IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ශ්‍රීලනීපයට දැනුම් දෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කරන්නටනම් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනීප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවත් අයවැයට  විරුද්ධව ඡන්දය භාවිත කර පෙන්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි.

මේ බව ඒකාබද්ධ විපක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දෙනු ලැබ ඇතැයි ද වාර්තා වෙයි.

“ශ්‍රීලනීප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි. ඒ සඳහා ඔවුන් කළ යුත්තේ අයවැය පරාජය කිරිමයි. මේ 09 වැනිදා අයවැය ඡන්ද විමසීමට විරුද්ධව ඡන්දය භාවිත කර ඔවුන්ගේ අවංකභාවය පෙන්විය යුතුයි. ඊට පස්සේ පළාත් පාලන මැතිවරණයට අපිට එකට එකතුවෙලා තරග කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඉවත්වෙන්නේ නැතිනම් අපි පොහොට්ටුවෙන් තරග කරනවා “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(28) පැවැත්වු සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළැඹුණු බවද ඒ මහතා කියයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පවත්වා තිබේ.අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර්  09 දා පාර්ලිමේන්තුවේදි පැවැත්වීමට නියමිතය.
 



අදහස් (20)

ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ශ්‍රීලනීපයට දැනුම් දෙයි

ජයරත්න Tuesday, 28 November 2017 01:41 PM

ඒකාබද්ධ විපක්ෂය තමන්ට සහය දෙන ජනතාව ගොනාට අන්දන්න හදනවා. මේ අයවැයට නිදහස් පක්ෂය විරුද්ධ වුනත් පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවා. ඡන්දෙන් පස්සෙ ආයෙත් සුපුරුදු පරිදි ආණ්ඩු කරනවා. බය නැත්නම් සාකච්චා වැඩක් නැහැ. කලින් කිව්වා වගේ තනියම දිනලා පෙන්නන්න.

:       1237       1196

piyalTuesday, 28 November 2017 11:42 PM

පසුගිය ජනාධිපතිවරණයේදී එජාපය අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකළේ තනිව තරගකර පරදින බව දන්නා නිසා.

:       1       34

BamunuarachchiWednesday, 29 November 2017 09:17 AM

2005 ඉඳලා 2014 වෙනකම් එජාප කාරයෝ තනියම කළානේ. ඊට පස්සේ මොකද... අාවොත් ඇපත් නැතිව ගෙදර යන්නවෙන නිසා සිරිසේන එවලා පාර සුද්ද කර ගත්තා. දැන් ඡන්දය තියන්න බයේ ඉන්නවා. මේ සැරේ දෙන්නම් හොම්බෙන් යන්න...

:       24       141

පිටිගල මිලානෝ Tuesday, 28 November 2017 01:58 PM

මේකත් හරියට නරියා, කපුටා සහ කේජු කෑල්ල කතාව වගේ.

:       703       891

sumuth Tuesday, 28 November 2017 02:12 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අද මල් පොහොට්ටුව කියන කියන දේ කරන පක්ෂයක් වේවිද ? අනේ මන්දා

:       216       311

kapila Tuesday, 28 November 2017 02:17 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්ද කැඩිලද? ඒකාබද්ද විපක්ෂය කියන කියන විදිහට නටන්නේ. බණ්ඩාරනායකලාගේ මේවගේ දැවැන්ත පක්ෂයකට මෙහෙම වේවි කියලා කවුද හිතුවේ ..?

:       771       761

wasanth Tuesday, 28 November 2017 02:33 PM

ඩයස්පෝරා, ජාත්‍යන්තර කුමන්ත්‍රණ, එන්.ජී.ඔ, යුද්ධය, සිංහලයා, දෙසප්‍රේමීයා දෙසද්‍රෝහියා, යුද්දේ. යුද්දේ යුද්දේ. ඉස්සර විදුලි පුටුව. මේවා තමයි මේ කට්ටියගේ සටන්පාඨ. ඕවට අපේ මිනිස්සු රැවටුණු කාලයක් තිබුනා. දැන් ඉවරයි.

:       1805       1758

rohan Tuesday, 28 November 2017 02:35 PM

ශ්‍රී ලංකාවේ කාටත් එකම නීතියක් ඇත. අපි තරාතිරම නොබලා නීතියට ගරු කල යුතුය.

:       20809       1303

GihanTuesday, 28 November 2017 05:00 PM

කොහෙද ලංකාවෙ හැමෝටම නීතිය එක වුනේ.

:       227       244

deva Tuesday, 28 November 2017 02:50 PM

ඕවා නොකෙරෙන වැඩ. කට්ටියම වෙන වෙනම තරඟ කරලා තම තමන්ගේ ශක්තිය උරගා බලන්නකෝ.

