IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් අද

(අකිල බද්දෙවිතාන)

ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් අද(3) පස්වරුවේ පැවැත්වෙන බව රජයේ ආරංචි කියයි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

රජයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් හා එළැඹෙන සතියේ පාර්ලිමේන්තු සැසි සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අත්සන් කෙරුණු ජාතික ආණ්ඩු ගිවිසුම පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙනුත් එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී.



අදහස් (15)

ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් අද

srimala Monday, 03 July 2017 05:24 AM

හොඳින් කල්පනා කරලා රට ගැන පමණක් හිතල තීරණයක් ගන්න.. නැවත ඒකාධිපති පාලනයක් රටට ඔරොත්තු දෙන එකක් නෑ. අනික ඔබතුමාලා 2015 දී කිව්ව කතාවල් අමතක නෑ නේද? වෙනසක් වුනොත් ඒවා ආයමත් වලංගුයි.

:       141       405

Indrajith Monday, 03 July 2017 05:25 AM

මේ පක්ෂ දෙක එකතුවී හදපු ජාතික ආණ්ඩුවෙන් රටට කෙරුණු දෙයක් නැති අතර ඉදිරියට කරන්න දෙයකුත් නැති බව ස්ථිරවම කිව හැකිය. එක්සත් ජාතික පක්ෂයට සුළුතර තනි රජයක් පිහිටුවාගෙන රට කරවන එක රටට මිට වඩා යෝග්‍යය.

:       189       407

vipulaMonday, 03 July 2017 08:10 AM

යූ.එන්.පී. පක්ෂය කොහොමද රට හැදුවේ?.... සිරිමාවෝ මැතිණියගෙන් රට අරගෙන යුද්ධයකට තල්ලු කලා. ඊට පස්සේ ටයර් ගොඩවල් දකින්නට ලැබුණා. කලින් ආණ්ඩුව ණය වෙලා හදපු කොලඹ නගරයවත් හරියකට පවත්වාගේන යන්න බැහැ. නගරවල් තුල තිබෙන පාරවල් වල නවත්වපු වෙළඳාම් යලි පටන්ගෙනයි තියෙන්නේ...

:       1648       1304

kumar (galf) Monday, 03 July 2017 05:28 AM

මේ රට හදන්න නම් මේවාට අවංක උගතුන් පත්කරන්න. නැතිනම් ජනතාව පිළිතුරු දෙයි....

:       1       184

Jayampathi Monday, 03 July 2017 06:03 AM

ගරු ජනාධිපතිතුමනි, ඉතා හොඳින් තීරණාත්මක තීන්දු තීරණ ගන්න.... රට යන අත එතරම් සුභ නැත. මෙයට හේතුව ඔබතුමා පොරොන්දු වූ පරිදි පසුගිය සමයේ හොරුන්, අපරාධකරුවන් නීතිය හමුවට නොපැමිණීමයි. දැන් ඔවුන් ශක්තිමත් වෙමින් පවතියි. අපට දැන් සිටින අගමැතිතුමා ගැන නම් විශ්වාසයි. අප රටේ ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිතුමාට නපුරක් වුනොත් ඊළඟට රට බාරවෙන්නේ කාටද කියා අපේ කව්රුත් දන්නවා.. ඔබතුමා මේවා ගැන හොඳින් හිතන්න. රටේ නායකයා ලෙස පමණක්ම සිතන්න.

:       4434       4818

sachith Monday, 03 July 2017 06:05 AM

ඕකෙන් සාමාන්‍ය මිනිස්සුන්ට යහපතක් වෙන දෙයක් නම් වෙනඑකක් නෑ.. තවතව මොනවා හරි වරප්‍රසාද ටිකක් දාගන්න සාකච්ඡා කරයි.

:       14       254

පිටිගල මිලානෝ Monday, 03 July 2017 06:35 AM

හැම සතියම පටන් ගන්නේ 'අද විශේෂ සාකච්ඡාවක්'... වැනි දේවල් වලින් කිව්වත් රට නම් එතනමයි. කිසිම දියුණුවක් නැහැ. හොර වැඩකළ කවුරුවත් අල්ලලා නැහැ. ඒ අය තාම නිදැල්ලේ. ආණ්ඩුවට කිසිම ඉදිරි දැක්මක් ඇති බවක් නම් පෙනෙන්න නැහැ.

:       1       253

sam Monday, 03 July 2017 07:03 AM

"ආණ්ඩු පක්ෂය" කියලා එකක් දැන් තියනවද?

:       0       213

arunalu Monday, 03 July 2017 07:04 AM

මේ ගොල්ලන්ගේ තීරණාත්මක සාකච්ඡා කීයක් නම් දැන් තිබ්බද....? ප්‍රතිඵලය නම් තේරුමක් නැහැ.

:       0       126

sunil Monday, 03 July 2017 07:15 AM

පළුදු වුණ බෙරේ හොඳට පරික්ෂා කරලා බලාවි අද නම්... එ්කේ සද්දේ මිසක් වෙන මොනවත් වුණේ නැහැනේ?

:       0       81

Hafeel Monday, 03 July 2017 08:16 AM

තීරණාත්මක රැස්වීම් කොහොමවුණත්, රජයේ දුර්වලකම් නම් හොඳටම පේනවා. රටපුරා උද්ඝෝෂණ, විරෝධතා ව්‍යාපාර, ඉතිහාසයේ අමුතු විදේශ ඇමතිකම්...... නේද?

:       13       264

බණ්ඩාර(කැකිරාව) Monday, 03 July 2017 08:46 AM

ඔබතුමාලා දෙපලගේ පුටු දෙක මාරු කරගන්න සාකච්ඡා කළොත් කාලෝචිතයි. ජනාධිපතිතුමා.., අගමැති වුණොත් හෝ අගමැතිතුමා..., ජනාධිපති වුණොත් රටට සෙතක් ලැබේවි !!. එසේ නොමැතිනම් මෙම ජාතික ආණ්ඩු ගිවිසුම අවලංගු කරන එක වඩාත් සාධාරණයි. අපේ ජාතික ආණ්ඩු "අලියා ගිලපු දිවුල් ගෙඩියක් වැනිය..." මොකුත්ම නැහැ. කටුව විතරයි. මේ ආණ්ඩුවට අද වෙනකම්ම කිසිම ප්‍රශ්නයක් සාර්ථකව විසඳගන්න බැරිවෙලා.. එයින් පිඩා විඳින්නේ මහජනතාවයි.

:       0       265

siri Monday, 03 July 2017 09:16 AM

'ආඬි හත්දෙනාගේ කැඳ හැලියට‘ මොන සාකච්ඡාද?

:       424       130

Southerner Monday, 03 July 2017 10:47 AM

ලෝක බැංකුවෙන් ණයක් අරගෙන හරි ඔය දොඩවන මන්ත්‍රීවරුන්ට දෙන්න. එතකොට එයාලා පරණ විදිහටම නිසොල්මන් වී ඔබතුමන්ලාට රට කරන්න ඉඩ දේවි. නැත්නම් සල්ලි ටිකකුත් අරගෙන පරණ ලොක්කත් එක්ක කැරලි ගසාවි...!!!

:       260       2

Chandra Saturday, 08 July 2017 01:51 AM

කොල්ලකාලා විනාශ කරපු රට එකතු වෙලා ගොඩ ගන්න. පරණ විදියට වාසියට වැඩ කලොත් නම් රට විනාසයි ඉතින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site