IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


ආණ්ඩුව ’’අයනු ආයනු’’ ඉගෙන ගන්නේ දැන්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අවුරුද්දක් ගිය පසුවත් තාමත් නව රජයෙක් කියලා හඳුන්වා ගන්නවා නම් ඔබතුමාලා බලයට ආවේ ප්ලෑන්  එකක් නැතුවදැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් මහතා:- (ඉ.ත.අ.ක) පාර්ලිමේන්තුවේදී විමසීය.

වැඩ කරන හැටි ඉගෙන ගන්නේ නැද්ද?ඒ කියන්නේ කිසිම දෙයක් දන්නේ නැතුව ඇවිල්ලා  දැන් අවුරුද්දක් ගතවෙලා කියනවා. අයන්නේ ආයන්නේ ඉඳන් දැන් ඉගෙන ගන්නේ.ඒක තමයි ඇත්ත.

සභානායක තුමා යූ.එන් රිපෝට් එක පදනම් කරගෙන කතාවක් කළා.සභානායකවරයා ඒක කියෙව්වේ විකෘති කරලා.ප්‍රතිපත්තිමය වශයෙන් බොරු කීම සහ බොරුව තුළින් ආණ්ඩු කිරීම ස්ථාවරයක් හා පදනමක් කරගෙන ඉන්න ආණ්ඩුවකින් ඒ වගේ දෙයක් වීම බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක්.රුපියල් 2138ක මුදලක් වතුකරයේ ජනතාවට පඩි වශයෙන් ලබා දෙන බව ජාතික ජන බලවේගය බලයට එන්න පෙර කිව්වා.අද කම්කරු පඩිය 1300ක් ඇති කියලා ආණ්ඩුව පිළිගෙන තිබෙනවා.

දැන් ඔබලා ආණ්ඩුවේ ඉඳලා අවුරුද්දක් ගත වෙලා.අවුරුද්දකට කලින් ඉඩම් නිදහස් කරනවා යැයි කිව්වා.ඔබලා දැන් අවුරුද්දක් පැරණි රජයක් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (5)

ආණ්ඩුව ’’අයනු ආයනු’’ ඉගෙන ගන්නේ දැන්

ගුණරත්න Friday, 22 August 2025 05:00 PM

කිසිම ලැජ්ජාවක් නැතිව පල් බොරු ඇදබාන තක්කඩි ටිකක්නේ මේ ආණ්ඩුවේ ඉන්නේ. අඩුම ගානේ තමන් කියන්නේ බොරුවක් කියලා ඔප්පු වුණාට පස්සේවත් එක පිළිගන්න තරම් හැදියාවක් නැති අය...! 

:       37       17

සමන් විමල්Saturday, 23 August 2025 09:37 AM

ආණ්ඩුව පිළිගත්තත් ඩෝබිලා නම් පිලිගන්නේ නැහැ... කොහොමත්...

:       1       3

Perera Saturday, 23 August 2025 06:57 AM

කලින් ආණ්ඩුවල හිටියේ ලැජ්ජා, බය ඇතිව වැඩ කරපු රට පට්ට විදිහට දියුණු කරපු, බොරු නොකියූ... ප්‍රතිපත්ති ගරුක, වැදගත් මහත්වරුනේ... නේද ගුණරත්න...?

:       0       1

Nadee Saturday, 23 August 2025 08:48 AM

අනේ ගුණරත්නයෝ... අවුරුදු 76ක් ඔබලාගේ උණ රටට කෙළවපු හැටි අපි දැක්කා. දැන් බොරුවට ඔබලා කීප දෙනෙක් හිතේ දුකට කෑ ගැහුවාට ඔබලාගේ අය කරපු දේවල් ඉතිහාසයෙන් මකන්න බෑ. රටම කාබාසිනියා කළා. මෙච්චර අඬන්නේ හොරකම්වල ප්‍රතිඵල ගත්තු කෙනෙක් වෙන්න ඇති.

:       0       1

ගමේ එකාලා Saturday, 23 August 2025 03:39 PM

අපි තමුන්ගේ කෙරුවාවල් ගැනත් හොන්දාකාරවම දන්නවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 569 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17388 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site