:       47       245

Muah Tuesday, 28 November 2017 03:12 PM

මේවා ලොකුගේගේ කතානේ. සුසිල් කියලා තිබුනා අවසාන තීරණය නායකයෝ ගනී කියලා

:       114       242

V.warnakulasuriya Tuesday, 28 November 2017 03:57 PM

අවුරුදු හැත්තෑවක් ශ්‍රි ලංකාවේ පැවති දේශපාලනය තේරුම් ගැනීමට ජනතාවට හොඳ අවස්ථාවක් පැමිණ ඇත. ජනතාව එය තේරුම් නොගන්නේ නම් හොරුන්ගේ රාජධානියක පුරවැසියන් වීම ජනතාව විසින් සිය කැමැත්තෙන්ම තෝරා ගැනීමකි.

:       44       596

Nimal Tuesday, 28 November 2017 10:44 PM

අපේ රට කවද ඉදිරියට යයිද. අපේ මිනිස්සු මේ අයට ඡන්දයත් දෙනවා.

:       0       0

රූපසිංහ Tuesday, 28 November 2017 11:12 PM

අද දින රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට කිසිදු දේශපාලන නායකයෙක් කරන කතාවක අදහසක් රැදී නොතිබුනත් එම කතා තුල ඇත්තේ තම ඉදිරි අනාගතය වැඩිදියුණු කරගන්නේ කෙසේද යන්න නොව, එම කතා වල ඇත්තේ රටට ජනතාවට කිසිදු වැඩක් නොවන සම්ප්‍රප්ප්‍රලාපයන්ය. මෙම මන්ත්‍රීවරු හොදින් ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක පාර්ලිමෙන්තුකට යවා එහි සිදුවන්නේ මොනවාද යන්න ගැන ඇසීමට බැලීමට ඉඩ සලස්වා එම පාර්ලිමේන්තු වල පවතින ගුනානාත්මකභාවයන් පිලිබදව විනිවිද භාවයන් උකහා ගැනීමට ඉඩ ලබාදීමෙන් ඔවුන් යහ මගට ගත හැකි වනු ඇත. නැති නම් ජනතා දුක හදුනන ජනතා නියෝජිතයකු පාර්ලිමේන්තුවට යැවිය යුතුය.

:       0       0

ජගත් ලියනගේ Wednesday, 29 November 2017 12:20 AM

ඔය එක්කෙනකුටවත් අපි නං අපේ ඡන්දෙ දෙන්නේ නැහැ . විකල්පයක් කරන්නයි මෙදා පාර හිතා ගෙන ඉන්නේ .

:       0       11

janatha anura Wednesday, 29 November 2017 03:03 AM

ආණ්ඩුව තමන්ට සහය දුන් ජනතාව ගොනාට අන්දන්න හදනවා. වංචා කරලා තිබෙනවා පාක්ෂිකයන් අන්දලා තිබෙනවා කට්ටියම වෙන වෙනම තරඟ කරලා අපිට පාමංකඩ යන්න සලස්වල දෙන්න

:       0       6

pitigala Wednesday, 29 November 2017 03:05 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකත්වයේ අසරණ කමෙන් හා නොහැකියාවෙන් ඒකාබද්ධ විපක්ෂය උපරීම ප්‍රයෝජන ගනිමින් ඉන්නවා තමන්ගේ හොරු ටික ආරක්ෂා කර ගන්න.

:       40       70

vipula Wednesday, 29 November 2017 03:11 AM

පාක්ෂිකයන් හැටියට එක්සත් ජාතික පක්ෂය සමග එක්වීම අනුමත කරන්නේ නැහැ .

:       0       0

dias Wednesday, 29 November 2017 04:01 AM

රටට 3 වැනි බල වේගයක අවශ්‍ය තාවය තියෙනවා. පොහොට්ටුවේ කාර්ය බාරය හොඳට කරනවා. සුළු ජාතීන්ගේ බලපෑමට ප්‍රදාන පක්ෂ දෙකෙන් දෙදිද්දී තනියම ගමනක් යාමට හිතන එක හොඳයි.. පොහොට්ටුව තුන්වැනි ගෝ දෙවැනි බලය වෙනවාමයි. අපිට ඕනා සිංහල ගැන හිතන්නේ පක්ෂයක්.

:       19       0

Bamunuarachchi Wednesday, 29 November 2017 11:23 AM

"විකල්පයක් කරන්නයි මෙදා පාර හිතා ගෙන ඉන්නේ " විකල්ප කරන්න ගියොත් එජාප කරුවන් බලයට එනවා පරිස්සමින් වැඩ කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site