එස්. එල්. පි. එල්. තරගාවලියේදී රුහුණ රෝයල් පිල නියෝජනය කළ පාකිස්තානු තුන් ඉරියව් ක‍්‍රීඩක සහිඩ් අෆ්රිඩි සිය බිරිද රෝහල්ගත කර ඇති බැවින් තරගාවලියෙන් ඉවත්ව සියරට බලා ගිය බව එස්. එල්. පී. එල්. තරගාවලියේ ප‍්‍රධාන විධායක නිලධාරී සන්දීප් බාමර් මහතා පවසයි. නවසීලන්ත තුන් ඉරියව් ක‍්‍රීඩක නේතන් මැකලම් ද සිය බිරිඳ දරුඋපතකට සූදානම් වන නිසා නැවත සිය රට ගිය බව සන්දීප් භාමර් මහතා පවසයි. එස්.එල්.පී.එල්. තරගාවලියේ තරග තුනකදී අෆ්රිඩි කඩුලූ 2 ක් දවාගත් අතර වැඩිම ඉනිම ලෙස ලකුණු 36 ක් රැස්කළේය. ඉන්දියාවේදී ඊයේ (23) ආරම්භ වූ ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගි වීමට නවසීලන්ත කඩුලූ ක‍්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් පිටත්ව ගොස් තිබේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අෆ්රීඩි - මැකලම් ආපසු ගෙදර යති
වරුණ Friday, 24 August 2012 09:03 AM
අසාර්ථක සංවිධානයක් හා අසාර්ථක තරඟාවලියක් බැලූ බැල්මට ක්ලබ් මැච් එකක් වගේ.. (ස)
සිසිර Friday, 24 August 2012 09:07 AM
අන්තිමට අපේ අය විතරක් ඉතුරුවෙයි වගේ.. (ස)
ලාල් Friday, 24 August 2012 10:36 AM
බොහොම දුකයි අපිට (නි)
හසිත Friday, 24 August 2012 02:08 PM
මෙලෝ රහක් නැහැ. ලැජ්ජාවේ බැහැ අපේ රටට. (නි)
සුරංග Friday, 24 August 2012 02:40 PM
ඒ අයටත් ලංකාවේ ක්‍රිකට් එපා වෙලා ඇති..(ස)
වරුණ Friday, 24 August 2012 07:54 AM
තරග බලන්න ඉන්න සෙනග දැකලා ලැජ්ජා හිතුණද දන්නේ නැහැ. (නි)