවී නිලධාරීන් විසින් සැකකරු උල්හිටිය කාර්යාලයට රැගෙනයාමට ජිප්රියට නංවද්දී ආදිවාසී නායක  වන්නිලා ඇත්තන් ඇතුලූ ආදිවාසීන් කණ්ඩායමක් රාත‍්‍රී දහයට පමණ එතැනට පැමිණ වනජිවී නිලධාරින්ට පහරදී සැකකාර පුංචිබන්ඩා සහ ඔහුගේ තුවක්කුව ද පැහැරගෙන ගිය බව මාදුරුඔය ජාතික වනෝද්‍යාන භාරකරු ඒ. ටී. ආර්. රවීන්‍ද්‍ර කුමාර මහතා අධිකරණයට කරුනු දැන්වීය.



අදහස් (0)

ආදිවාසී නායක උසාවි කැඳවයි

සේනාරත්න Monday, 17 September 2012 08:56 AM

අයියෝ වන්නියලැ ඇත්තෝ! (නි)

:       0       0

කුමාර Monday, 17 September 2012 05:43 PM

දැන් දඹානේ ආදිවාසී පවුල් ඉන්නේ බොහොම අඩු සංඛ්‍යාවක් (නි)

:       0       0

ෆාරුක් Monday, 17 September 2012 09:45 AM

කැලෑ නිතිය කඩලා

:       0       0

නාරද Monday, 17 September 2012 10:03 AM

දුන්නයි ඊතලයයි අරන්ගියානම් නඩු දාන්න බෑනේ , තුවක්කුව තමයි ප්‍රශ්නේ..(ස)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 17 September 2012 10:09 AM

ආදිවාසි නායකයෝ අතනින් මෙතනින් හැලප කිරිබත් කන්න යනවා වැඩි නිසා තමයි ඒ තැන් වලට හැදිලා තියෙන ලෙඩ මෙයාලට බෝවෙන්න ඇත්තේ. කවුදෝ කියලා තිබුනා, පොලීසියේ අයට මාරුවීමක් හදාගන්නත් වන්නියලැත්තෝ හම්බවෙන්න යන්න වෙලා කියලා. ඒ තරම් ඔහු දේශපාලන බලවතෙක්. වැදී ජනතාව ගැන 'කුමාරෝදය, නවමග' වැනි පොත්වලින් පමණක් ඉගෙනගත් අය "අනේ පවු" කියලා කමෙන්ට් දමනවා. එයාලා ආදිවාසීන් තරම් වත් අප්ඩ්‍රේට් වෙලා නැති එක කණගාටුවක්. (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 17 September 2012 02:38 PM

ක්‍රිකට් ගහනවා , උසාවි යනවා , නඩු කියනවා ..... වද්දොත් දැන් මොඩන් වෙලා (දී)

:       0       0

චන්ද්‍රසිරි Monday, 17 September 2012 02:39 PM

වැද්දන්නටත් ගිය කලක් (දී)

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Sunday, 16 September 2012 09:21 PM

අපරාදේ මීට පස්සේ ක්‍රිකට් මැච් බලල ඉවරයි..!(නු)

:       0       0

හේරත් Sunday, 16 September 2012 09:31 PM

කෝ මේ පණ්ඩිත අදහස් මොනවත්ම නැහැනේ..!!(නු)

:       0       0

සනතා Sunday, 16 September 2012 10:15 PM

දඩයම් කිරීම ඔවුන්ගේ ජීවිතයට අයිති දෙයක්... ඔවුන්ට සමාව දීමට පුළුවං නම් එය ලොකුම පිනක්.. ඔවුන් අහිංසක මිනිසුන් පිරිසක්..!!(නු)

:       0       0

රූපවති Sunday, 16 September 2012 10:49 PM

නැහැ.. ජාතික වනෝද්‍යානයක ජීවත්වන සතුන් නිදහසේ ජීවත් වීමට අයිති සතුන් එයාලව දඩයම් කිරීම කිසිවෙකුට ලොවේ ඉඩක් නැත..!!(නු)

:       0       0

පී. රත්නායක Sunday, 16 September 2012 11:03 PM

කෝ ආදින්ගෙ උරුමය.. බලමු උසාවිය තීරණය කොයිතරම් බුද්ධිමත්ද කියලා..!(නු)

:       0       0

පෙරේරා Sunday, 16 September 2012 11:28 PM

ඔවුන්ට නීතියට සහ අණකිරීම්වලට යටත් වන්න බැහැ.. එයලට තියනවා එයාලගේ නීතියක්.. දඩයම ඔවුන්ගේ ජීවන අංගයක්..!(නු)

:       0       0

පනාගොඩ Monday, 17 September 2012 11:27 AM

හයේ හතරේ පාරවල් ගහන්න එතුමන්ලා කොහොමත් දක්ෂයි (නි)

:       0       0

විජේ Monday, 17 September 2012 01:04 AM

ගහලා, ගිනි අවිය පැහැර ගත්තා නම් මෙයත් අහවල් කෙනෙක් වෙන්න ඇති. නඩුව දිනනවා ෂුවර්! (නි)

