හිරාන් ප්‍රියංකර ජයසිංහ
මුන්දලම මදුරන්කුලිය පිහිටි අසාර් නගර් මුස්ලිම් හැන්ස් රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ බව කියන තැනැත්තාගෙන් අද( 8 ) සවස අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනිම සිදුව ඇති බව කියයි.
කුඩා දරුවන්ට ගිනි අවි පුහුණුව ඇතුළු ත්‍රස්ත කටයුතු වල යෙදවිමේ චෝදනා එල්ල වි ඇති මෙම රාජ්‍ය නොවන සංවිධානය පිහිටි මදුරන්කුලිය අසාර් නගර් අරාබි ආගමික ස්ථානයට අප්‍රේල් 21 ප්‍රහාරය මෙහෙයවු සහරාන් හසිම් හා තඹ ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ඉබ්‍රහිම් ගේ පුතුන් දෙදෙනා අන්තවාදි දේශන පැවැත්විම සදහා සහභාගිවි වි ඇති බවට පසුගිය සති අන්තයේ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව සනාථ කර ගෙන තිබුනී.
ඒ සම්බන්ධව කල්පිටිය නගරයේදි හතරවන හරස් විදියේ පදිංචි කරුවකුද පසුගිය 3 දින අත් අඩංගුවට ගෙන තිබුනී.
අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව අත් අඩංගුවට ගත් මෙම සැකකරු ගෙන් කල ප්‍රශ්ණ කිරිම් වලදි මෙම මදුරන්කුලිය ආරබි ආගමික මධ්‍යස්ථානය තුළදි සහරාන් හසිම් ඇතුළු මරාගෙන මැරේන ප්‍රහාරය මෙහෙය වු ත්‍රස්තයින් සහභාගිවි දේශණ පැවැත්වු බව සනාථ කර තිබුනී.
මෙම සැකකරුගෙන් ලද ප්‍රශ්ණ කිරිම් අනුව මේ වන විට තොරතුරු රැසක් අනාවර්ණය කරගෙන ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව කියයි.
කෙසේ නමුත් අදාල සිදුවිම් වලට 8 දින ( අද ) අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ප්‍රකාශ සටහන් කර ගත් මෙම මුස්ලිම් හැන්ස් රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂකද සම්පුර්ණ සහාය දක්වා තිබේද යන්න මෙම ප්‍රකාශ සටහන් කර ගැනිමට හේතු වි ඇති බව වාර්තා වෙයි .
අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මෙම රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂක වරයාගෙන් ප්‍රශ්ණ කිරිමට පැමින තිබුනී.
ඒ සමගම අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ උපදෙස් මත අදාල අන්තවාදි දේශන පැවැත්වු අසාර් නගර් ආගමික මධ්‍යස්ථාන භුමියේ ගොඩනැගිල්ලකට පසුගිය 4 දින සිට විශේෂ පොලිස් ආරක්ෂාවද යොදවා තිබේ .


COMMENTS
ලංකාව නම් වූ රටේ "අසාර් නගර්" නම් වූ ගම්..
ප‍්‍රදීප්, මටත් මෙ එකපාරටම මතක් වුණේ ඒකමයි. අපි කවදාවත් අහලා නැති දේවල්.... මෙවා වෙනස් කළ යුතුයි. නැතිනම් රටෙ නම එක්සත් අරාබි ශ‍්‍රී ලංකා කියලා ඊළගට කියයි.
ශ්‍රී ලංකාවේ නගර ගම් මාර්ගයන්ගේ නම්.. දවසින් දවස අන්තවාදී විලසින් අත්පත් කරගන්න උත්සාහයක නිරතවන කල්ලියක් ක්‍රියාත්මකය .. බෞද්ධ සිද්ධස්ථාන ඉඩම් මොවුන්ගේ ඉලක්කයන්ය.. ඉපැරණි සිංහල නම් ඉවත්කර ..ආගමකට මුල් උන නම් පාරවල් නගරවලට හරවමින් ඇත .. ගමින් ගම නගරයෙන් නගරය වෙනස්කරන්නේ ලොකු අරමුණකට බව පාලකයෝ ජනතාව තේරුම් ගත්වා...
මම හිතුවේ මේ ප්‍රවෘත්තිය ලංකාවේ එකක් නොවෙයි කියලා. ඒ අය බලෙන් පටවන ප්‍රදේශයේ නම සඳහන් නොකර මුල් නම සඳහන් කිරීම මාධ්‍ය වලින් කල යුතුයි. ඇයි මේ විදිහට ප්‍රදේශවල නම් වෙනස් කරන්න මේ අයට සහාය දෙන්නේ?
මුට්වොල්, කොල්පෙටි, බම්බා, පෙටා, ෆෝර්ට්, හැව්ලොක් ආදියත් අවධානය යොමුවිය යුතු තවත් පැත්තකි.
පුත්තලම් රිෂාර්ඩ් බදුර්දීන් පාසල මුහුන්ගේ නමෙන් පාසල් නම් දාගෙන. මුහුන්ගේ බුදලෙන් ඉදිකරා වගේ පාසල් නම් දාල තියන්නේ, ගරු ජනතිපති තුමනි මෙම පාසල් නම් ඔක්කම මාරුකරලා. පුත්තලම් පැරණි මුස්ලිම් වරුන්ගේ පාසල් වලට නම දාන්න තියෙන්නේ.