:       0       0

මධු Monday, 17 September 2012 01:27 AM

එක දවසයි ක්‍රිකට් ගැහුවේ. පේනවනේ. (නි)

:       0       0

සනත් ඉන්දික Monday, 17 September 2012 02:21 AM

එස්.එල්.ටී.කේ., ඔයා හරි. දඩයම කරන්න ඕනෑ දුන්නෙන් ඊතලයෙන්. ආදිවාසීන් නම් එයාලත් තුවක්ක්ව භාවිතා කරන්න බැහැ. එටතකොට එයාලා ආදිවාසීන් වෙන්නේ නැහැ. ඒ වගේම ජාතික වනෝද්‍යානයක දඩයම් කරන්න බැහැ. රටේ නීතිය කාටත් එකයි. (නි)

:       0       0

සමන් Monday, 17 September 2012 03:48 AM

මේක අර නුවර පෙරහැරේ සිද්ධියේ දෙවෙනි කොටසද? සිදා‍දියේ වැද්දෝ කැලෑ වැද්දන්ට පාඩමක් උගන්නවන්නද යන්නේ...(ස)

:       0       0

නවීන් Monday, 17 September 2012 04:13 AM

පුංචි රටේ නීති දෙකක්. (නි)

:       0       0

හේමන්ත Monday, 17 September 2012 04:54 AM

නීතිය කාටත් එකයි .එයාලා අපේ සමාජයේ ඉන්නවා නම්, පාසල් යනවනම්, කඩෙන් බඩු ගන්නවානම්, බත් කනවානම්, ක්‍රිකට් ගහනවානම් තව මොනවටද ආදිවාසීන් කියලා වෙන් කරන්නේ. අපිත් ආදි වාසීන් තමයි...(ස)

:       0       0

නුවන් Monday, 17 September 2012 12:09 PM

සනා- සතුන් දඩයම් කිරීම වැද්දන්ගේ අයිතියක්නම් නුඹව දඩයම් කිරීමට ද වැද්දන්ට අයිතියක් ඇත.(ස)

:       0       0

සිල්වා Monday, 17 September 2012 05:44 AM

අලි මදිවට හරක්‍..(ස)

:       0       0

රංග Monday, 17 September 2012 06:00 AM

වැදි හූරලත් ඡන්දෙ ඉල්ලන්න පුරුදු වෙනවා වගේ. (නි)

:       0       0

ලුම්බිණි Monday, 17 September 2012 06:24 AM

හමුදා නිලධාරින්ට පහරදී ඔවුන් සන්තකයේ තිබු ගිනි අවිය පැහැරගෙන යාම ගැන නම් තවම කිසිම දෙයක් වෙලා නැහැ. (නි)

:       0       0

රුවන් Monday, 17 September 2012 07:09 AM

අවංකව නීතිය ඉටු කරන්න‍...නීතිය සැමට පොදු විය යුතුයි ..(ස)

:       0       0

දුමින්ද Monday, 17 September 2012 07:27 AM

අනේ අපිට මොකද

:       0       0

සමන් Monday, 17 September 2012 08:18 AM

ආදිවාසින් නම් වෙනස් කරානම් හොඳයි...ලොකු කෙනෙක්ගේ නමක් දා ගන්න..(ස)

:       0       0

නාලක Monday, 17 September 2012 08:26 AM

අයියෝ සල්ලි

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Monday, 17 September 2012 08:28 AM

සාමාන්‍ය රජයේ නිලධාරියකුට පහරදීල උසාවි එන්න කියල.පව් අර මිනිස්සු. උසාවියේදී අසරණ වෙනවා.පිස්තෝලය උදුරා ගෙන ගහපු කෙනා තවම නිදැල්ලේ.චන්ඩියන්ට එක නීතියක්. දුප්පතාට තව නීතියක්..(ස)

:       0       0

සුජිත් Monday, 17 September 2012 08:47 AM

රටේ නීතියට සෑම කෙනෙක්ම හිස නැමිය යුතු වෙනවා‍‍...(ස)

:       0       0

සරත් Monday, 17 September 2012 08:48 AM

දඹානේ නීතිය ඇයි කොලඹට නැත්තේ ...(ස)

:       0       0

කිත්සිරි Monday, 17 September 2012 08:51 AM

ඉස්සර ඉඳන් තිබුන කැළෑ ජාතික වනෝද්‍යාන කියල නම් කරගත්තට ඒවායේ ඉන්න සත්තුන් ට විනය නීති පනවන්නේ නැහැනේ... වැද්දන්ගේ උරුමය ගැනත් ඒ විධියට හිතන්න ඕනෑ. ප්‍රශ්නය පටන් ගත්තේ අතබැරි කිරියා අත්අඩංගුවට ගත්ත නිසානේ... රටේ පහල පැලැන්තියේ සාමාන්‍ය අපි වගේ ජනතාවට රෝම ලන්දේසි නීතිය බල පෑවට, වැද්දන්ට එක ඒ විදියටම බලපානවද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 598 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site